දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලිපි ලේඛනවලින් ඔබ්බට ගොස් කෙටි පණිවුඩ හරහා තොරතුරු සන්නිවේදනය කාර්යක්ෂම මෙන්ම කඩිනමින් සිදු කළ හැකි වුව ද මෙවැනි පණිවුඩ සන්නිවේදනය කිරීමේදී නිවැරදි භාෂා භාවිතය සහ තොරතුරු ලබාදීම අතිශය වැදගත් වේ. ඊට හේතු වන්නේ ඒ ඔස්සේ සමාජය පහසුවෙන් නොමඟ යා හැකි බැවින්. මේ එලෙස පණිවුඩ සන්නිවේදනයේදී සිදුව ඇති සමාජ නොමග යාමක් පිළිබඳව අප කළ විමසා බැලිමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘කැලණි බාහිර උපාධිය සඳහා ඔබ සුදුසුකම් ලබා ඇත. දැනුවත් කිරීමේ දේශනයට එකතු වන්න’ යනුවෙන් සඳහන් කරමින් යොමු කර ඇති මෙම කෙටි පණිවුඩයේ 0712173232 යනුවෙන් WhatsApp අංකයක් ද සඳහන් කර ඇත.
මෙම කෙටි පණිවුඩය ලාභියා පවසා ඇත්තේ, තමන් මීට අදාළව කිසිවක් සිදු කර නොමැති නමුත් මෙවැනි පණිවුඩයක් තමන්ට ලැබී ඇති බවත් ය. එකී පණිවුඩය සහිත කෙටි පණිවුඩයේ ඡායාරූපයක් ෆේස්බුක් වෙත මුදාහරිමින් විමසා ඇත්තේ, මෙය සත්‍යක් ද? එසේත් නොමති නම් ව්‍යාජ පණිවුඩයක් ද යන්නයි.
එම තේමාවෙන්ම පළ වී තිබූ තවත් සටහනක් මේ. Facebook
මෙම කෙටි පණිවුඩය සහිත සමාජ මාධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව විමසා ලද ඉල්ලීම් ද අපට ලැබුණා.

අප මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කොටි පණිවුඩය සහිත සමාජ මාධ්‍ය සටහන් නිරීක්ෂණය කිරීමේදී එකවර හැඟී යන්නේ, කැලණි විශ්වවිදයාලයේ බාහිර උපාධිය සඳහා අයදුම්කරුවෙකු හෝ අයදුම්කාරියක සුදුසුකම් ලබා ඇති බවත් ඒ පිළිබඳ දැනුවත් කරමින් එම විශ්ව විද්‍යාලය විසින් යොමු කරන ලද පණිවුඩයක් බවත් ය.
ඒ අනුව අප මුලින්ම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පිරිනමනු ලබන දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ (CENTRE FOR DISTANCE AND CONTINUING EDUCATION
UNIVERSITY OF KELANIYA) නිල වෙබ් අඩවිය පරීක්ෂාවට ලක් කළේ ය. එහෙත් ඉකුත් සති හෝ මාස දෙක තුනක කාලයක් ඇතුළත නිකුත් කරන ලද බාහිර උපාධි සඳහා සුදුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුවක් එහි පළ කර නොතිබිණ. එහි දැකගත හැකි වූයේ, 2024 ජනවාරි 31 වනදා පළ කරන ලද ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව – 2024 සඳහා තෝරා ගත් නම් ලැයිස්තුවයි.

තව ද 2025 අධ්‍යන වර්ෂය සඳහා පාඨමාලා 4ක් යටතේ මේ දිනවල නව අයදුම්පත් කැඳවා ඇති බව එම වෙබ් අඩවියේ මෙලෙස සඳහන්ව තිබුණා.

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ලද දැන්වීමක සඳහන්ව ඇත්තේ, 2025.11.20 සිට උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකි බවත් එකී අයදුම්පත් භාර ගැනීම 2025.12.31 වැනිදායින් අවසන් වන බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ, කැලණි බාහිර උපාධිය සඳහා ඔබ සුදුසුකම් ලබා ඇත. දැනුවත් කිරීමේ දේශනයට එකතු වන්න. යනුවෙන් ලැබී ඇති කෙටි පණිවුඩය, කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා සුදුසුකම් ලබා ඇති බවට එම විශ්වවිද්‍යාලය විසින් යොමු කරන ලද නිල පණිවුඩයක් නොවන බවයි.
දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය – කැලණිය විශ්වවිද්‍යාලය
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කෙටි පණිවුඩය සහිත සටහන පිළිබඳව අප කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයෙන් විමසීමක් ද සිදු කළා. එම කේන්ද්‍රය සඳහන් කළේ, අදාළ දුරකතන අංකය විශ්වවිද්‍යාලයේ අංකයක් නොවන බවයි. මේ දිනවල බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත් අයදුම්පත් කැඳවීම අවසන් වන්නේ, එළඹෙන දෙසැම්බර් 31 වනදායින් වන බවත් ඔවුන් සඳහන් කළා.
සමාජ මාධ්‍ය සටහන්වල පැවසෙන ආකාරයේ දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය වැඩිදුරටත් කියා සිටියා. තවද අයදුම් පත් කැඳවීමේ දැනුම්දීමට අමතරව අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යලය මගින් මේ දිනවල කිසිදු දැනුම්වත් කිරීමක් සිදු නොකරන බව ද පැවසුවා.
අයදුම්පත් භාර ගැනීමෙන් පසු සිදුවන ක්‍රියාවලිය
අයදුම්පත් යොමු කරන ලද සිසුන් අතරින් තෝරා ගනු ලබන උපාධි පාඨමාලා සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ පළ කරන අතර, ඉන්පසුව පළමු වාරිකය ගෙවා ලියාංපදිංචි වීම සඳහා ඔවුන්ට කාලයක් ලබා දෙන බව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය සඳහන් කර සිටියා.
ඒ අතරින් ලියාපදිංචි වූ සිසුන් සඳහා පවත්වන නම්නීකරණ වැඩසටහනේදී (Orientation programme) (LMS) ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට පිවිසිමට අවශ්‍ය කරන මුර පද සිසුන්ට ලබා දෙයි. දේශකයින් විසින් පාඨමාලවට අදාළව පටිගත කරන ලද දේශන LMS වෙත උඩුගත කරන අතර සිසුන්ට ඒ හරහා අධ්‍යන කටයුතු කළ හැකි බව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව පැහැදිලි වන්නේ, සමාජ මාධ්‍ය සටහන්වල ඇති දුරකතන අංකය කැලණිය විශ්වවිද්‍යාලයේ අංකයක් නොවන බවත් මේ දිනවල කිසිදු ආකාරයකින් අයදුම්කරුවන් දැනුම්වත් කිරීම විශ්වවිද්‍යාලය මගින් සිදු නොකරන බවත් ය.
මේ නිසා සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන දුරකතන අංකය ඇමතීමට අප පියවර ගත්තේ එහි වැඩිදුර විස්තර ලබාගැනීමටයි.
කැලණි බාහිර උපාධි ආයතනය ලෙස ලියාපදිංචි වී ඇති පුද්ගලික ආයතනයක්!
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සඳහන් දුරකතන අංකය අමතා මේ පිළිබඳව විමසීමක් සිදු කළ අතර ඒ අනුව අදාළ පාර්ශවය සඳහන් කර සිටියේ මෙම අංකය කැලණි බාහිර උපාධි (Kelani External Degree Institute) ලෙස හැඳින්වෙන පුද්ගලික ආයතනයේ WhatsApp අංකයක් බවත් තම ආයතනය මගින් මෙම කෙටි පණිවුඩය යොමු කර ඇති බවත් ය.
කැලණිය විශ්විවිද්‍යාලයට ආසන්නව පිහිටි සිය ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ, බාහිර උපාධි දේශන පවත්වනු ලබන ආයතනයක් බවත් ‘කැලණි’ යන නමට තම ආයතනයට Trade mark ඇති බවත් එය භාවිත කර Message ID එක ලබා ගෙන ඇති බවත් එහි කළමනාකරවරයා ප්‍රකාශ කළා.
දේශනයට පැමිණි පසු විෂය මාලාව පිළිබඳව සිසුන් දැනුවත් කරන බවත් එහිදී රු. 2000/= අයකරන බවත් අදාළ කළමනාකාරවරයා සඳහන් කළා. ඉන් රු.1000/= ක් ආයතනයේ ලියාපදිංචි ගාස්තුව ලෙසත් ඉතිරි රු.1000/= ක මුදල අදාළ සිසුවා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරවීම සඳහා අය කර ගන්නා බවයි. බාහිර උපාධිය සඳහා ලියාපදිංචිවීමේදී අන්තර්ජාල ප්‍රශ්න සහ ලියාපදිංචිවන ආකාරය පිළිබඳ නොදැනුවත්කම නිසා වැනි කරුණු නිසා සිසුන් වෙනුවෙන් එම මැදිහත්වීම සිදු කරන බව අදාළ කළමනාකරණවරයා කියා සිටියා. පසුව විශ්විවද්‍යාලය මගින් දේශන ආරම්භ කළ පසු සිය ආයතනය ද සිසුන් වෙනුවෙන් බාහිරව දේශන පැවැත්වීම සිදුකරන බව ඔහු සඳහන් කළා.
මේ වන විට වසර ගණනාවක් පුරා දහස් සංඛ්‍යාත බාහිර උපාධිධාරීන් සංඛ්‍යාවක් තම උසස් අධ්‍යාපන ආයතනය විසින් බිහිකර ඇති බව ඇතුළු ඔවුන්ගේ විස්තර සඳහන් කරමින් ඔවුන් පළකර තිබු වීඩියෝවක් මෙතනින්.
උසස් පෙළ සමත් කෙනෙකු අනිවාර්යෙන්ම බාහිර උපාධි සඳහා සුදුස්සෙකු වන බැවින් එලෙසින් උසස් පෙළ සමත් සිසුන් ඇතුළත්ව ඇති තමන්ගේ ආයතනයේ ඇති දත්ත පද්ධතියක් හරහා හඳුනාගෙන ඔවුන්ට අදාළ දේශන සඳහා සහභාගී වන ලෙස දන්වමින් මෙම පණිවුඩය යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව තම දත්ත පද්ධතියේ සිටින සිසුන්ට, ආයතනයේ විවිධාකාරයේ දැන්වීම්, යොමු කරන බවත් ඔහු සඳහන් කළා.
එසේම අප මෙහි වෙබ් අඩවිය සහ සමාගම් ලියාපදිංචිය ඇතුළු කරුණු පරික්ෂා කිරීමේ දී එය පුද්ගලික ආයතනයක් ලෙස (Private Limited) ලියාපදිංචි වී ඇති ආයතනයක් බවත්, පැහැදිලි වෙනවා.

මෙම ආයතනය මගින් උපාධි පිරිනැමීමක් සිදු නොකරන අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් පිරිනමන බාහිර උපාධියට අදාළව සිසුන්ට අවශ්‍ය කරන දැනුම ලබාදීම සඳහා වන දේශන පැවැත්වීම පමණක් සිදු කරනු ලබයි. තම ආයතනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් නොවන බවත්, දේශන පමණක් පවත්වනු ලබන පෞද්ගලික ආයතනයක් වන සිය ආයතනය විභාග පැවැත්වීමක් හෝ උපාධි ප්‍රදානයන් සිදු නොකරන බව ද ඒ සියලු දේ සිදුවන්නේ, විශ්වවිද්‍යාලය හරහා පමණක් බව ද එම ආයතන ප්‍රකාශ කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ‘කැලණි බාහිර උපාධිය සඳහා ඔබ සුදුසුකම් ලබා ඇත. දැනුවත් කිරීමේ දේශනයට එකතු වන්න.’ යන පණිවුඩය කැලණිය විශ්වවිද්‍යාලය විසින් යොමු කරන ලද කෙටි පණිවුඩයක් නොවන බවත් එය කැලණි බාහිර උපාධි ආයතනය නමැති කැලණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ නොවන ඒ ආසන්නයේ පිහිටි පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් විසින් යොමු කරන ලද පණිවුඩයක් බවයි.
කෙසේ වෙතත් කැලණිය විශ්වවිද්‍යාලයේ 2025 අධ්‍යන වර්ෂය සඳහා අයදුම්පත් භාර ගැනීම අවසන් වන්නේ, එළැඹෙන 31 වන අතර තෝරාගත් අයදුම්කරුවන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්නේ ද ඉන් අනතුරුවයි.
Title:බාහිර උපාධියට සුදුසුකම් ලැබූ බව දන්වමින් කැලණිය විශ්වවිද්‍යාලය යොමු කළ පණිවුඩයක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Insight


