දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
යම් යම් කරුණු පදනම් කරගනිමින් රජය විසින් නිකුත් කරනු ලබන නිවේදන හා සම්බන්ධයෙන් මහජනතාව උනන්දුවක් දක්වන අතර සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ අදාළ නිවේදන ජනතාව අතරට ගෙනයනු ලබයි. රජයේ නිවේදනයක් කියු සැනින් දෙවරක් නොසිකා ඒවා පිළිගැනීමට ජනතාව ක්‍රියා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මේ එලෙස රජයේ නිවේදනයක් බව කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රජය විසින් නිකුත් කරන ලද නිවේදනයක් ලෙස ප්‍රකාශ කරමින් කරමින් පළ කරන ලද මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, ග්‍රාම නිලධාරීවරුන්ගේ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා නිල දුරකථන අංක රජය විසින් නිවේදනය කර ඇති බවයි. තව ද මහජනතාවගේ ප්රයෝජනය සඳහා මෙම තොරතුරු බෙදා හරින ලෙස ද එහි සඳහන් වේ.
දීර්ඝ විස්තරයක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පහතින්.
රජයේ නිවේදනය | ග්රාම නිලධාරී (GS) සම්බන්ධ අක්රමිකතා – කඩිනම් පැමිණිලි ක්රියා පටිපාටිය
ග්රාම නිලධාරී (GS)වරයෙකුගේ ක්රියාවන් හේතුවෙන් පීඩාවට පත් මහජනතාවට වහාම සම්බන්ධ කරගත යුතු නිල රජයේ දුරකථන අංක රජය විසින් නිවේදනය කර ඇත.
සම්බන්ධ විය යුතු දුරකථන අංක:
1905
ජනාධිපති ලේකම් කාර්යාලය:
011 235 4354
011 235 4655
011 248 4500 / 600 / 700
පැමිණිල්ලක් කිරීමේදී සැපයිය යුතු විස්තර:
ග්රාම නිලධාරීවරයාගේ නම
ඔහු සේවය කරන ග්රාම සේවා වසම
අදාළ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
දිස්ත්රික්කය
ඔබ පීඩාවට පත් වූ ආකාරය පිළිබඳ විස්තර හෝ
– ග්රාම නිලධාරීවරයා හරහා නිර්දේශිත බව කියන වංචාකාරී ගෙවීම් / අක්රමිකතා සම්බන්ධ තොරතුරු
භාෂා පහසුකම්:
ඔබේ පැමිණිලි භාෂා තුනෙන්ම (සිංහල, දෙමළ, ඉංග්රීසි) ලියාපදිංචි කළ හැක.
රජයේ සහතිකය:
කිසිවෙකුගෙන් අයැද සිටීමට අවශ්ය නැත. පළමුව, ඔබට වගකිව යුතු ග්රාම නිලධාරීවරයාගෙන් ඔබේ අයිතිය ඉල්ලන්න. වරද දිගටම සිදුවන්නේ නම්, ඉහත සඳහන් රජයේ දුරකථන අංක භාවිතයෙන් කෙලින්ම පැමිණිලි කරන්න.
ඔබේ අයිතිවාසිකම් සඳහා යුක්තිය ප්රමාදයකින් තොරව ඉටු වන බවට රජය සහතික වෙයි.
මහජනතාවගේ ප්රයෝජනය සඳහා කරුණාකර මෙම තොරතුරු බෙදා හරින්න.

තවදුරටත් ඉහත පණිවුඩය ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ ආකාරය මෙතැනින් | Archived Link, මෙතැනින් | Archived Link සහ මෙතැනින් | Archived Link
මෙම සමාජ මාධ්‍ය සටහන අදාළ දුරකන අංක ද සහිතව Instagram ඔස්සේ පළ වී තිබූ ආකාරය මෙතැනින්| Archived Link සහ මෙතැනින් | Archived Link
මේ අතර අදාළ නිවේදනය සහිත සමාජ මාධ්‍ය සටහන සත්‍ය නිවේදනයක් ලෙස උපකල්පනය කරමින් විශාල පිරිසක් හුවමාරු කර ගෙන තිබූ අතර තවත් විශාල පිරිසක් අදහස් පළ කර තිබුණා.

සත්‍ය ලෙසම රජය විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබේ ද යන්න පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
රටට බලපෑ ආපදා තත්ත්වයෙන් පසු මේ වනවිට පීඩාවට පත් ජනතාවට ආපදා වන්දි ගෙවීම් ඇතුළු සහන සැලසීමේ ක්‍රියාදාමයේදී ග්‍රාම නිලධාරීවරුන් සුවිශේෂි කාර්යභාරයක් සිදුකරන අතර ඒ නිසාම මේ දිනවල ග්‍රාම නිලධාරීන් පිළිබඳ නිරතුරව මාධ්‍ය ඔස්සේ ද පුවත් පළ වේ. ආපදා සහන සැලසීමේදී ග්‍රාම නිලධාරීවරුන්ට දේශපාලන බලපෑම් ඇති බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
මේ අතර අතැම් ප්‍රදේශවල ජනතාව ග්‍රාම නිලධාරීවරුන් ආපදා තත්ත්වය පරීක්ෂා කිරීමට හෝ නොපැමිණි බවට මෙලෙස චෝදනා කර තිබුණා. මේ අතර පසුගිය 12 වැනිදා දිවයින වෙබ් අඩවියේ ග්‍රාම නිලධාරීන්ගෙන් අසාධාරණයක් වනවා දැයි පොලිසිය අවධානයෙන් – ඇමති ආනන්ද විජේපාල | Archived Link යන ශීර්ෂයෙන් පළ වී තිබූ පුවතක දැක්වුණේ, ගංවතුර ආධාර බෙදාදීමේදී ග්‍රාම නිලධාරීන්ගෙන් අසාධාරණයක් සිදුවන්නේ දැයි පොලිසිය දැඩි පරීක්ෂාවෙන් සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළ බවයි. රජය විසින් ග්‍රාම නිලධාරීවරුන් හා සම්බන්ධ අක්‍රමිකතා දැනුම් දීම සඳහා වන නිවේදනයක් බව කියමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වන්නේ එවන් වටපිටාවක් තුළදී වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් රජය මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුණේ නම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ඒ සඳහා ප්‍රමුඛත්වයක් දී වාර්තා කර තිබිය යුතු වුවත් අප සිදු කළ පරීක්ෂාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ නිවේදනයක් පිළිගත් කිසිදු මාධ්‍යක් ඔස්සේ වාර්තා කර නොමැති බව තහවුරු විය.
ඒ අනුව අප සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් දුරකතන අංක සත්‍ය ලෙසම ජනාධිපති ලේකම් කාර්යාලයේ දුරකතන අංක ද යන්න පිළිබඳව විමසා බැලීමට පියවර ගත්තා. අප රාජ්‍ය තොතරතුරු කේන්ද්‍රයෙන් එම අංකය පිළිබඳව විමසීමක් සිදුකළ අතර එම කේන්ද්‍රය පැවසුවේ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධ අල්ලස් දූෂණ චෝදනා පිළිබඳ පැමිණිලි දැනුම්දීම සඳහා වන 1905 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදුන් අංකයක් බවයි. අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද එය සිය අමාත්‍යාංශයේ අංකයක් බව තහවුරු කළා. 0112166000 යන අංකය හරහා ද, රජයේ නිලධාරීන් ඇතුළු ග්‍රාම නිලධාරීන් සිදුකරන ලද අල්ලස් හෝ දූෂණ සම්බන්ධ පැමිණිලි කළ හැකි බව පැවසුවා.
අදාළ ක්ෂණික දුරකතන අංකය 2022 වසරේදී හඳුන්වා දෙනු ලැබූ අංකයක් බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. එම පුවත් වාර්තාවලට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් සිදු කරනු ලබන අල්ලස් හෝ දූෂණ ක්‍රියාවන් පිළිබඳ පැමිණිලි මෙම අංකයට යොමු කළ හැකියි.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් අනෙකුත් දුරකතන අංක අතරින් 011 235 4354 අංකය සිය කාර්යාලයේ දුරකතන අංකයක් බව අප කළ විමසීමේදී ලේකම් කාර්යාලය ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් එම කාර්යාලය පැවසුවේ, අදාළ දුරකතන අංකය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යක් බවත් රජය එවැනි දුරකතන අංක ඇතුළත් කරමින් නිවේදනයක් නිකුත් කර නොමැති බවත් ය.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් 011 235 4655 අංකය භාවිතයේ නොමැති දුරකතන අංකයකි.

මේ අතර සටහනේ සඳහන් 011 248 4500 / 600 / 700 දරන දුරකතන අංක මුදල් අමාත්‍යාංශයේ දුරකතන අංක බව පැහැදිලිව දැකගත හැකි අතර අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී ද ඒ බව තහවුරු විය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් ජනාධිපති කාර්යාලය දැනුම් දෙන්නේ, ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන පුවත සාවද්‍ය පුවතක් බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළ අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ව්‍යාජ සටහනක් බවයි. රජය එවැනි නිවේදනයක් නිකුත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය ද තහවුරු කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණ විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ග්‍රාම නිලධාරීන් සම්බන්ධ අක්‍රමිකතා පැමිණිලි කිරීමේ සඳහා රජය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව කියමින් සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් රජයේ නිල නිවේදනයක් සහිත සටහන් නොවන බවත් එම සටහන රාජ්‍ය ආයතන කිහිපයක දුරකතන අංක ඇතුළත් කරමින් සකසන ලද ව්‍යාජ සටහන් බවයි.
Title:‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්රමිකතා – කඩිනම් පැමිණිලි ක්රියා පටිපාටිය’ නමින් රජය නිවේදනයක් නිකුත් කළාද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


