දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්වල සත්‍ය තොරතුරු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා පළ කරමින් සමාජය නොමග යැවීමට දරණ අසාර්ථක උත්සායහන් පිළිබඳ නිරතුරුව තොරතුරු වාර්තා වේ. මේ එලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීමක් අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක්
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක් පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබුණා. ඒ වුණාට නාට්‍ය හොඳයි. යනුවෙන් සඳහන් කරමින් පළ කරන ලද මෙම සටහනෙන් කියා පෑමට උත්සාහ දරා ඇත්තේ, පසුගිය දා ලග්ගල සුරක්ෂිතතා මාධ්‍යස්ථානයකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට විරෝධයක් එල්ල වීම සහ මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම හමුවේ විරෝධය එල්ල කළ තරුණයා නිහඬ වීමේ සිදුවීමේ තරුණයා මන්ත්‍රීවරයාගේ පාර්ශවයේම කෙනෙකු බවත් එය ඔවුන් සිදු කරන ලද රඟපෑමක් බවත් කියා පෑමටයි. එහි මන්ත්‍රීවරයාට විරෝධය පෑ තරුණයා රමේෂ් සිල්වා නම්, නාමල් රජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතෙකු ප්‍රකාශ කරන්නේ විරෝධය පෑ තරුණයාගේ ඡායාරූපයක් සහ රමේෂ් සිල්වා නමැත්තා නාමල් රාජපක්ෂ සහ බිරිඳ සමග සිටින අයුරු දැක්වෙන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් සංසන්දනාත්මකව ඉදිරිපත් කරමිනි.

අදාළ සිදුවීම රඟපෑමක් බවට කියමින් තවත් සටහන් කිහිපයක් මෙලෙස පළ වී තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link
මේ අතර තවත් සමාජ මාධ්‍ය සටහනකින් ප්‍රකාශ කර තිබුණේ, නාමල් රාජපක්ෂ සමග ලග්ගලදී බහින්බස්වීම ඇති කරගෙන පසුව සමථයට පත්වූ තරුණයා නිල් බලකායේ තරුණයෙකු බවත් මෙම සිදුවීම කලින් සැලසුම් කරන ලද්දක් බවත් ය. අදාළ තරුණයා 2015 වසරේ නාමල් රාජපක්ෂ සමග සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ද මෙම සටහනට යොදා ගෙන තිබුණා.

නාමල් රාජපක්ෂ මහතාට විරෝධයා පෑ කියන තරුණයා බව කියමින් විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප සහිතව සටහන් පළ වී තිබීම සහ මෙහි සත්‍යතාව විමසා අප වෙත ලද ඉල්ලීම් ද සලකා මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට පියවර ගත්තා.
Factට Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව පසුගිය 17 වැනිදා ලග්ගලදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට විරෝධය එල්ලවූ සිදුවීමට අදාළව පිළිගත් මාධ්‍ය වාර්තා දෙස අප මූලිකවම අවධානය යොමු කිරීමට පියවර ගත්තා. මාධ්‍ය රැසක්ම අදාළ සිදුවීම දර්ශන සහිතව වාර්තා කර තිබූ අතර Hiru NEWS වාර්තා කර තිබුණේ, විරෝධය එල්ල කළ තරුණයා ජාතික ජනබලවේග මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ ඥාතියෙකු බවයි. Ada Derana පුවත් වාර්තා කර තිබුණේ, මන්ත්‍රීවරයාට විරෝධය පෑ තරුණයා ජාතික ජනබලවේග පාක්ෂිකයෙකු බවයි.
නාමල් රාජපක්ෂ සමග බහින්බස්වීමක් ඇති කර ගත්තේ රමේෂ් සිල්වාද?
මේ අතර සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි ලග්ගලදී නාමල් රාජපක්ෂට විරෝධය පෑ තරුණයාගේ පෙනුම සහ එය රඟපෑමක් බව කියමින් සටහන් සඳහා යොදා ගනෙ ඇති රමේෂ් සිල්වා නමැත්තාගේ පෙනුම අතර බැලූ බැල්මට සමාන බවක් නොපෙන්වන අතර ඒ අනුව අප රමේෂ් සිල්වා නමැත්තාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා. එහිදී තමාගේ ඡායාරූපය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය සටහන්වලට එරෙහිව පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවට පළ කරන ලද සටහනක් දැකගත හැකි විය.
ඔහු පැමිණිලි ලදුපතේ පිටපතක්, සිදුවීමට මුල් වී ඇත්තේ තමන් බවට කියමින් පළ කර ඇති සාමාජ මාධ්‍ය සටහනක් සහ සිදුවීම සැබෑ ලෙසම මැදිහත් වූ බව කියන තරුණයා ජාතික ජනබලවේග පාක්ෂිකයා බව පවසන පුද්ගලයාගේ ඡායාරූපයක් ද සමගින් මෙම සටහන පළ කර තිබුණා.

මේ අතර රමේෂ් සිල්වා ෆේස්බුක් සජීවි වීඩියෝවක් ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ, නාමල් මන්ත්‍රීවරයා ලග්ගල ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ තමන් ද එහි ගොස් සිටි බවයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, එම ස්ථානයේ මන්ත්‍රීවරයාට විරෝධය එල්ල කළ පුද්ගලයා ජාතික ජනබලවේග පාක්ෂිකයෙකු බවයි.
ඒ අනුව අප මෙම ස්ථානයේ දර්ශන සමීපව නිරීක්ෂණය කිරීමේ දී රමේෂ් සිල්වා නමැති පුද්ගලයා එහි සිටින අයුරු තහවුරු කර ගත හැකි විය.

වෙනත් කෝණයෙන් පළ වූ රමේෂ් සිල්වා සහ NPP පාක්ෂියා එකම රූප රාමුවේ සිටින වීඩියෝවක් පහතින්.
මේ අතර තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු නාමල් රාජපක්ෂ සමග බහින්බස්වීමක් ඇති කර ගන්නා තරුණයා සහ රමේෂ් සිල්වා යන දෙදෙනාම පෙනී සිටින දර්ශනයක් ෆේස්බුක් වෙත මුදා හැර තිබුණේ මේ අයුරිනි. මේ අනුව පැහැදිලි වන්නේ ද රමේෂ් සිල්වා නමැත්තා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ලග්ගලදී බහින්බස්වීමක් ඇති කර ගත් තරුණයා නොවන බවයි.
නාමල් රාජපක්ෂ සමග බහින්බස්වීම ඇති කර ගත්තේ නිල් බලකායේ තරුණයෙක් ද?
මේ අතර ලග්ගලදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් ඇති කර ගත්තේ, 2015 වසරේ නිල් බලකායේ සිටි තරුණයෙකු බවට පළ වී තිබූ සටහන්වල නිර්වද්‍යතාව විමසා බැලීමට ද අප පියවර ගත්තා. සිදුවීමට අදාළ තරුණයාගේ ඡායාරූපය යොදා ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය වේදිකාවේ පළ වූ අදහස්වලින් ප්‍රකාශ වී තිබුණේ විමුක්ති සේනානායක නම් අදාළ තරුණයා 2019 වසරේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඒ පිළිබඳව සටහනක් තබමින් ඔහුගේ මිතුරෙකු ඒ බව මෙලෙස ප්‍රකාශ කර තිබුණා. තවත් ෆේස්බුක් සටහනක දැක්වුණේ, අදාළ සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගෙන ඇති තරුණයා මීට වසර 7කට පෙර රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බවයි. ඒ අනුව අප විමුක්ති සේනානායකගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර එහිදී ද පැහැදිලි වූයේ, 2018 වසරින් පසු ඔහුගේ ගිණුම් යාවත්කාලීන වී නොමැති එය Memorialized Account එකක් බවට පත් කර ඇති ආකාරය දැකගත හැකියි. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ පාක්ෂිකයෙකු බව ඔහුගේ ගිණුම පරීක්ෂාවේදී පැහැදිලි විය.

මේ අනුව ද පැහැදිලි වන්නේ, නාමල් රාජපක්ෂ මහතා සමග ලග්ගලදී බහින්බස්වීමක් ඇති කර ගත් බව කියමින් පළ කරන ලද එම සටහන් ද අසත්‍ය ඒවා බවයි.
නාමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධව අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කළා. මන්ත්‍රීවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්‍ය බවත් තරුණයින් දෙදෙනා ලග්ගල සිදුවීමට කිසිදු සම්බන්ධයක් ද නොමැති බවත් ය.
තවද එක් සමාජ මාධ්‍ය සටහන්ව සිටින විමුක්ති සේනානායක 2018 වසරේ ජීවිත්ක්ෂයට පත්වූ පාක්ෂිකයෙකු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ජාතික ජනබලවේග මාධ්‍ය අංශය
මේ අතර ජාතික පසුගිය 17 වැනිදා ලග්ගල සුරක්ෂිතා මධ්‍යස්ථානයකදී ඇති වූ සිද්ධිය පිළිබඳව අප ජාතික ජන බලවේගයෙන් ද විමසීමක් සිදු කළා. මාධ්‍ය අංශය සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතා සමග සංවාදාත්මක තත්ත්වයක් ඇති කර ගත් තරුණයා ජාතික ජනබලවේගයේ පාක්ෂිකයෙකු බවත් ඔහු නමින් සිසිර කුමාර බව ත් ය. FB

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, ලග්ගල අඳාවල උඩගම විහාරස්ථානයේ පිහිටුවා තිබූ සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ රඳවා සිටින අවතැවන් ජනතාව හමුවීමට ගිය අවස්ථාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග උණුසුම් සංවාදයක් ඇති කර ගත් තරුණයින් බව සහ එය රඟපෑමක් බව කියමින් සංසරණය වූ සටහන් ව්‍යාජ ඒවා බවයි. පසුගිය 17 වැනිදා වාර්තා වූ එම සිදුවීමේදී මන්ත්‍රීවරයා සමග උණුසුම් සංවාදයක් ඇති කරගෙන තිබුණේ, ජාතික ජනබලවේග පාක්ෂිකයෙක්.
Title:නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: False


