බාල බෙහෙත් ගැන වෛද්‍ය චමල් සංජීවගේ අදහස් පක්ෂයේ මතය නොවන බවට සජබෙන් නිවේදනයක්?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දේශපාලන පක්ෂ වලින් යොමු කරන නිවේදන, ප්‍රකාශ ව්‍යාජ ලෙස සකස්කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සුලබව දක්නට ලැබෙන කරුණකි. ඒ ආකාරටයන් පළ වූ සමාජ මාධ්‍ය සටහනක් සත්‍ය කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දීය බාල ඖෂධ සහ එම ඉන්දීය ඖෂධ ගෙන්වීම නතර කිරීම පිළිබඳ මෑතකදී මාධ්‍ය වෙත සිදු කර තිබූ අදහස් දැක්වීම සමගි ජන බලවේගය පක්ෂයේ නිල මතය නොවන බවත් එම අදහස් දැක්වීමේදි මතු කර තිබූ කරුණු වෛද්‍ය චමල් සංජීව මහතාගේ පෞද්ගලික මතය බවත් සඳහන් කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කළ බවට හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link  Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

පසුබිම

ඉන්දියානු ඖෂධ සමාගමකින් ගෙන්වන ලද තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති මතභේදාත්මක කෝ ඇමොක්සික්ලිව් එන්නත Co-Amoxyclave Injection (ප්‍රතිජීවක ඖෂධ) නැවත භාවිතය සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය මගින් රෝහල් වෙත උපදෙස් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කර තිබුණා. එම අවස්ථාව මෙතනින්.

එමෙන්ම එන්නත් කුප්පි තුළ බැක්ටීරියා විස අඩංගු බවට සැක මතුව ඇති බාල වමනය එන්නතක් බව කියන  ‘ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත’ (Ondesterone injection) නිෂ්පාදනය කර ඇත්තේ ද දැනට විමර්ශනයට ලක්වෙමින් පවතින  මාන් ඖෂධ සමාගම (Maan Pharmaceuticals) නම් මෙම සමාගමෙන්ම බව ද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

බාල එන්නතක් බව කියන ඔන්ඩෙන්සෙට්‍රෝන් නමැති එන්නත ලබා දීමෙන් හබරකඩ සහ මතුගම තරුණියන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇති බවට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ද, ඉන් පිටත ද, කතා බහට ලක් කළ කාරණයක් වනවා. එවන් පසුබිමක සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන වෛද්‍ය චමල් සංජීව මහතා ද, බාල ඖෂධ ගෙන්වූ බව කියන සිදුවීමට එරෙහිව කතා කිරීමේදී ඔහුගේ මතය පක්ෂයේ මතය නොවන බවට නිවේදනයක් නිකුත් කර තිබීම පුදුමයට කරුණක් බැවින් අප මේ පිළිබද පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

නිවේදනයක් මාධ්‍ය වෙත යොමු කර නැහැ

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති නිවේදනය ආකාරයෙන් නිවේදනයක් සමගි ජනබලවේග මාධ්‍ය කණ්ඩායම විසින් මාධ්‍ය වෙත නිවේදනයක් යොමු කර නොතිබුණි. අප මාධ්‍ය ආයතනයට ද, සමගි ජන බලවේගයේ ඒ ආකාරයේ නිවේදනයක් යොමු නොකොට තිබූ බැවින් අප වෙනත් මාධ්‍ය ආයතන කිහිපයකින් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ නිවේදනයක් එම මාධ්‍ය අංශයෙන් යොමු කර නොමැති බවයි.

සජබ මාධ්‍ය අංශය

අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා සජබ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුක් සඳහන් කරේ මේ පුවත අසත්‍ය බව ත්, ප්‍රේමදාස මහතා විසින් වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් එවැනි නිවේදනයක් යොමු නොකළ බවයි. වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් කතා කිරීම වෙනුවෙන් ලබාදිය හැකි ශක්තිය සමගි ජනබලවේගයේ සියලු දෙනා සහය දක්වන බව ත්  ඔවුන් පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ, සජප නිවේදන ආකෘතියට නිර්මාණය කර ඇති ව්‍යාජ පුවත් ලිපියකි.

එම මාධ්‍ය අංශයෙන් මෙය අසත්‍ය තොරතුරක් බවට දක්වමින් මාධ්‍ය නිවේදනයක් යොමු කොට තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙය ව්‍යාජ ලෙස සකසා ඇති නිවේදනයක් බවට වෛද්‍ය චමල් සංජීව විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook

ඔන්ඩැන්සෙට්‍රෝන්එන්නත ගැටලුව

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබුණා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් මෙම සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවයි.

එන්නතේ කාණ්ඩ කිහිපයක් භාවිතය අත්හිටුවනු ලැබුවේ එහි විෂබීජයක් ඇතැයි සැක මතුවීම සහ රෝහල් කිහිපයකින් පැමිණිලි ලැබී තිබේ.

‘ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතකි.

එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතයට ගැනේ.

නමුත් ඔන්ඩැන්සෙට්‍රෝන් නමැති එන්නතේ කාණ්ඩ හතරක් මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට ලිඛිතව නියෝග කර තිබුණි. ඒ පසුගිය දෙසැම්බර් 12 වැනිදාය.

එලෙස මෙම එන්නත අත්හිටුවීමට නියෝග කර තිබුණේ එන්නතේ සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් සමගින්ය. මේ පිළිබඳ වාර්තා කර තිබූ මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

භාවිතයෙන් ඉවත්කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නතේ අදාළ කාණ්ඩ වහාම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙස එන්නත නිෂ්පාදනය කළ මාන් ඖෂධ සමාගම ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙන බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ පුවතක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දීය බාල ඖෂධ සහ එම ඉන්දීය ඖෂධ ගෙන්වීම නතර කළ යුතු බවට මෑතකදී මාධ්‍ය වෙත සිදු කර තිබූ අදහස් දැක්වීම සමගි ජන බලවේගයේ නිල මතය නොවන බවට එම පක්ෂය විසින් නවේදනයක් යොමු කර ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවයි. එම පක්ෂය විසින් එවැනි නිවේදනයක් යොමු නොකර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපිය ව්‍යාජ ලිපියකි.

Avatar

Title:බාල බෙහෙත් ගැන වෛද්‍ය චමල් සංජීවගේ අදහස් පක්ෂයේ මතය නොවන බවට සජබෙන් නිවේදනයක්?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *