දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ තඹුත්තේගම රැස්වීමේ අවස්ථාවක් බව කියමින් එක්තරා ඡායාරූපයක් සහිත සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් තිබේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘තඹුත්තේගමට රැස්වූ විසල් ජන ගඟ’ යන සඳහන සහිතව පළ කර ඇති මෙම ඡායාරූපය මගින් ඒතතු ගැන්වීමට උත්සාහ කර ඇත්තේ, මීට දින කිහිපයකට ඉහතදී තඹුත්තේගම පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීමට විශාල ජනතාවක් සහභාගී වී ඇති බවයි. මෙම ඡායාරූපයට අනුව ජනතාව අතරින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරියට ඇවිද එන ආකාරයක් නිරීක්ෂණය වේ.

එම තේමාව යටතේම ඉහත ඡායාරූපය තවත් බොහෝ ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.




Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link Facebook | Archived Link
මෙම ඡායාරූප, ඡායාරූප කිහිපයක් එකතු කරමින් කොලාජ් නිර්මාණයක් ලෙස සිදුකර ඇති බව බැලු බැල්මටම පෙනී යන අතර ඒ බව බොහෝ පරිශීලකයින් ද පෙන්වා දී තිබුණා.
මේ සඳහා යොදා ඇති මුල් ඡායාරුපය සහ මෙම රැස්වීමට පැමිණි ජනකාය ඇතුළු කරුණු අප සොයා බැලීමට මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා
පසුගිය 17 වැනිදා තඹුත්තේගමදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවට ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ ජන ගඟක් සහභාගී වී සිටියේ දැයි අප ප්‍රධාන ධාරාවේ රූපවාහිනී ප්රවෘත්ති ඔස්සේ මූලිකවම පරීක්ෂාවට ලක් කළා.
තඹුත්තේගම පැවති ජන හමුවේ දර්ශන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පරික්ෂාවේ දී සැලකිය යුතු ජනකායක් පැමිණ ඇති බව පෙනී ගිය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ, අතුරු සිදුරු නැතිව පිරි යන ආකාරයක් කිසිදු පුවත් විකාශයක වාර්තාවී ඇති බව දැකගත නොහැක.
කෙසේ වෙතත් මෙම ජන හමුවට අදාළ විශේෂිත සිදුවීම බවට පත්ව තිබුණේ, ජන හමුවට සමගාමීව තඹුත්තේගම නගරයේ සිදු කර තිබූ සැරසිලි ඉවත්කරන ලෙස පොලීසිය දැනුවත් කිරීමත් සමග පොලීසිය හා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් අතර ඇති වූ සංවාදාත්මක තත්ත්වයයි.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය හොඳින් පරීක්ෂා කර බැලීමේදී පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුහුණු, අත් ස්ථාන කිහිපයකම දැක ගත හැකි අතර ඡායාරූපයේ අස්වාභාවික බවක් දැකගත හැකියි.

ඒ අනුව මෙහි මුල් ඡායාරූපය සොයා ගැනීම සඳහා අප තවදුරටත් කරුණු පරීක්ෂා කළ අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මෙහි මුල් ඡායාරූපය පළ කර තිබෙනු දැකගත හැකි වුණා.

මීට අමතරව ලංකාදීප පුවත් වාර්තාව සඳහා ද යොදාගෙන තිබුණේ මෙම ඡායාරූපයයි.
මේ අනුව පැහැදිලි වන්නේ, තඹුත්තේගම රැස්වීමට විශාල ජනතාවක් සහභාගී වූ බව උළුප්පා පෙන්වීම සඳහා කිසියම් පාර්ශ්වයක් එම ජනහමුවේදී ගන්නා ලද ඡායාරූපයක් සංස්කරණය කර මෙලෙස සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි.

සංකීර්ණ ඡායාරූප සංස්කරණයක් නොවන, එකම ඡායාරුපය ක්ලෝන් කරමින් කිහිප තැනක තබමින් නිර්මාණය කර තිබු ඉහත සංස්කරණය කළ ඡායාරුපය පිළිබඳව පාර්ශව කිහිපයක්ම එකිනෙකාට දෝෂාරෝපණ සිදුකර ඇති ආකාරයක් ද අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා.
තඹුත්තේගම නගරයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවේ වීඩියෝ දර්ශන පෙළක් නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් පළකර තිබු අයුරු මෙතනින්. ඡායාරූප පෙළක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘තඹුත්තේගමට රැස්වූ විසල් ජන ගඟ‘ යන තේමාවෙන් පළ කර ඇති ඡායාරූපය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන හමුවේ සත්‍ය ඡායාරූපයක්, කිහිප වරක් ක්ලෝන් කරමින්, සංස්කරණය කරන ලද ඡායරූපයක් බවයි.
Title:තඹුත්තේගම පොහොට්ටු රැස්වීමට සහභාගී වූ ජනතාව දැක්වෙන ඡායාරූපයක් ද?
Fact Check By: Sagarika ChathumaliResult: Misleading


