දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මහමෙව්නා අසපුව සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මීමුරේ ආරණ්‍ය සේනාසනය යකු විකෘති NGO පිළිලයක් මහමෙව්නා අසපු ශාඛාවක් ලෙසට දක්වමින් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



මීමුරේ ආරණ්‍ය, මැදවච්චිය ගෝසිංග ආරණ්‍ය(කැබති ගොල්ල ආරණ්‍ය), හබුරුගල ආරණ්‍ය සේනාස සංචිතය මහමෙව්නා අසපුවේ බවට සඳහන් කරමින් වීඩියෝවක් Buddhist book නම් Youtube නාලිකාවක පළ වී තිබුණේ මෙලෙසින්.
ඉහත සඳහන් ආණ්‍යයන් සැබවින්ම මහමෙව්නා අසපුවට අයත් ද, යන්න පිළිබඳ අප විමසා බැලීමට කටයුතු කළේ, ඒ පිළිබඳ ලද ඉල්ලීම් කිහිපියක් මුල් කරගනිමින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී.
කෙසේ වෙතත් ඉහත සඳහන් ලෙස මහමෙව්නා අසපුවේ ශාඛා ලෙස දක්වා ඇති ආරණ්‍ය කිහිපයක සැබවින්ම මහමෙව්නා අසපුවේ ශාඛා ද, යන්න පිළබඳ පරීක්ෂා කිරීමට අප මහමෙව්නා අසපු වෙබ් අඩවිය පරීක්ෂා කරනු ලැබුවා.
එහිදී සඳහන් කර තිබුණේ, මේ වන විට මහමෙව්නාව භාවනා අසපු සංචිතය මේ වන විට දේශීය අසපු ශාඛා 70 කින් ද විදේශීය අසපු ශාඛා 39 කින් ද අනගාරිකා අසපු ශාඛා 10 කින් ද සමන්විත වන බවයි.
පොල්ගහවෙල, මාතර, කඩුවෙල, මාලබේ, කුණ්ඩසාලේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මාතලේ, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර, සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, කොච්චිකඩේ, කැබිතිගොල්ලෑව, පින්නවල, බෝවත්ත, බිබිල, අම්පාර, නුවරඑළිය, කහටගස්දිගිලිය, හබරණ, දෙණියාය, විල්ගම්වෙහෙර, මහියංගණය, කහවත්ත, මාරිඅරාව සහ මුල්ලේගම යන ප්‍රදේශවල දේශීය අසපු ශාඛා ස්ථාපිත වී ඇති අතර Washington DC (USA), Newjersey (USA), Newyork (USA), California (USA), Florida (USA), Texas (USA), Toronto (Canada), Edmonton (Canada), Winnipeg (Canada), Saskatoon (Canada), Vancouver (Canada), Basildon (UK), ST helans (UK), Melbourne (Australia), Sydney (Australia), Perth (Australia), Adelaide (Australia), Dubai, Germany, France, Italy, Cyprus, Netherland, India, Ansan (South Korea), Daegu (South Korea) යන රටවල් වල හා නගරවල විදේශීය අසපු ශාඛා ස්ථාපිත වී ඇති බව ත්, එහි වැඩි දුරටත් දැක්වේ.
මහමෙව්නාවේ දේශිය අසපු ශාඛා පිළිබඳ තොරතුරු මෙතනින්. Archived Link
ගෞතම බුදු සසුනෙහි පිළිසරණ ලබනු කැමති කාන්තාවන් වෙනුවෙන් ඉදිකෙරුණු ආයතනය මහමෙව්නාව අනගාරිකා අසපුව යි. මේ වන විට දඹදෙණිය, උඩුපිල, මාවතගම, අනුරාධපුරය, කඩුගන්නාව, වරකාපොල, කුලියාපිටිය, කිඹුලාපිටිය, හලාවත, හක්මන සහ කෝට්ටේ යන ප්‍රදේශවල අනගාරිකා අසපු ශාඛා ස්ථාපිත වී ඇත.
නමුත්, මීමුරේ ආරණ්‍ය,මැදවච්චිය ගෝසිංග ආරණ්‍ය(කැබති ගොල්ල ආරණ්‍ය), හබුරුගල ආරණ්‍ය සේනාසය මහමෙව්නාවේ දේශිය අසපු ශාඛා ලැයිස්තුවේ ඇති බව දැක ගන්නට නොලැබේ.
අප මේ හේතුවෙන් මේ පිළිබඳ වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා මහමෙව්නා අසපුවෙන් මේ පිළිබඳ විමසීමක් කරනු ලැබුවා. මහමෙව්නා ප්‍රධාන අසපුවේ ස්වාමීන්වහන්සේලා පැවසූවේ, ඉහත සඳහන් ආණ්‍ය සේනාසන මහමෙව්නා අසපුවට සම්බන්ධ නොවන බවයි.
ගෝසිංග ආරණ්‍යයේ නිර්මාතෘ සහමෙව්නා අසපුවේ වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් වුවද, පසුව උන්වහන්සේ ගෝසිංග වන අරණේ පිහිටුවා ඇති බව ත්, උන්වහන්සේ හෝ එම වණ අරණ මහමෙව්නා අසපුබවට සබඳකමක් නොමැති පව තවදුරටත් අප කළ විමසීමේ පැවසූහ.
මීමුරේ ආරණ්‍ය සේනාසනය
මීමුරේ ආරණ්‍යය සේනාසනයේ මනස ලිහිල් කිරීමේ වැඩසටහන් අවුල් සහගත තත්ත්වයෙන් මිදීමට ස්ථානයක් ලබා දෙන අතර, මානසික සාමය සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ශිල්පීය ක්‍රම සහ භාවිතයන් සපයන බවට එම ආරණ්‍ය වෙබ් අඩවියේ සඳහන් වේ. එහිදී ද, මීමුරේ ආරණ්‍ය මහමෙව්නා අසපුවේ ශාඛ්‍යාවක් ලෙස දක්වා නොමැති බව දැක ගන්නට ලැබේ. එම වෙබ් අඩවිය මෙතනින්. එහි නිල ෆේස්බුක් පිටුවේ හෝ මහමෙව්නා අසපුවට මෙම ආරණ්‍ය සම්බන්ධ බවට හෝ ශාඛාවක් බවට හෝ දක්වා නොතිබුණි. එමෙන් ම මීමුරේ ආරණ්‍යය සේනාසනය මහමෙව්නා අසපුවේ ශාඛාවක් නොවන බව ද, එහි ස්වාමීන් වහන්සේලා පැවසූහත
ගෝසිංග වන අරණ
ගෝසිංග වන අරණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය කැබිතිගොල්ලෑවෙ අමරතිස්ස ස්වාමින් වහන්සේ වන අතර එහි Youtube නාලිකාවේ හෝ නිල ෆේස්බුක් පිටුවේ හෝ මහමෙව්නා අසපුවට සම්බන්ධයක් දැක්වෙන සඳහනක් දැක ගන්නට නොලැබුණි.
හඹුරුගල ආරණ්‍ය සේනාසනය
හබුරුගල ශ්‍රී ගෞතම සම්බුද්ධ ආරණ්‍ය සේනාසනයේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ හෝ මහමෙව්නාවේ ශාඛාවක් ලෙස දක්වා ඇති බවට දැක ගන්නට නොලැබේ.
මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ගෝසිංග වන අරණ, හඹුරුගල ආරණ්‍ය සේනාසනයට ද, අප දුරකතන ඇමතුම් ලබා ගත් නමුත් එම උත්සහයන් ව්‍යර්ත වූ අතර ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වූ සැනින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Title:මහමෙව්නා අසපුවේ ශාඛාවන් බවට පෙන්වා දෙන වෙනත් ආරණ්‍යයන් කිහිපයක්!
Fact Check By: Pavithra SandamaliResult: Misleading


