ශ්‍රී ලාංකික රණවිරුවන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමක් ද ?

International Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වෙනත් රටවල වීඩියෝ පට යොදා ගනිමින්  නොමග යවන සුළු ලෙස සිදු කෙරෙන පල කිරීම් සමාජ මාධ්‍ය තුළ බහුලව නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝපටයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

“දියතලාවේ අපේ විරුවෝ දාපු වැඩේ ” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

දියතලාව යුධ හමුදා කඳවුරේදී ශ්‍රී ලාංකික රණවිරුවන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමක් ලෙස දක්වා තිබූ මෙම වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

දියතලාව යුධ හමුදා කඳවුර ආශ්‍රිතව මෙවැනි ආකාරයේ හමුදා සංදර්ශනයක් හෝ පුහුණුවක් පැවැත්වීම පිළිබඳ කුමන හෝ මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වීඩියෝවක් පළ කර ඇත්ද යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි වීඩියෝවක් අපට දැක ගැනීමට නොලැබිණි.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අදාළ වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී  එහි පෙනී සිටින හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම සහ එහි දැක්වෙන සලකුණු මෙරට හමුදා නිල ඇඳුම් වලට සමාන නොවන බව නිරීක්ෂණය කළ හැකියි. වීඩියෝවේ දැක්වෙන හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි බාහුවේ රතු පැහැති පසුබිමක සුදු පැහැති අඩ සඳ සහ තරුව සහිත තුර්කි ජාතික ධජය පැහැදිලිව හඳුනා ගත හැකියි.

වීඩියෝවේ හමුදා නිලධාරීන් සැරසී  සිටින නිල ඇඳුම තුර්කි විශේෂ බලකායන් හෝ ජෙන්ඩාර්මරි බලකාය විසින් භාවිතා කරනු ලබන නිල ඇඳුමක් ලෙස හඳුනාගත හැකියි. එසේම අදාළ වීඩියෝවේ පෙනී සිටින හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි පිටුපස දර්ශනය වන අක්ෂර වලට අනුව අදාළ වීඩියෝව ශ්‍රී ලංකා හමුදාව පෙනී සිටින වීඩියෝවක් නොවන බව තහවුරු වනවා. එහි දැක්වෙන ” “1’NCİ J.EĞT. ALAY K.LIĞI” යන අක්ෂර වලට අනුව අදාළ වීඩියෝව ජෙන්ඩර්මරි (තුර්කියේ අභ්‍යන්තර ආරක්ෂාව භාර හමුදා බලකාය) ට අයත් වීඩියෝවක් බව හඳුනාගත හැකියි.

තුර්කියේ ජෙන්ඩර්මරි පුහුණු රෙජිමේන්තු අණදෙන මූලස්ථානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සංදර්ශනයක්

ඒ අනුව අප විසින් අදාල වීඩියෝපටයේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී අදාළ වීඩියෝව 2025 දෙසැම්බර් මස 27 වන දා තුර්කි යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ පල කර ඇති බවත්, අදාළ වීඩියෝව තුළ තුර්කි හමුදාව විසින් සිදුකරන ලද හමුදා සංදර්ශනයක දර්ශන අන්තර්ගත වන බවත් තහවුරු වුණා. “තුර්කි හමුදා පුහුණුවේ දැඩි විනය, දැඩි ශාරීරික සූදානම සහ ශක්තිමත් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය තුළින් සොල්දාදුවන් දක්ෂ ආරක්ෂකයින් බවට හැඩගස්වනු ලැබේ. එය එකමුතුකම, ධෛර්යය සහ කැපවීම ඉස්මතු කරයි. එහිදී පුද්ගලයන් ගෞරවය, පක්ෂපාතිත්වය සහ ශක්තිය මත ගොඩනගා ඇති නොබිඳිය හැකි බලවේගයක් ගොඩනැගීමට එක්වේ”. යනුවෙන් සඳහන් කරමින් අදාල වීඩියෝව පල කර තිබුණා. එම වීඩියෝව මෙතනින්.

අදාළ වීඩියෝව තුර්කියේ ජෙන්ඩර්මරි පුහුණු රෙජිමේන්තුවේ නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් බව දක්වමින් ඒ සම්බන්ධයෙන් Linkedin හි පල කර තිබූ සටහනක් මෙතනින්.

එසේම “තුර්කියේ හමුදා පුහුණුවක්” ලෙස දක්වමින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

අදාළ වීඩියෝව පල කරමින් තුර්කි සොල්දාදුවන් සම්බන්ධයෙන් එරට මාධ්‍ය විසින් පල කර තිබූ සටහනක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දියතලාව හමුදා කඳවුර ආශ්‍රිතව සිදුකරන ලද සංදර්ශනයක වීඩියෝවක් ලෙසින් හුවමාරුවන වීඩියෝව  තුර්කියේ ජෙන්ඩර්මරි පුහුණු රෙජිමේන්තු අණදෙන මූලස්ථානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සංදර්ශනයක වීඩියෝවක් වන බවයි.

Result Stamp

Title: ශ්‍රී ලාංකික රණවිරුවන් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමක් ද ?

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *