දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මැදපෙරදිග යුදමය වාතාවරණය මත ඉන්ධන පිළිබඳ අර්බුදයකට ගෝලීය වශයෙන් මුහුණ පා ඇති මොහොතක, මෙරට වත්මන් රජය විසින් බදාදා දින රජයේ නිවාඩු දිනක් ලෙස නියම කොට එම අර්බුදයට තාවකාලික තීරණයක් ගෙන තිබුණා. මේ ඔස්සේ සමාජ මාධ්‍යයේ පළවන නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කරන විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
බදාදාට ඇඳිරි නීතිය කඩ සාප්පු හා වැඩපලවල් වහපල්ලා අපේ නියෝගය මගහැර රට වහන්න කටයුතු නොකරන ද්‍රෝහීන්ට මරණ දඬුවම ජවිපෙ සන්නද්ධ අංශ කීර්ති විජයබාහු විසින් කළ නිවේදනයක් බවට දක්වමින් ඡායාරූප සසටහනක් සංසරණය වුණා.

මේ පිළිබඳව බොහෝ පාඨක පිරිසක් අපගෙන් විමසා තිබූ බැවින් අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම ඡායාරූපය , ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී) යුගයේ, විශේෂයෙන් 1987–1989 කැරැල්ල ආරම්භයට පෙර 1983 ජේවීපී ය නිකුත් කළ නිවේදනයක් ලෙසින් පෙන්වා දීමට කටයුතු කර ඇති බවට දැක ගන්නට ලැබෙනවා. නමුත් මෙම නිවේදනය සඳහා යොදාගෙන ඇති අකුරු වර්ගය FM Derana බවට දැක ගන්නට ලැබෙන අතර එය 1998 වසරේදී හඳුන්වා දුන් අකුරු වර්ගයක් බැවින් මෙය එවකට නිකුත් කර නිවේදනයක් නොවන බවට තහවුරු වේ.

එමෙන් ම මෙම අකුරු නිර්මාණය කර තිබූ පුෂ්පානන්ද ඒකනායක මහතා සිය ෆේස්බුක් පිටුවේද මෙම නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ අතර ඔහු සඳහන් කර තිබුණේ, තමන් මෙම නිවේදනයේ සඳහා යොදා ගෙන ඇති ඇත්තේ FM Derana අකුරු බව ත් ඔහු විසින් එය 1998 දී හඳුන්වා දුන් බවයි.

ඒ අනුව මෙය ව්‍යාජ ලිපියක් බවට තහවුරු වේ.
කෙසේ වෙතත් මෙම නිවේදනයේ සඳහන් පරිදි 1980 වර්ෂයන් වල දී ජනතා විමුක්ති පෙරමුණ බදාදා දිනයන් හි ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුවට බල කළ බවට හෝ එවකට බදාදා දින රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබුණේ ද, යන කාරණය ඉතිහාසයේ සඳහන් වී ඇත්ද යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කරනු ලැබුවා.
1982 දී, රෝහණ විජේවීර ජනාධිපතිවරණයට තරඟ කළ අතර, තුන්වන ස්ථානයට පත් ව තිබුණා. පසුව 1983 වසරේදී 1983 දෙමළ විරෝධී සංහාරය කළු ජූලිය අතරතුර, 1983 ජූලි 31 වන දින, වාර්ගික කෝලාහල හරහා රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත පදනම්ව, රජය අසාමාන්‍ය ගැසට් පත්‍රයක් භාවිතා කරමින් ජවිපෙ තහනම් කරනු ලැබ තිබේ. නමුත් ඉහත නිවේදයෙන් පෙන්වා දෙන ලෙස එම වසරේදී ජවිපේ කැරැල්ලක් ඇතිව එම පක්ෂය හේතුවෙන් රටේ ඇඳිරි නීතිය පනවා ඇති බවට සඳහන් දැක ගන්නට නොලැබේ.
1987–1989 කැරැල්ල අවදියේදී ජවිපෙ හෝ රජය ක්‍රමානුකූලව ඇඳිරි නීතිය ඉවත් කළ හෝ පැනවීම නිශ්චිත “බදාදා” දිනයක සිදු කළ බවට ඓතිහාසික වාර්තාවක් ඊට සහය දක්වන පුවත් ලිපියක් හෝ නොමැත.
නමුත් එම කාලය තුළ ඇඳිරි නීතිය සහ වැඩ වර්ජන පවත්වා තිබුණි.
ජේවීපී විසින් පනවන ලද ඇඳිරි නීතිය ජවිපෙ රට පුරා වැඩ වර්ජන සහ සාප්පු වසා දැමීමට නියෝග කිරීමට චිට් (කුඩා සටහන්) භාවිතා කළ අතර එය බලහත්කාරයෙන් කරන ලද ඇඳිරි නීතියක් ලෙස ක්‍රියා කර තිබේ. මේවා බොහෝ විට ඉන්දියානු නිදහස් දිනය (1989 අගෝස්තු 15) හෝ 1987 මැයි දින තහනම වැනි නිශ්චිත දේශපාලන සිදුවීම් සමඟ බැඳී ඇති බවට වාර්තා පෙන්වයි. මේ සම්බන්ධ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම ජවපෙ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා රජය දැඩි ඇඳිරි නීතිය පවත්වාගෙන ගිය අතර ඇතැම් විට එය සති ගණනක් පැවතුනි. උදාහරණයක් ලෙස, සති 15 ක් පුරා පැවති ඇඳිරි නීතිය 1989 නොවැම්බර් මාසයේ බ්‍රහස්පතින්දා දිනකදී ඉවත් කරන ලදී.
වත්මන මැද පෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සහ ඉන්ධන අර්බුදයක් හේතුවෙන්, ශ්‍රී ලංකා රජය ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අංශය සඳහා සෑම බදාදා දිනකම රජයේ නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා මෙම පියවර පාසල්, විශ්ව විද්‍යාල සහ රජයේ කාර්යාල සඳහා අදාළ වන නමුත් 1988–89 ජවිපෙ යුගයට සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නොදරයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


