දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
කෙටි කලකින් වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් ආයෝජන ක්‍රම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ ප්‍රවර්ධනය කරනු ලබනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එලෙසින් ආයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කෙරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ජාතික ආයෝජන අරමුදල ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉහළ අස්වැන්නක් ලබා දෙන ආයෝජන ක්‍රමයක් නිල වශයෙන් අනුමත කර ඇති බවට පවසමින්, අදම ඔබේ මූලික රුපියල් 80,000 ආයෝජනය කර ලබන මාසය වන විට එය රුපියල් 1,000,000 දක්වා වර්ධනය කර ගත හැකි ආකාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ආයෝජනය ජනතාව පොහොසත් කිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නිර්මාණය කර ඇති සත්‍යාපිත මූල්‍ය පද්ධතියක් බවට එහි වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන් ම මෙම ආයෝජනය මහ බැංකුව විසින් ද, අනුමත කර ඇති බවට දක්වා තිබුණා.
මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අද දෙරණ නාලිකාවේ පළ වූ පුවතක් ලෙසට දක්වමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ දැක්වෙන අයුරින් පුවතක් එම මාධ්‍ය ආයතනය විසින් පළ කර නොතිබුණි.
එමෙන් ම මෙවැනි ආයෝජන ක්‍රමයක් පිළිබඳ ජනාධිපති විසින් කිසිදු අවස්ථාවක ප්‍රවර්ධනයක් සිදු කර නොමැති බව දැක ගන්නට ලැබෙන අතර සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් ඉතා කෙටි කලකදී වැඩි ප්‍රතිලාබ ලබා දෙන අයෝජන හඳුන්වා දුන් බව ට දක්වමින් මෙවැනි ව්‍යාජ අයෝජන ක්‍රම පිළිබඳ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙර ද සංසරණය වී තිබුණා.
මෙම ආයෝජන ක්‍රම ප්‍රසිද්ධ මාධ්‍යකදී, නිවේදකයින්, මාධ්‍යවෙදීන් ඉදිරියේදී ප්‍රසිද්ධ පුද්ලයින් විසින් හෙළි කරන බවට දක්වමින්, මෙම ව්‍යාජ අයෝජනය ප්‍රවර්ධනය කරනු ලබන්නේ, කෘතිම බුද්ධිය ඔස්සේ සාදන ලද වීඩියෝ හරහා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුව ද, තහවුරු කරන්නේ, කිසිදු අවස්ථාවක කෙටි කලකින් ඇදහිය නොහැකි විශාල ආයෝජන බව පවසන මෙවැනි වංචනික ව්‍යාජ ආයෝජන ක්‍රම වලට නොරැවටෙන ලෙසයි.
බොහෝ පුද්ගලයින් මෙවැනි වංචනික ව්‍යාජ ආයෝජන ක්‍රම වලට රැවටී තම මුදල් නාස්ති කර ගෙන ඇති බව ත්, ඔවුන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙය වංචාවක් බවයි. එවැනි වංචනික මාර්ගගත යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට ප්‍රවේශම් වන ලෙස ද, ඔවුන් අනතුරු අඟවනවා. මෙවැනි වංචාවන්ට හසුවූ ජනතාවගෙන් නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බව ත්, සෑම විටම නොදන්නා සැබඳි ඔස්සේ පැමිණෙන ව්‍යාජ ආයෝජන ක්‍රම වලට නොරැවටෙන ලෙසත් ඔවුන් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ, මෙම නොමඟ යවන සබැඳි මත ක්ලික් කිරීමෙන් පරිශීලකයින් ෆේස්බුක් ඇතුළු පුද්ගලික තොරතුරු පාවා ලබා දීමට පෙළඹවන අයුරින් නිර්මාණය කර ඇති බව ත්, එවැනි පළ කිරීම් විශ්වාසදායක ලෙස පෙනෙන පරිදි සකස් කර ඇති නමුත් අවසානයේ සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ වංචනික යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට පුද්ගලයින් රවටා ගැනීම සිදු කරනු ලබන බවයි.
මෙවැනි වංචාවන් වින්දිතයින් ආකර්ෂණය කර ගැනීමට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් විසන් මේවා හි ආයෝජනය සිදු කර ඇති බවට හඟවමින් මෙම වංචා බොහෝ විට ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පරිශීලකයින්ට මූල්‍යමය වචයෙන් වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබයි.
මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?
අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ : මහ ජනයා ආකර්ෂණය වන අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බවට දැක්වීම. ආයෝජනයට වඩා මසක් ඇතුළත ප්‍රතිලාභ තුන්ගුණයටත් වඩා ලැබෙන බවට පෙන්වීම.
ව්‍යාජ පුවත් ලිපි: වංචාකරුවන් බොහෝ විට මෙම වංචා නීත්‍යානුකූල බව පෙන්වීමට ව්‍යාජ පුවත්පත් කොටස් නිර්මාණය කරයි.
බාහිර සබැඳි: සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද හෝ පුද්ගලික තොරතුරු සොරකම් කරන තතුබෑම් වෙබ් අඩවි වල යොමු විය හැකි අවදානම.
පෙළඹවීම: වංචාකරුවන් බොහෝ විට “සීමිත දීමනාව” හෝ “අදම ලියාපදිංචි වන්න” වැනි වචන භාවිතා කරමින් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව ක්‍රියා කිරීමට පුද්ගලයින් යොමු කරවයි.
මෙම ආයෝජන ව්‍යාජ අයෝජන බව ත්, ව්‍යාජ ප්‍රවර්ධනයන් බව ත්, එමෙන් ම මෙම වංචාවන් සිදු කරනු ලබන්නේ එකම ක්‍රමවේදයට බව ත්, මෙම ව්‍යාජ ආයෝජන සම්බන්ධ කරුණු විමර්ශන වාර්තා කියවීමෙන් ද, පාඨක ඔබට දැක ගැනීමට හැක. ඒ අනුව මෙවැනි ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසන ව්‍යාජ ආයෝජන වලට නොරැවටෙන ලෙස ඔබ මෙන් ම ඔබේ සමීපතයින්ව මේ පිළිබඳ දැනුවත් කරන්න!
මේ ආකාරයෙන් සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් භාවිත කරමින් ඔවුන් විසින් හඳුන්වා දුන් ප්‍රතිලාභ අත්වූ ආයෝජන ක්‍රම බවට පෙන්වීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්, වීඩියෝ සම්බන්ධයෙන් අප මීට පෙර සමාජය දැනුවත් කරමින් සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවන් පහතින්.
යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?
ජනාධිපති අනුර විසින් විස්මිත ප්‍රතිලාභ ලැබෙන රජයේ ආයෝජන අවස්ථාවක් පිළිබඳ හෙළි කළා ද?
මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කරන අයුරු දක්වන වීඩියෝව සත්‍ය වීඩියෝවක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් වන අතර මේ ඔස්සේ ව්‍යාජ වංචනික ආයෝජන ක්‍රමයක් ප්‍රවර්ධනය කෙරේ. කෙටි කලකින් විශාල ප්‍රතිලාභ ලැබෙන ව්‍යාජ ආයෝජන ක්‍රමවලට නොරැවටෙන ලෙස පාඨක ඔබගෙන් අප ඉල්ලා සිටින්නෙමු.


