Subscribe to our WhatsApp Channel
විවිධ රෝගාබාධ තත්ත්වයන් නිසා පිඩා විදින රෝගීන් බොහෝ දෙනෙක්, සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකර්ම සඳහා අති විශාල මුදලක් වැයකිරීමට හැකියාවක් නොමැති අවස්ථාවන්හි දී , ඒ සදහා ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමට උත්සුක වෙනවා.
මීට අමතරව පසුගිය වසර කාලයේ දී ජනාධිපති අරමුදලින් විශාල අරමුදල් ප්‍රමාණයක් ලබාගත් මැති ඇමතිවරු ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමත් සමඟම, ජනාධිපති අරමුදල ගැන විශාල කතිකාවතක් සමාජයේ ඇතිව තිබෙනවා.
මෙවන් පසුබිමක ජනාධිපති අරමුදලින්, අරමුදල් සපයන ලබන රෝග ලැයිස්තුවක් ලෙස සඳහන් කරමින් හුවමාරු වන සටහන් පෙළක් පිළිබඳව අප කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්.
සමාජ ජාලා සටහන්
මෙවන් පසුබිමක, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරුවන සටහනක දැක්වෙන්නේ ජනාධිපති අරමුදල මගින් තෝරාගත් රෝග කිහිපයක සැත්කම්වලට පමණක් අරමුදල් සැපයෙන බවක්. එම ලැයිස්තුවට වකුගඩු රෝග , පිළිකා , මොලයේ සැත්කම් ආදිය ඇතුලත්. බොහෝ සමාජ ජාලා පරිශීලකයන් අනුමාන කර තිබුනේ මෙය නව රජය විසින් අලුතින් ආරම්භ කරන ලද වැඩපිළිවෙලක් බවයි.
මේ පිලිබදව සොයා බලන විට අපට දැකගන්නට ලැබුණේ මෙම සමාජ ජාලා සටහන්වල ඇති දැන්වීම දැන් ටික කලක සිට සමාජ ජාලාවල සැරිසරණ බවක්.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා පිරික්සූ අප විමසා බැලුවේ නව රජය මගින් ජනාධිපති අරමුදල සම්බන්ධ මෙවන් නිවේදනයක් හෝ අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණා ද යනුවෙන්. නමුත් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැහැ.
ඉන්පසුව අප ජනාධිපති අරමුදල සම්බන්ධ පාර්ලිමේන්තු පනත සහ එහි සදහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළා. 1978 ජනාධිපති අරමුදල් පනතේ සදහන් වන්නේ පාලක මණ්ඩලයක් විසින් ගනු ලබන තීරණ අනුව ජනාධිපති අරමුදල පාලනය වන බවක්.
ඒ අනුව ජනාධිපති අරමුදලෙහි පාලක මණ්ඩලය පහතින් දැක්වෙනවා.
- ජනාධිපතිවරයා
- අගමැතිවරයා
- කතානායකවරයා
- විපක්ෂනායක වරයා
- ජනාධිපති ලේකම්වරයා
- ජනාධිපතිවරයා මගින් පත්කරන නියෝජිතයන් දෙදෙනෙක් .
මෙම පනත මගින් ආධාර උපකාර කල හැකි විශේෂ ලෙඩ රෝග පිලිබදව පනතේ සදහන් නොවුනත් පනත මගින් මහජන සුබසාධනය සදහා වන කාරණා මත අරමුදල් වෙන් කිරීමට පාලක මණ්ඩලය වෙත බලය පනවා තිබෙනවා.
පනතේ සදහන් මුදල් වෙන්කළ හැකි අරමුණු
- දුප්පත් අයට සහනයක් ලෙස
- අධ්‍යාපනය , දැනුම සහ ආගමික කටයුතුවල උන්නතිය සදහා
- මහජනතාවට උන්නතියක් වන වෙනත් ඕනෑම අරමුණක් සදහා
ඊට අමතරව පාලක මණ්ඩලයේ කැමැත්ත මත ඕනෑම අරමුණක් වෙනුවෙන් මුදල් වෙන්කිරීමට මින් පාලක මණ්ඩලයට බලය පවරා තිබෙනවා.
ජනාධිපති අරමුදලේ අතිරේක ලේකම්ව්රයෙක්වන රොෂාන් සුබාෂ්
අප මේ පිලිබදව විමසීමට ජනාධිපති අරමුදලේ අතිරේක ලේකම්ව්රයෙක් වන රොෂාන් සුභාෂ් ව සම්බන්ධ කරගත්තා. ඔහු මේ සම්බන්ධයෙන් පැවසූ කරුණු පහතින්.
ඔහු පැහැදිලි කලේ ජනාධිපති අරමුදලේ නව නිවේදනයක් ලෙස සමාජ ජාලාවල හුවමාරු වන ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, දැනට වසර කිහිපයක සිට ජනාධිපති අරමුදල පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඇති පුවරුවක සදහන් නිවේදනයක සේයාරුවක් බවයි. එය කිසිසේත්ම මෙය නව හදුන්වා දීමක් නොවන බවත් ඔහු පැහැදිලි කළා. කෙසේ වෙතත් මෙහි සදහන් කරුණු අසත්‍ය නොවන බවත් ඔහු පැවසුවා.
එමෙන්ම සමාජ ජාලා වල බහුලව පැතිර යන සේයාරුවේ රෝග 13 ක් සදහන්ව තිබුනත්, ජනාධිපති අරමුදල් වෙබ් අඩවියේ ආධාර ලබාගත හැකි රෝගී සහ ශල්‍යකර්ම වර්ග 37 ක් සදහන්ව ඇත්තේ කුමන හේතුවක් මතද යන්නත් අප ඔහුගෙන් විමසා බැලුවා.
ඔහු පැහැදිලි කලේ කාලයෙන් කාලයට ප්‍රමුඛතාවය ලබාදෙන රෝග වෙනස්වන බවත් ලැයිස්තු සකසා ඇත්තේ ඒ අනුව බවයි. නමුත් ප්‍රතිකාර ලබාගැනීම සදහා විශාල මුදලක් දැරීමට සිදුවන ඕනෑම රෝගියෙකුට ජනාධිපති අරමුදල මගින් ආධාර ලබාගැනීම සදහා ඉල්ලීම් සිදු කල හැකි බවත්, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයට ඕනෑම රෝගයකින් පිඩා විදින රෝගියෙක්ට ප්‍රතිකාර කිරීම සදහා අනුමැතිය පළකිරීමට බලය ඇති බවත් ජනාධිපති අරමුදලේ අතිරේක ලේකම්ව්රයා සදහන් කළා.
ජනාධිපති අරමුදලින් ආධාර ලබාගැනීම සදහා අයදුම් කල හැකි ආකාරය
අයදුම්කරුවන් විසින් ජනාධිපති අරමුදල් වෙබ් අඩවියේ ඇති අයදුම්පත බාගත කරගත යුතුයි. එය මෙතනින් බාගත කරගත හැකියි.
ඉන් අනතුරුව අදාළ අයදුම්පත සම්පුර්ණ කර කොළඹ ජනාධිපති අරමුදල් කාර්යාලය වෙත එය ගෙනවිත් හෝ ලියාපදින්චි තැපෑල මගින් එවිය යුතුයි. අයදුම්පත බාරදිය යුත්තේ අවශ්‍ය ලිපි ලේඛනද සමගයි.
ඉන් අනතුරුව අයදුම්පත පිළිගෙන ඇත්ද සහ එහි ප්‍රගතිය මාර්ගගත ක්‍රම ඔස්සේ ජනාධිපති අරමුදල් වෙබ් අඩවිය හරහා පරික්ෂා කල හැකියි. එම සබැදිය මෙතනින්. වීඩියෝවක් මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (නිගමනය)
අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ නව රජය මගින් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත හැකි රෝග පිළිබද දැනුම්දීමක් ලෙස හුවමාරු වන්නේ ජනාධිපති අරමුදල පවතින කාර්යාලයේ වසර කිහිපයක සිට පවතින බිල් බෝඩ් ඒකක සේයරුවක් බවයි. කෙසේ වෙතත් එහි ඇති කරුණු අසත්‍ය නොවේ.
නමුත් ජනධිපති අරමුදල මගින් ප්‍රතිකාර සදහා ආධාර සපයන රෝග එවන් ලැයිස්තුවකට සීමා නොවේ. ප්‍රතිකාර ලබාගැනීම සදහා විශාල මුදලක් අවශ්‍යවන ඕනෑම රෝගයක් සහිත රෝගියෙකුට ආධාර ලබාදීමේ බලය අරමුදල සතු බැවින් ඕනෑම රෝගියෙක්ට ආධාර ඉල්ලා ජනාධිපති අරමුදලට අයදුම්කළ හැක.

Title:ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත හැකි රෝග මාලාවක් පිලිබදව ඉදිරිපත් කරන ලද නවතම ලේඛනයක්ද?
Fact Check By: Kalana KrishanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,