දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සුදු ළුණු අප බොහෝ දෙනෙක් පරිශීලනය කරන ආහාර වර්ගයක්. එහි ගුණ අගුණ සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්.ඒ සම්බන්ධයෙන් පලවූ සමාජ ජාලා සටහන් පෙළක් පිලිබදව සිදු කරන කරුණු විමසා බැලීමකි මේ .
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ රොස්ට් කරන ලද සුදුළුනු වල බොහෝ ගුණ පවතින බවක්.ඒ සම්බන්ධයෙන් පළව ඇති සමාජ ජාලා සටහනක් පහතින්.
එහි අඩංගු කරුණු සැකෙවින් පහත පරිදි වන අතර ඒ එකක් පිලිබදව වෙන වෙනම කරුණු විමසීමට අපේක්ෂා කරමු .
රෝස්ට් කළ සුදුලූනු බික් 𝟕 ක් දිනපතාම බත් සමඟ කන්න..!
ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන ඇහුවොත් ඇත්තටම ඔබ පුදුම වෙයි.
සුදු ළූණු ආහාරයට ගන්නට ඇති හොඳම ක්‍රමය එය රෝස්ට් කර ආහාරයට ගැනීමයි.
aluminium foil කැබැල්ලක් ගන්න. එය සුපර්මාකට් වල තිබෙනවා. මේ foil කැබැල්ලට සුදු ළූණු බික් 10 ක් පමණ දමන්න. හොඳින් වසන්න. සුදු ළූණු මැදි කර එක ගුලියක් සේ හදා ගන්න. දැන් එය අවන් එකට හෝ දර පෝරණුවකට හෝ ගෑස් ලිපේ බර්නර් එක මත තබා විනාඩි 8 ක් පමණ රෝස් කරන්න. පසුව එය නිවෙන්නට තබා සුදු ළූණු බික් ගලවා ගෙන එය කෑමට ගන්න.
සුදු ළූණු අනුභව කර පැයක් යාමට මත්තෙන් එහි විශ්මිත ගුණය ශරීරයට ලැබෙනවා.
පළමු පැය තුළදී ම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
දෙවැනි පැය තුළ සුදු ළූණු වල ඇති ඉතාම දුර්වල රසායනිකයන් ලේ වලට මුසු වෙනවා. ඒවා රුධිර ධමනි වල හිර අධික තෙල් සහිත කැටි සොයාගෙන ගොස් ඒවා දිය කර හරිනවා.
සුදු ළූණු ආහාරයට ගෙන පැය දෙක තුනක් යද්දි ම ඒවා බඩවැල් මත ක්‍රියාත්මක වී ඔබේ මලපහ පිටකිරීමේ සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා අවම කරනවා.
එසේම පැය දෙක තුනක් තුළ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ නිසාම රෝස්ට් කළ සුදු ළූණු ආහාරයට ගන්නා අයට ඉක්මණින් ලෙඩ දුක් හැදෙන්නේ නැත්තේ ඒකයි. ඉන් ශරීරයට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලබා දෙනවා.
ශරීරයේ ඇති හොඳ කොලස්ටරෝල් මට්ටම වැඩි කර නරක කොලෙස්ටරෝල් මට්ටම සුදු ළූණු වලින් අඩු කරනවා. මේ හේතුව නිසාම අද බටහිර ලෝකයේ පවා සුදු ළූණු පෙති (galic tablet) දිනපතාම ගන්නවා.
ආහාරයට ගෙන පැය කිහිපයක් තුළ දී මේ තරම් විශ්මිත ලෙස ශරීරයට සෙත සදන තවත් කෑමක් තිබෙනවාද කියලත් සැකයි. අධික රතු මස් වැඩිපුර ආහාරයට ගන්නා චීන ජාතිකයන් තම කෑමට අධික ලෙස සුදු ළූණු දමන්නේ එම අධික මස් වල ඇති තෙල් නිසා ශරීරයට ඇති වන නරක අවම කරන්නයි. ඇත්තටම එය එසේ වෙනවා.
කෑමත් සමගම සුදු ළූණු ගැනීම ඉතා ම ඵලදායක බවයි ආයුර්වේදයේ කියන්නේ. සුදු ළූණු වල ඇති රසායනිකයන් නිසා ඒ කෑමට ගත් පසුව දහඩිය සමඟ එම රසායනික තෙල පිටවෙනවා.
සමත් රුධිරයත් පිරිසිදු වන්නේ මේ හේතුව නිසයි. නමුත් ඒ නිසාම සුදු ළූණු සුවඳක් නිතරම ශරීරයෙන් එන්න ගන්නවා. බොහෝ දෙනා එයට අකමැතියි. නමුත් රෝස්ට් කළ සුදු ළූණු වලින් එහෙම සුවඳ එන්නේ අඩුවෙන්.
අදින් පසුව කෑමට ගන්නා හැම විටකම රෝස්ට් කළ සුදු ළූණු බික් දෙක තුනක් හෝ කෑමට ගන්න. හය හතක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි….
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check සත්‍ය කරුණු විමසා බැලීම
Claim 1 : පළමු පැය තුළදී ම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.
පර්යේෂණවලින් අනාවරණය වන ආකාරයට රුධිර පිඩනය අවම කිරීම සදහා සුදුළුනු වලින් පැහැදිලි වලින් පැහැදිලි ධනාත්මක බලපෑමක් සිදුවෙනවා. හෘදය සංකෝචනය සහ විස්තාරණය වන අවස්ථා දෙකේදීම රුධිර පීඩනය සුදුළුනු මගින් අඩුවෙනවා. සංකෝචනය වන අවස්ථාවේදී රුධිර පීඩනය රසදිය මිලිමීටර 6.7 කින් පමණ අඩු කරන අතර විස්තාරණ අවස්ථාවේදී රුධිර පීඩනය රසදිය මිලිමීටර 4.8 කින් පමණ අඩු කරනවා. මෙය රුධිර පීඩනය අඩු කරන ආකාරය අනුව සාමාන්‍යයෙන් රුධිර පීඩනය අඩු කිරීමට භාවිතා කරන ඖෂධයකට සමාන බවයි බොහෝ පර්යේෂකයන්ගේ අදහස .ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා කියවිය හැකියි මෙතනින් ,මෙතනින් සහ මෙතනින්
එය සිදුවන්නේ කෙසේද ?
Allicin , සුදුලුනුවල ඇති ,රුධිර පීඩනය අඩු කිරීම සදහා ඉවහල්වන ප්‍රධාන රසායනික සංයෝගය ලෙස සැලකෙන්නේ මෙයයි. මෙම රසායනික සංයෝගය මගින් අන්ජියෝටෙන්සින් නම් රසායනිකය දේහය තුල නිෂ්පාදනය වීම අවම කරනවා. රුධිර වාහිනී සංකෝචනය කර රුධිර පීඩනය වැඩි කරන්නේ අන්ජියෝටෙන්සින් නම් රසායනික සංයෝගය මගින්. ඒ සම්බන්ධ විස්තර ඇතුලත් පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින් .ඊට අමතරව Alicin මගින් දේහය තුල රුධිර පීඩනය යාමනය කිරීමට උපකාරීවන හයිඩ්රජන් සල්ෆයිඩ් සහ නයිට්‍රික් ඔක්සයිඩ වායුන් ජනනය කිරීමටද උපකරිවෙනවා.ඒ සම්බන්ධ විස්තර ඇතුලත් පර්යේෂණ පත්‍රිකාවක් මෙතනින්
Claim 2: දෙවැනි පැය තුළ සුදු ළූණු වල ඇති ඉතාම දුර්වල රසායනිකයන් ලේ වලට මුසු වෙනවා. ඒවා රුධිර ධමනි වල හිර අධික තෙල් සහිත කැටි සොයාගෙන ගොස් ඒවා දිය කර හරිනවා.
Ajoene ලෙස හදුන්වන සුදු ළුණු වල අඩංගු සංයෝගය මගින් රුධිර කැටි ඇතිවීම වලක්වාගනු ලබනවා.එහිදී මුලිකව සිදුවන්නේ රුධිර කැටි ඇතිවීම සදහා හේතුවන රුධිර පට්ටිකා එකතුවීම වලකා ගැනීමයි. කෙසේ වෙතත් එහිදී මුලිකව රුධිර කැටි දිය කිරීමක් සිදු නොවන නිසා මෙම ප්‍රකාශය කිසියන් ආකාරයකින් නොමගයවන සුළු එකක් ලෙසට හදුනාගත හැකියි. මේ සම්බන්ධ විස්තර ඇතුලත් පර්යේෂණ පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්
Claim 3 : සුදු ළූණු ආහාරයට ගෙන පැය දෙක තුනක් යද්දි ම ඒවා බඩවැල් මත ක්‍රියාත්මක වී ඔබේ මලපහ පිටකිරීමේ සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා අවම කරනවා.
පර්යේෂණ පත්‍රිකා සහ වෙනත් මුලාශ්‍ර වලට අනුව සුදුළුනු අවශ්‍ය සහ නිසි ප්‍රමාණවලින් ආහාරයට ගැනීම ආහාර ජීර්ණ ක්‍රියාවලියට පහසුවක් ඇතිකරනවා.එය සිදුවන්නේ සුදුළුනු වල අඩංගු සල්ෆර් ඇතුලත් සංයෝග මගින් ඇතිකරන ප්‍රතිජීවක ගුණ මගින් ජීරණ පද්ධතිය තුල ඇතිකරන ප්‍රතිජීවක ක්‍රියාවලිය හරහා එහි අඩංගු විසදායක සංයෝග ඉවත්කිරීම හරහා .ඒ සම්බන්ධ විස්තර ඇතුලත් වෙබ් ලිපියක් කියවිය හැකියි මෙතනින් එම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද ? Alicin නම් එයට මුලිකවන සංයෝගය සහ ඒ සම්බන්ධයෙන් වන විස්තර පත්‍රිකාවක් කියවිය හැකියි මෙතනින්
Claim 4: එසේම පැය දෙක තුනක් තුළ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ නිසාම රෝස්ට් කළ සුදු ළූණු ආහාරයට ගන්නා අයට ඉක්මණින් ලෙඩ දුක් හැදෙන්නේ නැත්තේ ඒකයි. ඉන් ශරීරයට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලබා දෙනවා.
සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළයාම සදහා හේතුවන සංයෝග බොහොමයක් සුදු ළුණු වල අඩංගුයි.ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකා කිහිපයක් කියවිය හැකියි මෙතනින්, මෙතනින් සහ මෙතනින් අප ඉහත ආහාර ජීරණ ක්‍රියාවලිය සම්බන්ධ සටහනේදී සදහන් කල ඇලිසින් නම් සංයෝගය මගින්ද සිරුරේ ප්‍රතිශක්ති වර්ධනයක් සිදුවෙනවා.
සුදුළුනු මගින් ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වලක්වන අතරම රෝග ඇතිවන විට එහි රෝග ලක්ෂණ තදබද ලෙස දැනීමද අවම කරනවා. එවැනි පර්යේෂණයක් පිළිබද විස්තර කියවිය හැකියි මෙතනින්
Claim 5: ශරීරයේ ඇති හොඳ කොලස්ටරෝල් මට්ටම වැඩි කර නරක කොලෙස්ටරෝල් මට්ටම සුදු ළූණු වලින් අඩු කරනවා. මේ හේතුව නිසාම අද බටහිර ලෝකයේ පවා සුදු ළූණු පෙති (galic tablet) දිනපතාම ගන්නවා.
මෙම විෂය සම්බන්ධව 2016 දී සිදුකරන ලද පර්යේෂණ පත්‍රිකා විශ්ලේශ්නයකින් අනාවරණය වී ඇත්තේ රුධිරයේ ඇති සෞඛ්‍යට අහිතකර ලිපෝ ප්‍රෝටීන අවම කිරීම සදහා සුදුළුනු අනුභව කිරීම හේතු සාධක විය හැකි බවයි. .ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව කියවිය හැකියි මෙතනින්
Claim 6: කෑමත් සමගම සුදු ළූණු ගැනීම ඉතා ම ඵලදායක බවයි ආයුර්වේදයේ කියන්නේ. සුදු ළූණු වල ඇති රසායනිකයන් නිසා ඒ කෑමට ගත් පසුව දහඩිය සමඟ එම රසායනික තෙල පිටවෙනවා.
කෑමත් සමග සුදුළුනු ගැනීම හොද බව ආයුර්වේදයේ සදහන් වෙනවා.කෙසේ වෙතත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයට ආහාරයට ගැනීම සුදුසු නොවන බව සහ ආයුර්වේදයේ නිර්දේශ කර නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය L.P.A. කරුණාතිලක අප සමග පැවසුවා.ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ සුදුළුනු ගුණදායක ආහාරයක් වුවත් එය භාවිතා කල හැකි ආකාරයන් සම්බන්ධයෙන් සමාජ ජාලා සටහන්වල හුවමාරුවන කරුණු නොමගයවන සුළු ඒවා වන බවයි.
සුදුළුනු ආහාරයට ගැනීමේ එක් අහිතකර අතුරුඵලයක් වන්නේ ඒවා ආහාරයට ගත් පසු එහි ඇති තෙල්/මේදමය සංයෝග නිසා සමෙන් සැර ගන්ධයක් නිකුත්වීමයි. ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ ලිපියක දක්වා ඇති ආකාරයට පාර්ස්ලි කොළ අමුවෙන් ආහාරයට ගැනීමෙන් අදාළ ගන්ධය නිසා ඇතිවන බලපෑම අවම කරගත හැකියි.නමුත් සම්පුර්ණයෙන් එය නවතා දැමිය නොහැකියි.ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල වෙබ් අඩවියේ පලවූ ලිපිය කියවිය හැකියි මෙතනින් සමහර පර්යේෂණ මගින් මෙම ගන්ධය අවම කරගත හැකි ආකාරය පිලිබදව කරුණු පළකර ඇති අතර එවන් පර්යේෂණ පත්‍රිකාවක් වෙත පිවිසිය හැකියි මෙතනින් එමගින් දැක්වෙන්නේ යෝගට් ආහාරයට ගැනීමෙන් සමෙන් පිටවන සුදුළුනු ගන්ධය අවම කරගත හැකි බවයි. කෙසේ වෙතත් රොස්ට් කිරීම මගින් සුදුළුනු වල ලාක්ෂණික ගන්ධයට ප්‍රබල බලපෑමක් සිදුවන බවට පර්යේෂණ වලින් සොයාගත් බවට පැහැදිලි සාක්ෂ්‍ය නැහැ .
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය )
සුදුළුනු වල ගුණ සම්බන්ධයෙන් ඉහත සමාජ ජාලා සටහනේ කියවෙන කරුණු බොහෝ සෙයින් සත්‍ය කරුණු මත පදනම්වුවත් , එහි අතිශයෝක්තියට නැගීම් බහුලයි. විශේෂයෙන්ම එය සැකසිය යුතු ආකාරය ,රෝස්ට් කර අනුභව කිරීමේ විශේෂ ප්‍රතිඵල සම්බන්ධයෙන් සදහන් කර ඇති කරුණු අතිශයෝක්තියට නගා ඇති ඒවායි .

Title:සුදු ළුණු වල ගුණ පිළිබද කරුණු පැහැදිලි කිරීමක්
Fact Check By: Kalana KrishanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,