දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියේ සඳහන් වන්නේ බලයට පත් වන රජයක් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත්, බුද්ධාගම ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම සිදු කරන බවත් ය. එහෙත් මේ වන විට විවිධ කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය චෝදනා කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කර ඇති බවක්. මෙහි සත්‍ය අසත්‍යතාව අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මාලිමා ආණ්ඩුව හොර රහසේම බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කරළා, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසිද?“ යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පෙළක් සංසරණය වී තිබුණා.
“බුද්ධ ශාසනය පිළිබඳ අමාත්‍යාංශයක් රටේ දැන් නෑ. තිබ්බ එක අහෝසි කලා” යනුවෙන් අමාත්‍ය සුනිල් සෙනවි පැවසු බව සඳහන් කරමින් තව ත් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.
මෙම සටහන්වල නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාශය අහෝසි කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එම අමාත්‍යාංශ ඉවත් කර ඇති බව කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක හෝ ඉහත දක්වා ඇති පරිදි පුවත්පතක් වාර්තා කර නොතිබුණි.
අමාත්‍ය හිනිදුම සෙනෙවි පැවසුවේ කුමක් ද?
අප ඉහත සටහන් සඳහා මුල් වී තිබු පරිදි රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙලෙසින් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය වත්මන් රජය විසින් අහෝසි කල බවට ප්‍රකාශයක් සිදු කළා ද යන්න මුලින්ම පරික්ෂා කර බැලුවා.
පසුගිය ජූලි 17 වන දා ස්වර්ණවාහිනි නාලිකාවේ ‘රතුඉර’ වැඩ සටහනක් අතරතුර අමාත්‍යංශයේ වපසරිය අමාත්‍යවරයා විස්තර කිරීමට සැරසෙන විට, වැඩසටහන් පුරකයා ප්‍රශ්නයක් නගා සිටින්නේ ” හැබැයි දැන් බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශයක් දැන් නෑ නේද” යනුවෙන්.
එයට “නෑ” යනුවෙන් අමාත්‍යවරයා පවසන කොටස පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඒ සඳහා දක්වා ඇති හේතු දැක්වීම එම සටහන් මගින් දැක්වෙන්නේ නැහැ. එසේම අමාත්‍යවරයා විසින් බුද්ධ ශාසන අමත්‍යංශය අහෝසි කළ බවක් ද කිසිඳු අවස්ථාවක දී සඳහන් කරන්නේ නැහැ.
මෙහිදී කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා පවසන්නේ, වත්මන් ආණ්ඩුව අමාත්‍යාංශ විසි ගණනකට සීමා කළ නිසා ඔවුන්ට අමාත්‍යාංශ ගණනාවක් එක් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපනය කිරීමට සිදු වූ බව ත්, වර්තමානයේ පවතින්නේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වන අතර ඒ යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවතින බවයි.
මේ ආකරයෙන්ම මීට පෙර රජයන්හි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ලෙස අමාත්‍යංශයක් ද තිබුණු බවත් මෙම ජාතික උරුමයන් පිළිබඳව ද සංස්කෘතික කටයුතු යටතේ තම අමාත්‍යංශයට එකතු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
නැවත වැඩසටහන් පුරකයා විසින් බුද්ධ ශාසන අමාත්‍යාශයක් නැතිව බුද්ධාගම සුරකින්නේ කෙසේද යනුවෙන් අසා සිටින අතර පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසන්නේ, ඒ සියළු කටයුතු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ යටතේ සිදුවන බවයි.
එසේම බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදෙන ප්‍රමුඛතාවය මත මෙන්ම ලංකාවේ වැඩි ජන අනුපාතයක් ද බෞද්ධාගමිකයින් වීමත් නිසා එයට ප්‍රමුඛතාවයක් දීමට අමාත්‍යශයේ නමට “බුද්ධ ශාසන” කොටස මුලට එකතු කර “බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය” ලෙස සිය අමාත්‍යංශය නම් කර ඇති බවත්, අනෙකුත් සියළු ආගම් පිලිබඳ කටයුතු “ආගමික” කොටසින් නියෝජනය වන බවත්, ඒ අනුව නම් තැබීමේ දී ද මෙම ප්‍රමුඛතාවය රජය හඳුනාගෙන තිබෙන බවයි, අමාත්‍ය සුනිල් සෙනෙවි පවසන්නේ.
මේ අවස්ථාව ඇතුළත් වීඩියෝව පහතින්.
අමාත්‍ය නලින්ද ජයතිස්ස
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍ය සංස්කෘතික අරමුදල, බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් ගැසට් කර ඇති බවය.

මෙම අමාත්‍යාංශයෙන් බෞද්ධ ශාසනයට අදාළ සියලු කටයුතු සිදු වෙමින් පවතින බව ද අවධාරණය කළ ඔහු තවදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධව කිසිදු මහා නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ නායක අනුනායක හාමුදුරුවන් වහන්සේ නමකගෙන් චෝදනා එල්ල වී නොමැති බවයි.
එමෙන් ම සියම්, රාමඤ්ඤ, අමරපුර ඇතුළු සියලු නිකායන්හි නායක, මහානායක, අනුනායක ස්වාමීන්වහන්සේළා ප්‍රාදේශීය වශයෙන් නිරන්තරයෙන් ම තම ආණ්ඩුව විසින් ගොස් හමුවන බවත් මෙම චෝදනා දේශපාලනිකව ආණ්ඩුවට එල්ල කරන බොරු චෝදනා පමණක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටිනන ලදි.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ පවසා සිටියේ රටේ අද වන විටත් ආගමික හා සංස්කෘතික යන විෂයයන් එක්ව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවතින බවත්, කිසිඳු ගැටළුවක් නොමැති බවත්, ජනමාධ්‍ය මගින් වැරදි ලෙස ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රකාශය විකෘති කර ඇති බවත් ය.
බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම්
ආගමික කටයුතුවලදී රාජ්‍යයේ කාර්යභාරය පිළිබඳ සංවාදයට පහසුකම් සැලසීම සහ ආගමේ දියුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන කාර්ය සාධක බලකා උපදේශක සභාවක් පිහිටුවීමට රජය යෝජනා කර ඇති අතර සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේ උත්සාහයන් අතරට ‘ශ්‍රී සන්නස් පත්‍ර’ ප්‍රකාශන හරහා ඓතිහාසික විහාරස්ථාන නිල වශයෙන් නම් කිරීම සහ අනුරාධපුර පුරාණ නගරය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් විය.
පිරිවෙන්වල බෞද්ධ භික්ෂූන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන්, සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ බුදුන්ගේ ඉගැන්වීම් මත පදනම් වූ ‘සිල් සුවඳයි – හෙළ දිවියි’ සෞඛ්‍ය වැඩසටහන, අමාතංශය පිහිටුවීමත් සමඟ සිදුකර තිබෙන අධ්‍යාපනික මුලපිරීම් අතරට දැක්විය හැක.
වියට්නාමයේ පැවති 20 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති දිසානායක මහතා කළ ප්‍රධාන දේශනය මගින් ජාත්‍යන්තර වශයෙන් බෞද්ධාගම වෙනුවෙන් දක්වන සහභාගීත්වය ඉස්මතු කෙරුණු අතර පොළොන්නරුවේ ථූපාරාම ප්‍රතිමා මන්දිරය සඳහා රුපියල් මිලියන 32 ක සංරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා ද අමාත්‍යාංශය එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ හවුල් වී කටයුතු කරනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බෞද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අහෝසි කළ බවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් නොමග යන සුළු බවයි.
එලෙසින් බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යංශය අහෝසි කළ බවක් අමත්‍යවරයා පවසන්නේ නැති අතර ඔහු කියා සිටියේ පෙර පැවති නම යටතේ අමාත්‍යංශය නොමැති වුවත්, බෞද්ධාගමට ප්‍රමුඛතාවය ද ලබාදෙමින්, නව රජයේ අමාත්‍යංශය ගණන අඩු කිරීමේ ප්‍රතිපත්තිය ද යටතේ, “බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු” ලෙස “බුද්ධ ශාසන” කොටස ද ඇතුළත් කරමින් අමාත්‍යංශය නම් කළ බවත් ඒ යටතේ සියළු බෞද්ධාගම සහ බෞද්ධ දර්ශනයේ උන්නතියට අදාළ වැඩකටයුතු සිදුකෙරෙන බවයි.

Title:බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයක් මෙරට නැද්ද?
Fact Check By: Factcrescendo TeamResult: Misleading
