Last updated on May 12th, 2022 at 04:05 pm

ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :

මේ සම්බන්ධයෙන් පළ වූ තවත් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link
එමෙන්ම ඊයේ(09) රාත්‍රියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් ව ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබූ ආකාරය පහතින්.

මෙම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් පසුගිය අප්‍රේල් 09 වන දා කොළඹ, ගාලු මුවදොර පිටියේ ඇරඹී සාමකාමී අරගලයට මසක් පූර්ණ වූ ඊයේ (09) දිනයේදී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂියන් විසින් ගාලු මුවදොර අරගලයේ යෙදී සිටි ජනතාවට පහර දෙනු ලැබුවා.
මෙම අවස්ථාවේදී පහර කෑමට ලක් වූ තරුණයෙකු වන සාලික අනුරංග නමැති තරුණයාට හිසට එල්ල වුණු ප්‍රහාරයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවට සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දුන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
අනුරංගට පහර දෙන අවස්ථාවේ දර්ශන මෙතනින්.
මේ අතර මොහු මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවත් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සැත්කමකට භාජනය වූ බවත් අනුරංගගේ ඥාතීන් සහ යහළු යෙහෙළියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
අනුරංග මිය ගිය පුවතේ නිරවද්‍යතාවය විමසීම සඳහා අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමිධි සමරකෝන් මහත්මියගෙන් විමසීමක් කරනු ලැබුවා.
ඒ මහත්මිය සඳහන් කළේ, සාලික අනුරංග ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සටහන් අසත්‍ය වන බවයි. කෙසේවෙතත් ඔහු මේ වන විටත් හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් කළා.
මේ පිළිබඳව ඉදිරියේ දී තොරතුරු යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.
එමෙන්ම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඊයේ (09) රාත්‍රියේ මාකුඹුර ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති බවට පුවත් වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.
අප මේ පිළිබඳව හෝමාගම රෝහලෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, සුළු තුවාල ලබා මන්ත්‍රීවරයා රෝහල් ගත කළ බවයි. කෙසේනමුත් මන්ත්‍රීවරයාගේ නිදන් ගත රෝග මතුවීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ දැනට ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් සඳහන් කළා. ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රීවරයාගේ දර්ශන මෙතනින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන නලින් වෙල්ගම විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මාකුඹුර පිවිසුමේදී කුමාර වෙල්ගමගේ රථය පුද්ගලයෙකු හා ගැටීම හේතුවෙන් ඒ අවස්ථාවේදී ඔහුගේ රියදුරු හා ආරක්ෂක නිලධාරියා පළාගොස් ඇති අතර සිද්ධිය වටා රැස් වූ කුපිත වූ පිරිස් කුමාර වෙල්ගමට පහර දී ඇත්තේ ඔහුව හඳුනා නොගෙන බවත්, සුළු තුවාල සහිතව ඔහුව හෝමගම රෝහලට ඇතුළත් කළ බවයි. එම පණිවිඩිය පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය):
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ සටහන් වල දැක්වෙන පරිදි ඊයේ (09) අරගල භූමියේදී සිදු වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සාලික අනුරංග නමැති තරුණයා හෝ මාකුඹුර ප්‍රදේශයේ දී ප්‍රහාරයකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හෝ මේ වන විට (මැයි 10) ජීවිතක්ෂයට පත් වී නොමැති බවයි. ඒ බවට ඔවුන් ඇතුළත් කළ රෝහල් වලින් මෙන්ම ඥාතීන්ද තහවුරු කරනු ලැබුවා.

Title:මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
