Archives

යුක්රේන සොල්දාදුවන් විසින් යුද බිමට යෑමට පෙර සිය ආදරණීයන්ට සමුදෙන අයුරු? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුසියාව-යුක්රේනය අතර උග්‍රවන ගැටුම මධ්‍යයේ, යුද බිමට යන යුක්රේන සොල්දාදුවන් සිය ආදරණීන්ට සමුදෙන අයුරු බවට දක්වමින් විනාඩි 15 ක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන්ම මෙහි දැක්වෙන්නේ මේ දිනවල යුක්රේනයේ සටන් බිමට යන සොල්දාදුවන් ඔවුන්ගේ ආදරණීයන්ගෙන් වෙන්වෙන ආකාරයේ වීඩියෝවක් ද යන්න අප විමර්ශනයක් […]

Continue Reading

NATO හමුදා රුසියාව වැටලුවාද?

රුසියාව යුක්රේනයට නොනවත්වා ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් NATO සංවිධානය විසින් ඊට මැදිහත් වෙමින් NATO හමුදාව විසින් රුසියාව වටලා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය හේතුවෙන් NATO සංවිධානය සිය හමුදා බල මුළු තර කරමින් සිටි. මේ […]

Continue Reading

FACT CHECK: යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් කිසියම් තටාකයකට බැස සිටින අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට රුසියන් හමුදාව පැරෂුට් මගින් ගොඩබසින වීඩියෝ දර්ශන පෙළක්?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුකේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් සෙබලුන් පිරිසක් පැරිෂුට් ආධාරයෙන් ගොඩබිමට […]

Continue Reading

2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවට BBC අනතුරු හැඟවීමක් ???

පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය තුළ රුසියාව සහ NATO සංවිධානය අතර මතුව ඇත්තේ උණුසුම් වාතාවරණයක්. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව NATO සංවිධානයේ සාමාජික රටවල් සිය විරෝධය පළකර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ සමාජ ජාලා වලද මේ සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුලු ප්‍රචාර පැතිර යනවා. මේ සමාජ ජාලා තුළ පැතිර යන එවැනි නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading

රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]

Continue Reading

එරන්ද ගිනිගේ විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් වෙනත් අර්ථ කථන වලින් පළ කරනවා සේම සිදු නොකළ ප්‍රකාශයන් එම පුද්ගලයන් විසින් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමග යැවීමට ඇතැම් සටහන් උපහාසත්මක කෝණයකින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ […]

Continue Reading

මුස්ලිම් බහු විවාහ සඳහා අවසර?

භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් නීතියෙන් අවකාශය ලබා දී ඇති බව බොහෝ දෙනා දන්නා කරුනකි. කෙසෙනමුත් මෙරටදී මුස්ලිම්  ජනතාවට බහු විවාහ සඳහා අවසර ලබා දී තිබුණේ නැති බවටත්, මෑතකදී බහු විවාහ අවසරය ලබා දුන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?

පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]

Continue Reading

Alex Hales නැවත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බදවාගන්නා ලෙස ඉල්ලමින් එංගලන්තයේ විරෝධතා රැල්ලක් ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු පිළිබදව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ද දක්වන්නේ අති මහත් උනන්දුවක්. එම නිසා සමාජ ජාලා වලද ඒ පිළිබදව නිරතුරු කතාබහට ලක්වෙනවා .මේ අතර ඇතැම් නොමගයවන සුලු කරුණු ද ඇතුලත් වන අතර, මේ එවන් නොමගයවන සුලු සටහනක්  පිළිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් […]

Continue Reading

‘මල් වඩමක’ මිල රුපියල් 10,000 දක්වා ඉහළට ?

ශ්‍රී ලංකාව තුළ බොහෝ භාණ්ඩවල මිල මේ වන විට ඉහළ ගොස් ඇති ආකාරයත් ඒ හේතුවෙන් ජනතාව ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. මේ අතර අවමංගල්‍ය අවස්ථාවලදී භාවිතා කරනු ලබන මල් වඩමක මිල ද රුපියල් දස දහස දක්වා ඉහළට ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් හේතුවෙන් මෙම පුවතේ සත්‍ය සොයා අප […]

Continue Reading

පෙබරවාරි 21 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමුවාද?

Update : ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමුවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් ලිපි මෙතනින් සහ මෙතනින්. ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි හේතුවෙන් […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් […]

Continue Reading

දිවියෙන් සමුගත් “හයිදර් “ දරුවාගේ යැයි සඳහන් කරමින් පළවන නොමග යවන සුලු ඡායාරූප පෙළක්!

ලොවක් හඩවමින් අවසන් ගමන් ගිය මොරොක්කෝවේ රයන් දරුවාට පසු 6 හැවිරිදි ඇෆ්ඝනිස්ථානයේ හයිදර් නම් දරුවෙක්ද සිය දිවි ගමනෙන් සමුගෙන තිබුණේ අඩි 80 ක් පමණ ගැඹුරු ළිං පතුලකට ඇද වැටීමෙන් .මොරොක්කෝවේ රයන් දරුවාගේ මියයාමෙන් අනතුරුව බොහෝ වැරදි ඡායාරූප සහ වැරදි විස්තර සමාජ ජාලාවල පැතිරගිය ආකාරයටම හයිදර් සම්බන්ධයෙන්ද වැරදි සහ නොමග යවන සුලු ඡායාරූප අන්තර්ජාලය හරහා පැතිර […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා  […]

Continue Reading