FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

Fact Check: හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යනුවෙන් නව තනතුරක් ?

හදිසි මරණ පරීක්ෂකවරු පත් කිරීම සඳහා අයදුම් පත් කැඳවීමට අධිකරණ අමාත්‍යංශය විසින් පළකර තිබු නිවේදනයක කරුණක් මුල්කරගනිමින් සමඟම පසුගිය දින කිහිපයේදී ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද විශාල කතාබහක් කතිකාවතක් ඇතිවී තිබුණා. ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන්. මෙය නව තනතුරක් බවත් මේ සඳහා මුල් වී තිබෙන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා බවටත් […]

Continue Reading

Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ්‍ය වල ද අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්දව තරමක් වෙනස් පුවතක් ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පල […]

Continue Reading

Fact Check: උවිඳු විජේවීර සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් පැවසු බවට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් පසුගිය දින කීපයේ දී වැඩියෙන් නිර්මාණය වී තිබුණා. ඒ, ඔහු  71 විප්ලවයට සම්බන්ධ වූ දෙවැනි පරපුර සම්බන්ධ කරගනිමින් නව කඳවුරක් නිර්මාණය කිරීමට සරසීමත් සමඟයි. මෙසේ නව සංවිධානයක් හරහා උවිඳු විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වුවහොත් එමඟින් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන තර්ජනය පිළිබඳව බොහෝ […]

Continue Reading

FACT CHECK: අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ සටහන් පෙළක්!

Update : පසුගිය අප්‍රේල් 01 වන දා ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වුණා. දිවි සැරිය නිමා කළ අමරසිරි කලංසූරිය රංගවේදියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 82 පසු කරමින් සිටියා. ඔහුගේ අවසන් කටයුතු අද (03) 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් […]

Continue Reading

FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා. මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු […]

Continue Reading

වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. කෙසේ නමුත් මේවා ව්‍යාජ සටහන් බව Factcrescendo විමර්ශනයේදී අනාවරණය වුණා සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්.  එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන […]

Continue Reading

FACT CHECK: දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථානයටම යටින් පිහිටි උමගෙන් මතුවෙන දර්ශනය දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් පිරිසක් පැමිනෙනවා.  මේ අතර […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා. මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත්පතකට පැවසු බව පෙන්වන ආකාරයේ පුවතක් හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: පොලිස් නිලධාරියෙකු T-shirt එකක් පැලඳ සිටින පුද්ගලයෙකුට වඳින ඡායාරූපයේ සැබෑ කතාව කුමක්ද?

ශ්‍රී ලංකා පොලිස් සේවාව ගැන ප්‍රසංශා මෙන්ම විවේචන ද බොහෝ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්.පොලීසියේ ඉහල නිල තල දරන පුද්ගලයන්ගේ ක්‍රියකාරකම්ද ඇතැම් විට විවේචනයට ලක්වන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  මේ ආකාරයෙන් පොලිස් සේවයේ ඉහල විශ්‍රාමික නිලධාරියෙකු වෙත නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී තවත් රථවාහන පරීක්ෂක පොලිස් නිලධාරියෙකු අත්වූ අපහසුතාවයක් හේතුවෙන් උසස් නිලධාරියාට වැඳ නමස්කාර කිරීමට සිදුවූ බවක් […]

Continue Reading

Fact Check: රම්මලේ රක්ෂිතයේ සිදුවූ වන සංහාරයේ සිතියමක් ද?

ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින් මේ ආකාරයෙන්ම හුවමාරු වූ තවත් සටහන් පෙළක ගූගල් සිතියම් සන්සන්දනය කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දකුණු […]

Continue Reading

Fact Check: සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා මේ ආකාරයෙන් හෝ මාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් […]

Continue Reading

Fact Check : ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන නිවස ද?

විශ්මයජනක ගෘහ නිර්මාණ පිළිබඳව පළ වන වාර්තා නොයෙකුත් අවස්ථාවලදී අපට දැකගන්නට ලැබෙනවා ඇතැම් අවස්ථාවල මෙවන් නිර්මාණ ලංකාවේ නිර්මාණ බවට පළ වන ව්‍යාජ පුවත් ද දැකගන්නට ලැබෙනවා.   මේ ආකාරයෙන්ම ඉතා පටු ඉඩක දික් අතට නිර්මාණය කරන ලද නිවසක්, ලංකාවේ නිර්මාණය කරන ලද නිවසක් බවට පළවූ සටහන් විමර්ශනය කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ එය ඇත්ත වශයෙන්ම වියට්නාමයේ […]

Continue Reading

Fact Check: කාදිනල් හිමිපාණන්, පසුබිම තිරයේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් පෙන්වන ස්ථානයක සිටි අවස්ථාවක් ද?

පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද බොහෝ අවස්ථාවල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුණා එබඳු සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකරන ලද අනාවරණ මෙතනින් මේ අයුරින්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ‍ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ  සේයාරුවක් පෙන්වන පසුබිමක පරිගණකයක් ක්‍රියා කරන බවක් පෙන්වන ඡායාරූපයක් අපට දැක ගන්නට […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාමීය ජනතාව මුහුණපාන ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින්, ජනපති ගේ මුලිකත්වයෙන් ආරම්භ වී තිබූ  “ගම සමග පිළිසඳර” වැඩසටහන් සම්බන්ධයෙනි විශාල කතිකාවතක් පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. පසුගියදා කුරුණෑගල, ගිරිබාව වේරගල ග්‍රාමයේ පැවති එවැනි වැඩසටහනකදී “දැයට එළිය’ නමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ද දියත් කරන ලදී. එම අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූපයක් […]

Continue Reading

FACT CHECK : ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් අත්වූ ඉරණමක් බව හැඟවීමට යොදාගෙන තිබෙන්නේ මෙරට සිදුවූ සිදුවීමක් ද?

රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දීම පවතින රජයන් උත්සුක වුණද ජනතාව පීඩනයට පත් වන විට ඒ වෙනුවෙන් විවේචන ද පාලකයින් වෙත එල්ලවන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් නුවාන් නිරෝඩ ඇල්විස් නමින් පෙනී සිටින අයෙකු ආරක්ශක සේවාවක වැඩ කරන පුද්ගලයෙකු, බත් සමග ළූණු සහ සුදුළූණු […]

Continue Reading

Fact Check: මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්. මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2024 ජනාධිපතිවරණය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බවක් පක්ෂ නායක රැස්වීමකදී […]

Continue Reading

Fact Check: පසුගිය දා ලංකාවේ උඩුගුවනේ සිදුකළ ඡායරුපගත කිරීමේ මෙහෙයුමක් ද?

ගුවන් යානා සංදර්ශන සඳහා බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර පසුගියදා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ගුවන් සංදර්ශන සඳහා බොහෝ දෙනාගේ උනන්දුවක් යොමුවී තිබෙනු අපට දැකගන්නට ලැබුණා මෙවන් පසුබිමක එම සංදර්ශනය සඳහා යොදා ගන්නා ගුවන් යානා උඩුගුවනේ සිට ඡායාරූපගත කරන අවස්ථාවක් බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන […]

Continue Reading

FACT CHECK: ප්‍රවීන කලාකරු ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මියගොස් ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

විශේෂයෙන්ම කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිලිබඳ අසත්‍ය හා නොමඟ යවන සුළු පුවත් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී එවැනි සටහන් පිලිබඳ අප විමර්ෂණ සිදුකළා. මේ ආකාරයෙන්ම පසුගිය දා ප්‍රවීන කලාකරුවෙකු වන ප්‍රසන්නජිත් අබේසූරිය මහතා අප අතරින් සමු ගත් බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පල වී තිබු ආකාරය අපට […]

Continue Reading