Fact Check: වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියක් ?

False International

ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ අතර සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද පළවී තිබෙන බව අපට නිරන්තරයෙන් ම පෙනී යනවා.

මීට පෙර වසර හතලිහකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව පළවූ සටහන් සම්බන්ධයෙන් අප විසින් ඉංග්‍රීසි බසින් සිදු කරන ලද කරුණු විමර්ශනයක් මෙතනින්

මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. කෙසේ නමුත් මේවා ව්‍යාජ සටහනක් බව Factcrescendo විමර්ශනයේදී අනාවරණය වුණා

සමාජ මාධ්‍ය සටහන්:

“හිමාල කදුවැටියේ වර්ෂ 400 කට වරක් පිපෙන මහමේරූ පුෂ්පය.. මෙලෙසින් මෙය දැකගැනීම වාසනාවක්!” යන තේමාව යටතේ මාර්තු 11 වන දින පලවී තිබු විශාල පුෂ්පයක ආකාරයෙන් දිස්වෙන සේයාරුවක් මේ වන විට පන්දහසකට ආසන්නට පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මීට පෙර ද මෙම ඡායාරුපය සහිත සටහන් බොහෝ දෙනා විසින් හුවමාරු වී තිබු අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා

මේ තේමාවෙන් ම වෙනත් ආකරයේ ඡායාරුප සටහන් කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුනේ මෙලෙසින්

Facebook | Archived

මේ පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

වසර ගණනාවකට සැරයක් හෝ ජීවිත කාලයේ එක් වරක් මල් පිපෙන දුර්ලභ මල් මොනවාදැයි අප මුලින්ම ගවේෂණය කළෙමු. මෙහිදී අරුම පුදුම තොරතුරු සහිත පැලෑටි පිලිබඳ විස්තර සඳහන් වී තිබුණ ද ඒ කිසිවක ඉහත ඡායරුපයේ පෙනෙන ආකාරයේ පුෂ්පයක් පිළිබඳව සඳහන් වී තිබුනේ නැහැ. වසර 400 කට වරක් පිපෙන වෙනත් ශාකයක් පිලිබඳ ව ද සඳහන් වන්නේ නැහැ. එම වාර්තා කිහිපයක් පහතින්. 

Topteny | Listverse | owlcation

ගිනස් ලෝක වාර්තා පොතේ වැඩිම කාලයකින් (සෙමින්ම) මල් හටගන්නා ශාකයක් පිලිබඳ සටහන් වන්නේ බොලිවියාවෙන්. ඒ වසර 80-150ත් අතර කාලයක්. එම සටහන මෙතනින්

පින්තූරයේ ඇති ශාකයේ නම කුමක්ද සහ එහි සපුෂ්පක කාලය පිළිබඳව අධ්‍යයනයක් කළෙමු. Reverse Image සෙවුමකදී එම ඡායාරුපය 2009 වසරේ දී Mark Horrell නැමැත්තෙක් විසින් පලකරන ලද Rheum Nobile ශාකයක ඡායරුපක් බව දැක ගන්නට ලැබුනේ මෙලෙසින්

Flicker 

ඉහත ඡායාරුපය ලබාගත් Mark Horrell විසින් ඔහුගේ සංචාරයේ දී හිමාල කඳු බැවුමක විශාල වශයෙන් දක්නට ලැබුණු මෙම හිමාලයානු එළවළු වර්ගයක් ලෙස සැලකෙන ශාකය පිලිබඳ වීඩියෝවක් ද ඇතුළත් වාර්තාවක් පළකර තිබුනේ මෙලෙසින්

හිමාලය ප්‍රදේශයට දක්නට ලැබෙන Rheum Nobile ,  Rhubarb යනුවෙන් ද හැඳින්වෙන අතර මෙය ඇෆ්ගනිස්තානය, පකිස්තානය, නේපාලය, ඉන්දියාව භූතානය, ටිබේටය සහ මියන්මාර් වැනි රටවල ද දක්නට ලැබෙන ශාකයක්.  

එසේම එහි සපුෂ්පක කාලය පිළිබඳව ද අප සොයා බැලුවෙමු.  ජූලි සිට අගෝස්තු දක්වා වැනි මාසවලදී එය පිපෙන බව සඳහන් වූ වාර්තා කිහිපයක් පහතින්. එසේම එහි පරාගණය සුළඟින් සිදුවන බව ද සඳහන්.

pfaf.org | Flowersofindia

එසේම මෙය එම හිමාල ප්‍රදේශයේ වැසියන් විසින් ආහාරයක් වශයෙන් ද යොදාගන්නා අතර ටිබේටයේ ඖෂධයක් ලෙස ද භාවිතා වන බව සඳහන්. 

මේ පිලිබඳ ලොව බොහෝ ප්‍රදේශවල ව්‍යාජ සටහන් මීට පෙර හුවමාරු වී තිබු අතර අප ආයතනයේ ම දමිළ බසින් මේ පිලිබඳ සිදුකර තිබු කරුණු විමර්ශනයක් මෙතනින්

සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි මහ මේරූ පුෂ්පය නමින් වෙනත් ආකාරයේ මලක් පිලිබඳ ව සටහන් හුවමාරු වී තිබුණා. එහෙත් එයද වසර 400 කට වරක් මල් හටගන්නා බව අසත්‍යයි. ඒ පිලිබඳ සිදුකර තිබු කරුණු විමර්ශනයක් මෙතනින්

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අනෙකුත් ඡායාරුපය ද ලංකාවේ පුෂ්පයක් නොවන බව අනාවරණය විය. ඉහත ඡායරුපය ලොව විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශ්මයජනක දසුනක් ලෙස මෙසේ හුවමාරු වී තිබුණා  ‘Salvia Hot Lips’ නම් එම පුෂ්පය ගිම්හාන කාලයේ මුල සිට හිම වැටෙන කාලය දක්වා මල් හටගන්නා ශාකයක්. මෙම ශාකය පිලිබඳ වාර්තාවක් මෙතනින්. මේ පිලිබඳ දීර්ඝ කරුණු විමර්ෂණයක් Factcrescendo Tamil කණ්ඩායම විසින් සිදුකර තිබුනේ මෙලෙසින්. (මෙම කොටස යාවත්කාලීන කරන ලදි)

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මහා මේරු පුෂ්පය යනුවෙන් පෙන්වා දී තිබූ ඡායාරූපයේ දැක්වුණේ Rheum Nobile නම් හිමාලය ප්‍රදේශයේ සුලභව දක්නට ලැබෙන ශාකයක් වූ අතර එහි මල් හට ගැනීම ජූලි සිට අගෝස්තු දක්වා කාලය අතරතුරදී සිදු වන බවයි. මේ අනුව වසර හාරසීයකට වරක් මල් හටගන්නා ශාකයක් යනුවෙන් හුවමාරු වී ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ සටහනක්.

වසර 400 කට සැරයක් මල් හටගන්නා ශාකයක් පිලිබඳ ව මෙතෙක් වාර්තා වී ඇත්තේ ද නැත.

Avatar

Title:වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියක් ?

Fact Check By: Sahan Perera 

Result: False


1 thought on “Fact Check: වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියක් ?

  1. The report has not been prepared by my me. As it was nice to see just i shared. Thanks for information

Leave a Reply