FACT CHECK: රන්ජන් රාමනායක සියදිවි නසා ගන්නට උත්සහ කළා ද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link Gossip Lanka වෙබ්අඩවියේ වාර්තාවේ වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසිනි. සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු […]

Continue Reading

FACT CHECK: මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ යනුවෙන් ජොන්ස්ටන් පැවසුවාද?

කෝවිඩ් වසංගතය අලලා අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීම මේ දිනවල දැකගන්නට පුළුවන් වෙනවා. Covid-19 හේතුවෙන් ජනතාව මියයෑම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මොහොතක මහ මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “මිනිස්සූ දාහක් දෙදෙහාක් මැරුණට මොකක්ද ප්‍රශ්නේ?” යනුවෙන් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. […]

Continue Reading

FACT CHECK: ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත […]

Continue Reading

FACT CHECK: ඉදිරි දිනවල දිනකට කෝවිඩ් ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා ‍වෙයි?

කෝවිඩ් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මුළු රටක් තැතිගෙන ඇති මොහොතක ඒ හා සම්බන්ධ නිවැරදි තොරතුරක් වුවද අර්ථය විකෘති කොට හෝ වෙනත් අර්ථකතනයන් හැඟවෙන පරිදි සමාජගත කිරීම තුළින් මහජනතාව නොසුන්තාවයට පත් වන බව සෑමදෙනාම පාහේ දන්නා කරුණක්. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෝවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා.  එම සටහන ඇතුළුව […]

Continue Reading

FACT CHECK: යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද (මැයි 03) පැවැත්වූවාද?

මේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද […]

Continue Reading

FACT CHECK: සජිත්ගෙන් සිරසේ ශෙවාන්ට ලිපියක්?

පසුගියදා 23 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවට එල්ල කළ චෝදනා හා හෙළිකිරීම් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි ඉඩක් වෙන් කර තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා.   මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හා WhatsApp ඔස්සේ […]

Continue Reading

FACT CHECK: දියවඩන නිලමේ ලංකා බැංකුවට කොටි 6ක මූල්‍ය වංචාවක් කළාද?

ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ධුරය හොබවන නිලංග දෑළ බණ්ඩාර මහතා හා සම්බන්ධ මූල්‍යමය වංචාවක් පිළිබඳ වසරේ කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සංසරණය වී තිබුණා.  මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Namal Chinthaka යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනේ දැක්වුණේ, […]

Continue Reading

FACT CHECK: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම ගැන අමාත්‍ය කාංචනගේ ප්‍රකාශයක්?

දේශපාලඥයන් මෙන්ම පුවත් ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් පුවත් සංස්කරණය කරමින් වෙනත් අර්ථකතනයන් ලබා දී ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර පුවත්පත් සංස්කරණ ද බහුලවම දැක ගන්නට ලැබෙන අතර අප පසුගිය කාලයේ එසේ සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා […]

Continue Reading

FACT CHECK: කළුබෝවිල රෝහලේ හා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයේ ඇත්ත කතාව!

අප්‍රේල් අවුරුදු උත්සව සමයෙන් පසුව ලංකවේ කෝවිඩ් 19 ව්‍යාප්තිය විශාල වශයෙන් වාර්තා වී තිබු අතර ඒ හා සමඟම කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේද මතුවීම තුළින් තරුණ ප්‍රජාවද විශාල වශයෙන් මෙහි ගොදුරක් බවට පත්වී තිබෙන බවත් ආදී කරුණු Covid-19 පාලනය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වුණා. කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර […]

Continue Reading

FACT CHECK: අගරදගුරු හිමිපාණන්ට මාධ්‍ය වාරණයක්?

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මෙරට සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට මේ වන විට අවුරුදු දෙකක් ගත වී තිබෙනවා. ඒ උණුහුමත් සමඟ දේශපාලනික නායකයින් මෙන්ම කතෝලික ආගමික නායකයන් ගැන ද මේ දිනවල වැඩි වශයෙන් කතාබහක් දක්නට ලැබෙන්නේ තවමත් නිසි පරිදි මෙම ප්‍රහාරයට මුල්වුවන් සොයා දඬුවම් දී නොමැති බවට මැසිවිලි නඟමින්. මේ අතර අගරදගුරු අතිඋතුම් […]

Continue Reading

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]

Continue Reading

FACT CHECK: රාවණා රජු සමයේ භාවිතා වූ සන්නිවේදන උපකරණ?

රාවණා රජු පිළිබඳව විවිධාකාරයේ මත සමාජය තුළ විටින් විට මතුවෙමින් පවතිනවා. පසුගිය වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රාවණා රජු භාවිතා කළ තෙලබනුව (දුරකතන)යැයි සඳහන් කරමින් සටහන් හුවමාරු වුණා.  උපහාසාත්මක කෝණයකින් පළවූ එම සටහන මේ දිනවල නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙම සටහන් සඳහා යොදාගෙන තිබු සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Madushanka […]

Continue Reading

FACT CHECK: පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පුවත් මවමින් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා අපට සුලබව දැකගත හැකි කරුණක්. මේ පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම හේතුවෙන් ඒ සඳහා රට පුරා ප්‍රචාරය වුණු පෝස්ටර් අළලා මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: 2018 වසරේ සැත්කමක් සඳහා ආධාර ඉල්ලමින් පළවූ සටහනක්, නැවතත් මේ දිනවල හුවමාරු වූ අවස්ථාවක්!

යම් කිසි පුවතක්, සිදුවීමක් එසැනින් සංසරණය වන තෝතැන්නක් ලෙස සමාජ මාධ්‍යය හැඳින්විය හැක. ඒ හේතුවෙන් ඕනෑම උපකාරයක් අවැසි මොහොතක වුවද ඒ පිළිබඳව දැනුම් දීමක් සමාජ මාධ්‍ය හරහා සිදු කළ විට සිය දහස් ගණනින් මිනිසුන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වනවා අපට සුලබව දකින්නට පුළුවන්.  එම අවශ්‍යතාව අවසන් වූ පසුවත් නැවත නැවතත් එම උපකාරය ඉල්ලා පළ වූ […]

Continue Reading

FACT CHECK: කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

කෙසෙල් හෙවත් Musa යන උද්භිත නාමයෙන් හඳුන්වන මෙම පළතුර මෙරට මෙන්ම ලොව සියලු දෙනා අතරද ජනප්‍රිය පළතුරක්. ලංකාවේ බොහෝ උත්සවවලදී කෙසෙල් පළතුරට ප්‍රධාන තැනක් හිමි වනවා දැකගන්නට පුළුවන්.  මේ අලුත් අවුරුදු සමයේදී ද කැවිලි මේසයට නැතුව බැරි පළතුරක් වන කෙසෙල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබු‍ණේ, කෙසෙල් මිලදී ගැනීමට පෙර එහි රසායනික ද්‍රව්‍ය […]

Continue Reading

FACT CHECK: මැයි මාසයේදී විවෘත කිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය?

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්,  පොතුහැර සිට ගලගෙදර දක්වාත් දිවයන ව්‍යාපෘතියකි. මෙහි වැඩකටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් වල ඡායාරූප හා පටිගත කළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එළැඹෙන මැයි මසදී මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමට නියමිත […]

Continue Reading

FACT CHECK: අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතුට, අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි?

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද කතිකාවතාවක් නිර්මාණය වී තිබුණා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා සේවය කිරීම සම්බන්ධයෙන්.  ඒ උණුහුම පහව යන්නටත් ප්‍රථම, නැවතත් චතුර කබ්රාල් සමාජ […]

Continue Reading

FACT CHECK: අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවෙකු ඉදිරියේ දණ නමා සමාව ගත්තද?

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය අප කාටත් මතකයෙන් නොමියන සිදුවීමක් වනවා.  පසුගිය වසරේ මැයි 25 දින අමෙරිකාවේ මිනියපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකු හමුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට අත්වූ අවාසනාවන්ත ඉරණමත් සමඟම වර්ණ භේද වාදය පිළිබඳව ලොවට පුරා උද්ඝෝෂණ රැල්ලක් ඇතිවී තිබුණා.  ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවී මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී නිම වී තිබෙන මොහොතක නැවතත් ඔහුගේ […]

Continue Reading

FACT CHECK: ලාල්කාන්තගෙන් ජනාධිපතිට ඉල්ලීමක්?

මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් […]

Continue Reading