2017 රැලියකදී එල්ල වූ ප්‍රහාරයක් ජුනි 9 රැළියේ දුමින්ද නාගමුව මහතාට එල්ලකළ ප්‍රහාරයක් ලෙස පෙන්වීමක්!

කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනියාපොලිස් පොලිස් නිලධාරියෙකුගේ කෲරත්වය නිසා මරණයට පත්වීම කරණකොට ගෙන ඇමරිකාව පුරා පැතුරුණු විරෝධතා රැල්ල ලෝකය පුරා පැතිර ගියේය. ලංකාවේද වාමාංශික දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජුනි මස 9වන දින කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය එම විරෝධතාවය නොපවත්වන ලෙසට අධිකරණ […]

Continue Reading

බිමල් රත්නායක මහතා අලලා කෙරුණු ව්‍යාජ ප්‍රකාශයක්!

මොරටුව සොයිසාපුර ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම, නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවන බවට වු අනතුරු ඇඟවීමක් විය. දිවයින පුරා ක්‍රියාත්මක වන පාතාලයේ කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොලිසියට සහ  ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවට වාර්තා පළ විය. අපරාධ  සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ වූ පාතාලයේ ක්‍රියාකාරියෙකු  පොලිසිය සමග ඇති […]

Continue Reading

ලාල් කාන්ත මහතා විසින් සිදුකලා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදී .එම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වර්තමාන යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් ලබාදෙයි. කොරෝනා මර්ධනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවිධ විවේචන ඇතිවුවත් එම කටයුතු මෙහෙයවූ ශවේන්ද්‍ර සිල්වා […]

Continue Reading

තොණ්ඩමන් මහතාගේ දේහය ආවරණය කර තිබුණේ ඉන්දීය ජාතික ධජයෙන් නොවේ!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා  කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ නායක ආරුගම් ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා පසුගිය මැයි මස 26 වැනි දින මිය ගියේය. වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක්ද හෙබවූ ඔහුගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුවිය. මෙවන් පසුබිමක සිහල රට නැමැති ෆේස්බුක් පිටුවක “ලංකාවේ […]

Continue Reading

ගල්කිස්ස වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය හිටපු ඇමති පාඨලී යටතේ සිදුවූ බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සුන්දර වෙරළ තීරයක් සහිත දිවයිනක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික විපර්යාසයන් කරණකොටගෙන, අධික ලෙස  වෙරළ ඛාදනයට ලක්වූ බව පසුගිය වසර කිහිපය තුලදී වාර්තා විය. කළුතර සිට දෙහිවල දක්වාත්, මීගමුව සහ මාරවිල සිට උඩප්පුව දක්වාත්වු බටහිර වෙරළ තීරයේ ඛාදනයෙහි සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වගකීම පැවැරී ඇත්තේ පරිසර සහ වනජීවී […]

Continue Reading

වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම ගැන වසන්ත සමරසිංහ සිදුකලා ප්‍රකාශයක් ද?

දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ කඩදාසි කර්මාන්ත ශාලාව, එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත්, කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා, 1994 න් පසුව කඩදාසි කම්හලේ නිශ්පාදන නැවතී තිබුනි. කඩදාසි නිෂ්පාදනය අඩාල වී තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන කටයුතු පසුගිය […]

Continue Reading

Fact Check : මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක්!

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වන සැමරුම් උළෙලක් පසුගිය මැයි මස 19 වැනිදා ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි. මේ අතර හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත්වීමත් සමඟම අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම පිළිබඳ පැරණි සටහන් සහ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

2018 අගෝස්තු මව්බිම පුවත්පතක මුල් පිටුවක පුවතක් යොදාගනිමින් හුවමාරු වන නොමඟ යවනසුළු සටහන්!

පාර්ලිමේන්තු මැති – ඇමති වැටුප් සහ දීමනා පිළිබඳව සමාජයේ විටින් විට කතාබහක් ඇතිවනවා. විශේෂයෙන්ම බදු වැඩි කිරීම වැනි පසුබිම්වල දී සමාජය අපහසුතාවට පත්ව තිබියදී මැති – ඇමති පඩි වැඩි කරගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවට විටින් විට සටහන් පෙළක් හුවමාරු වෙනවා. විදුලි බිල සංශෝධනයත් සමඟ නැවත වරක් හුවමාරු වන එම සටහන්හි අන්තරගන්තය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

නොමඟ යවනසුළු සිරස්තලයකින් පළකල පුවතක් !

මහ මැතිවරණයක උණුසුම ක්‍රමයෙන් ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සිය ප්‍රතිවාදීන් ඉලක්ක කර, ඔවුන් අපහසුතාවයකට පත් කිරීමට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණු නිරීක්ෂණය විය  “නිරෝධායනයට ගිය ව්‍යාපාරිකගේ භාණ්ඩ සොරාගත් ජවිපෙ මන්ත‍්‍රී ඇතුළු 03ක් අත්අඩංගුවේ” සිරස්තලයෙන් පළවූ සටහනක් පහත පරිදි නිරීක්ෂණය විය. Link Archived කෙසේවෙතත් එම සටහනේ තවදුරටත් පහත […]

Continue Reading

බිමල් රත්නායක අලලා පළවූ සංස්කරණය කරන ලද සටහන් පෙළක් !

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වී තිබුණු සමයක වුවද, මැතිවරණ උණුසුම දිවයින තුළ තදින් ආරම්භ වී ඇත. මැතිවරණ ක්‍රියාදාමය සහ මැතිවරණය පිළිබඳ විවිධ ප්‍රවෘත්ති මතුවෙන විට දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පාක්ෂිකයින් ඉලක්ක කරගෙන විවිධ ප්‍රවෘත්ති සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරන බව දක්නට ලැබුණේය.  “වැසිකිලියෙ මුදල් ගත්තාම පිට කසන්නත් වෙනව” තේමාව යටතේ ශාන්ත රාජපක්ෂ නැමැත්තෙකු […]

Continue Reading

රජයේ සේවයේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීම සදහා භාවිතාකල යුතු ආකෘති පත්‍රයක් ?

රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැ‍ටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නිකුත් කර තිබු ආයාචනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහක් ඇතිවී තිබෙනු දැකගන්නට ලැබුණි. විස්තරාත්මක පැහැදිලිකිරීමක් සහිතව පලකර තිබු එම ලිපිය රාජ්‍ය සේවයේ සියලු ආයතන ප්‍රදානීන් වෙත යොමු කෙරෙන බව දක්වා තිබු අතර  එක් මසක වැ‍ටුප හෝ […]

Continue Reading

ලක්‍ෂ 3000ක වාහන ගන්න කැබිනට් ඇනුමැතියක් ලැබී නොමැත!

2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, රජයේ අනවශ්‍ය වියදම් කපා හරින ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන් බව වාර්තා විය. විශේෂයෙන්ම අලුත් වාහන මිලදී නොගෙන දැනට සංචිතයෙහි ඇති වාහන ප්‍රයෝජනයට ගන්නා ලෙසත් එතුමා උපදෙස් දුන් බව පළ විය. කොරෝනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම නිසා ආර්ථිකය අඩපණ වී ඇති මොහොතක පීඩා විඳින ජනතාවට […]

Continue Reading

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුතා ගුවන්තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුනේ නැත!

ලොව පුරා ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා සංචාරකයින්ගෙන්, රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය කටයුතු කළේය. ලොව දසතින්  මව්බිම වෙත පැමිණීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු විදේශයන්හි සිරවිය. මෙසේ විදේශයන්හි සිර වූ ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]

Continue Reading

හිටපු රාජ්‍ය ඇමති නලීන් බණ්ඩාර සම්බන්ධයෙන් සාවද්‍ය පුවතක්!

කොරෝනා වෛරස්  ආසාදනය ව්‍යාප්ත වීමත් සමගම සියළුම මත්පැන්හල් වසා දැමීමට බලධාරීහු ක්‍රියා කළහ. ඇඳිරි නීතිය ඉවත්කළ එක දිනක පමණ සුරා සැරවල් විවෘත කළද එම තීරණය ඉක්මනින්ම වෙනස් කොට නැවත සියලු සුරාසල් වසා දැමීමට රජය තීරණය කරන ලදී. මත්පැන් ලෝලීන් ගේ සිතැඟි පිනවීම පිණිස සඟවාගත් මත්පැන් බෝතල් අධික මිල ගණන් වලට විකිණීමට සඟවාගත් ස්ථාන සොයා ගිය […]

Continue Reading

Fact Check : ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා ‍රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තො‍ටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබුනා.ඒ අතර මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි හරහා හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් […]

Continue Reading

“කරුගේ කතාවට සුමන්තිරන් කිපෙයි” යන සිරස්තලය යටතේ මුලාශ්‍ර රහිතව පළවූ සාවද්‍ය පුවතක්

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමත් සමග 2020 මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දිනට යොදාගත්තද කොරෝනා වයිරසයේ බලපෑම මත මැතිවරන කොමිශන් සභාව විසින් නැවතත් මහ මැතිවරණය ජූනි 20 වන දිනට කල් දමනු ලැබීය.එලෙස පාර්ලිමේන්තු මැතිවරනය කල් දැමීමත් සමග පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බවට පක්ශව සහ විපක්ශ මත පසුගිය දින වල මාධ්‍ය මගින් අපට දැකගන්නට හැකි […]

Continue Reading

සමගි ජන බලවේගයේ නිල රාමසාන් නිවේදනය සංස්කරණ කරමින් සිදුකල ප්‍රකාශයක්!

ලංකාවේ මහමැතිවරණය ජූනි මස විසි වෙනි දින පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම විසින් අවසන් වරට නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබුණද කොරොනා වෛරසය ව්‍යප්තවීමේ  මධ්‍යයේ මැතිවරණ පැවතිවීමේ දින වකවානු සම්බන්ධයෙන් කතිකාවත් රැසක් දැකගන්නට ලැබුණි.  මෙවැනි පසුබිමක සමගි ජන බලවේගයේ ශීර්ෂ ලිපි ශීර්ෂයක ලියැවුණු ලිපියක සේයාරුවක් සහිත සටහනක් නිශාන්ත ගුණරත්න නැමැත්තෙකු විසින් එක්සත් ජාතික […]

Continue Reading

හිටපු ප්‍රංශ අධ්‍යාපන ඇමතිනිය සහ රෝහිත අබේගුණවර්ධන අලලා උපහාසාත්මක කෝණයකින් පළකරන සටහනක්!

පසුගිය කාලයේ ප්‍රංශ දේශපාලඤවරියක වන Najat Vallaud-Belkacem   පිලිබඳව සමාජ මාධ්‍ය තුල පුවතක් බහුල ලෙස සංසරනය විය. එමගින් කියවුනේ ඇය මොරොක්කෝවේ එඩේරෙකු ලෙසින් හැදී වැඩී වසර විස්සකට පසුව ප්‍රංශයේ අධ්‍යාපන ඇමති ධූරය ලබා ගැනීම දක්වා පැමිනි බවකි. ලෝකය පුරා මෙම ප්‍රකාශය මුහුනුපොතේ බහුල වශයෙන් හුවමාරු වනු දක්නට ලැබිනි.එමෙන්ම මේ පුවත උපුටා දක්වමින් ශ්‍රී ලංකාව තුල […]

Continue Reading

ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න හිටපු කථානායක කරූ ජයසූරිය සුදානම් ද?

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොරෝන වෛරස් ව්‍යාප්තිය සහ ඉන් ඇතිවූ සෞඛ්‍ය සහ ආර්ථීක අර්බුදය නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් රටේ බොහෝ පිරිස් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටියි.මේ අතර විසිරවූ පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස සදහන් කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල මාධ්‍යයට කරුණු දක්වා ද තිබිණ. මෙවන් තත්වයක් තුල […]

Continue Reading

හමුදාපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් සිදුකර නැත!

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් ක්‍රියා කරන බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදීත් දේශය මුහුණදෙන ප්‍රශ්න පිළිබඳව පක්ෂයේ ස්ථාවරය නොබියවම ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වූ […]

Continue Reading