Last updated on February 21st, 2022 at 06:52 am

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම පාර්ලිමේන්තුව නැවත කැඳවීම, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම යන කරුණු පිළිබඳව විවිධ පාර්ශව මගින් කරුණු දක්වා තිබෙනු දැකගන්නට හැකි විය.
මෙවන් පසුබිමක “මැති ඇමැති වැඩි පඩිය අනුමතයි. අගොස්තු පඩිය සමග මාස 7 ක හිග වැටුප්. මන්ත්‍රී වරයකුට ලක්ෂ අතරහමාරයි. නියොජ්‍ය ඇමති වරයකුට ලක්ෂ පහමාරයි. ඇමති, රාජ්‍යය ඇමතිවරයකුට ලක්ෂ 6යි.බදු ගෙවන ඔබට ස්තුතියි” යනුවෙන් පුවත්පතක මුල් පිටුවක ලෙස හැඟෙන සටහනක් මෙසේ පළකර තිබු අතර කෙටි කාලයක් ඇතුලත 1000 කට වැඩ වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

Link | Archived Link |
මෙම සටහනට උපහාසාත්මක ලෙස බොහෝ ප්‍රතිචාර ලැබී තිබු අතර බොහෝ දෙනෙකු විසින් මෙය පැරණි පුවත්පතක් බව පෙන්වා දෙමින් මෙවැනි සමාජ ජාල පරිශීලකයින් නොමඟ යවන සටහන් පිලිබඳ හෙලා දකිමින්ද ප්‍රතිචාර ලබා දී තිබුණි.
පසුගිය මාර්තු මස දෙවැනි දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම කැබිනට් මන්ත්‍රීවරුන් හැර සෙසු හිටපු මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් ට වැටුපක් ලැබෙන්නේ නැති බැවින් මෙම නොමඟ යවන සුළු සටහන පිළිබඳව විමර්ශනය කිරීමට අදහස් කළෙමු
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙබඳු පුවතක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විමර්ශනයක් සිදු කිරීමේදී අපට මෙම සේයාරුව සහිත සටහන මීට පෙර කිහිප වතාවකදීම හුවමාරු වී තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා. මේ එසේ හුවමාරු වූ එක අවස්ථාවක්.
Link | Archived | Link 2 | Archived 2 |

මේ අනුව මව්බිම පුවත්පතේ මුල් පිටු පරීක්ෂා කිරීමේදී ඇත්ත වශයෙන්ම 2018 අගෝස්තු මස 03 වැනි දින මුල් පිටුවේ මෙම පුවත පලවී තිබෙන අයුරු නිරීක්ෂණය වුයේ මෙලෙසිනි.
Link | Archived Link |

කෙසේ වුවත් දැනට වැටුප් ලබා දෙන්නේ කැබිනට් මණ්ඩලය ඇමතිවරුන්ට පමණක් බැවින් ඔවුන්ගේ හෝ වැටුප් වෙනස්වීමක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් ලබා ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හා සම්බන්ධ වූයෙමු. එහිදී එම නිලධාරියා ද ප්‍රකාශ කර සිටියේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ වැටුපේද වෙනසක් සිදු නොවූ බවයි.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මැති ඇමැති වැඩි පඩිය අනුමතයි. අගොස්තු පඩිය සමග මාස 7 ක හිග වැටුප්. මන්ත්‍රී වරයකුට ලක්ෂ අතරහමාරයි. නියොජ්‍ය ඇමති වරයකුට ලක්ෂ පහමාරයි. ඇමති, රාජ්‍යය ඇමතිවරයකුට ලක්ෂ 6යි.බදු ගෙවන ඔබට ස්තුතියි” යන තේමාව යටතේ පළකර ඇති සටහන ඇත්ත වශයෙන්ම 2018 වසරේ අගෝස්තු මස 03 වැනිදා මව්බිම පුවත් පතේ මුල් පිටුව බවයි. පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව වැටුප් ගෙවීමක් සිදු වන්නේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට පමණක් වන අතර එම වැටුප්වලද වෙනස්වීමක් සිදුවී නොමැත

Title:2018 අගෝස්තු මව්බිම පුවත්පතක මුල් පිටුවක පුවතක් යොදා සිදුකල නොමඟ යවනසුළු සටහනක්!
Fact Check By: Sahan PereraResult: Misleading
