දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම.
2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම.
2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල කැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම.
2024.11.01 හා 2024.11.04 – අනෙකුත් රාජ්‍ය ආයතන වල හා හමුදා කඳවුරු වල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම.
2024.11.07 සහ 2024.11. 08 – තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල දී තැපැල් ඡන්ද සලකුණු කිරීම.
2024.10.26 – නිල ඡන්ද දැන්වීම පත්‍රිකා තැපෑලට භාරදීම.
2024.10.27, 31 හා 2024.11.03 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීමේ විශේෂ දින.
2024.11.07 – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීම.
2024.11.07 දිනෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට 2024 ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම පත ලබා ගත හැකි බව නිවේදනයේ සඳහන්. වන අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධව අදාළ කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Title:ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading


