කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට […]

Continue Reading

88/89 යුගයේදී දෙමාපියන් ඝාතනය කළ ජවිපෙට ඡන්දය නොදෙන බවට කුමාර ධර්මසේනගෙන් ප්‍රකාශයක් ??

කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් කුමාර ධර්මසේනගේ ඡායාරූපයක් සමග ඔහු සිදුකළ ප්‍රකාශයක් ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත ආකාරයෙන් . “88/89 […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?

දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ සමග නව සන්ධානයක් […]

Continue Reading

ඩොලර් අර්බුදයට විසදුම Spider Man වැනි ජනප්‍රිය චිත්‍රපට නිපදවා විදෙස් විනිමය උපදවා ගැනීමයි- අනුර කුමාර ??

රට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා  විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක්  පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් Talk with Sudaththa නම් අන්තර්ජාල වැඩසටහනක්දී දැක්වූ […]

Continue Reading

ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු  ප්‍රචාරයක් පිළිබදව විමසුමකි . සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් :  “අනුර […]

Continue Reading

FACT CHECK: එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

රියැලටි තරඟ ඉතිහාසයේ බිහිවූ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ගායක ශිහාන් මිහිරංග පිළබඳව මෑතකදී ජනතාවගේ අවධානය යොමු වූයේ මෙරට පාලකයින් විසින් මෙරටට සිදු කළ විනාශය පිළිබඳ කළ විවේචනයත් සමගයි. එ්ත් සමගම ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?

පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්ම නොවීම හේතුවෙන් අගරදගුරු ප්‍රමුඛ කතෝලික පියතුමන්ද ඒ වෙනුවෙන් රජයට දිගින් දිගට බලපෑම් කරමින් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට කටයුතු කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා . එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර කුමාරට සහය […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ බෙන්තර සුපිරි නිවස?

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයන්  සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. එම පක්ෂයේ නායකයෙකු වූ බිමල් රත්නායක අළලා පළවූ එවන් අසත්‍ය සටහන් පෙළක්, සම්බන්ධයෙන් සිදු කල කරුණු විමර්ශනයක් මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි ජාතික සංවිධායක බිමල් රත්නායක ඉලක්ක කර ගනිමින් සමාජ ජාල හරහා […]

Continue Reading

FACT CHECK: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ ප්‍රචාරණ කටයුතු වෙනුවන් Ogilvy සිදුකළ යෝජනාවක්?

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ප්‍රචාරණ ඒජන්සියක් හරහා කටයුතු කිරීමට සූදානම් යෝජනා පත්‍රයක් හෙළි වී ඇති බවට දක්වමින්, මෙම යෝජනා පත්‍රය හරහා ප්‍රසිද්ධ චරිත මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]

Continue Reading

FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]

Continue Reading

FACT CHECK: පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!

මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර […]

Continue Reading

FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි. සමාජ […]

Continue Reading