Last updated on February 17th, 2022 at 12:04 pm

පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්ම නොවීම හේතුවෙන් අගරදගුරු ප්‍රමුඛ කතෝලික පියතුමන්ද ඒ වෙනුවෙන් රජයට දිගින් දිගට බලපෑම් කරමින් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට කටයුතු කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා . එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“අනුර කුමාරට සහය නොදැක්වීම ගැන මා දෙවියන්ගෙන් සමාව අයදිනවා – සිරිල් ගාමිණී පියතුමා.
එකතු වෙලා ඊළඟ ඡන්දෙදි වැරැද්ද නිවැරදි කරමු පියතුමනි! ”
යනුවෙන් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඉහත සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණු අයුරු පහතින්.

මේ සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී යන්නේ සිරිල් ගාමිණී කතෝලික පියතුමන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ඇතමුන් පිළිගන්නා බවකි.

Update: 01/11/2021
“කතෝලිකයෝ ලක්ෂ 14ක් මෙවර
රට බේරා ගැනීමට නම් ඡන්දය දිය යුත්තේ කාටදැයි ජනතාව තීරණය කර අවසන්…
ඒ නම් අනුර දිසානායකයි ”
යනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය සාකච්ඡාවක පැවසූ බවට හැඟවෙන පරිදි ෆේස්බුක් සටහනක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත සටහනින් සහ ඒ සඳහා යොදා ගෙන ඇති ඡායාරූපයෙන් හැඟවෙන්නේ මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවටයි.
ඒ හේතුවෙන් අප ප්‍රධාන මාධ්‍ය ධාරා වලද පියතුමන් විසින් සිදු කළ බවට දැක්වූ ප්‍රකාශය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ අතර එවැනි ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා වල නොතිබුණි බවට නිරීක්ෂණය විය.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ The News Reporter යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවකින් ලබා ගත් ඡායාරූපයක් බැවින් අප එහි දක්වා තිබූ සිරිල් ගාමිණි පියතුමන් සහභාගී වූ මාධ්‍ය සාකච්ඡා ඇතුළත් වීඩියෝ නිරීක්ෂණය කළ අතර මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවන් නොතිබුණි. නමත් ඉහත සටහන සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය ඇතුළත්ව තිබූ “ප්‍රහාරයක් ගැන නාවික හමුදාව දේවස්ථාන කිහිපයකට අනතුරු ඇගෙව්වේ ඇයි?සිරිල් ගාමිණී පියතුමාගේ කතාව ”යනුවෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව වෙත ද අපගේ අවධානය යොමු කළ අතර එම සාකච්ඡාවේදී හෝ සිරිල් ගාමිණී පියතුමන් විසින් කළ බවට සඳහන් ප්‍රකාශය ඇතුළත් වී නොතිබුණි. එම වීඩියෝව මෙතනින්.

අප මෙහි තොරතුරු තහවුරු කර ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමන්ව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර පියතුමන් පැවසූවේ තමන් “අනුර කුමාරට සහය නොදැක්වීම ගැන මා දෙවියන්ගෙන් සමාව අයදිනවා” යනුවෙන් කිසිදු ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු කළ නොමැති බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එම සටහන් අසත්‍ය බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වන දා සූම් ඔස්සේ පැවති සංවාදයකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශ කිහිපයකට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 25 වන දා පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ අනුව, සිරිල් ගාමිණී පියතුමන්ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ඒ බවට දැක්වෙත පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Update: 01/11/2021
අප මේ සම්බන්ධයෙන් ද ප්‍රධාන මාධ්‍ය ධාරා වල සඳහන් වී තිබුණාද යන්න විමර්ශනය කළ අතර එවන් අගරදගුරු විසින් එවන් ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු සඳහනක් නොවුණි.
එමෙන්ම ඉහත ඡායාරූපය මීය වසර දෙකකට පමණ පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට සහ ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමත් සිදු නොවීම සම්බන්ධයෙන් අගරදගුරු තුමන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ලබා ගත් ඡායාරූපයකි.
එම අවස්ථාවේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තව දුරටත් පැවසා සිටියේ, පාස්කු ප්‍රහාරයට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තුරු එළැඹෙන මැතිවරණ සඳහා කිසිදු පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට තමන් මුණ ගැසීමට නොපැමිණන ලෙස දන්වා සිටින බවයි.
එම වීඩියෝව මෙතනින්.
අප මේ සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන්ගේ පරිපාලක ලේකම් ගරු ඩෙනින්ටන් සුභසිංහ පියතුමන්ගේ විමසීමක් කළ අතර පියතුමන්ද තහවුරු කළේ, එවන් ප්‍රකාශයක් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදු නොකළ බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, ජවිපෙ නායක අනුර කුමාරට සහය නොදැක්වීම සම්බන්ධයෙන් දෙවියන්ගෙන් සමාව අයදින බවට සිරිල් ගාමිණී කතෝලික පියතුමන් විසින් ප්‍රකාශයක් සිදු කළ බවට දැක්වෙන්නේ අසත්‍ය සටහන් බවයි. ඒ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමන් එවන් ප්‍රකාශයක් සිදු කළ බවට සඳහන් නොවුණු බවට අපගේ නිරීක්ෂණයේදී තහවුරු වුණ අතර පියතුමන්ද ඒ බව තහවුරු කරනු ලැබුවා.

Title:අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?
Fact Check By: Pavithra SandamaliResult: False
