
නුගේගොඩ මිරිහාන ජුබිලි කණුව හන්දිය ආසන්න යේ තිබූ කිරිපිටි පෝලිමක් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා.මේ හා සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණු නොමගයවන සුලු ප්‍රචාරයක් පිළිබදව විමසුමකි .
සමාජ ජාලා සටහන්
ෆෙස්බුක් පරිශීලකයෙක් විසින් ආන්දෝලනයට ලක්වූ කිරි පෝලිම තිබුණු ජුබිලි කණුව හන්දිය ආසන්නයේ පිහිටි පැලවත්ත කිරිපිටි නියෝජිතායතනයේ ඡායාරූපයක් සමගින් මෙම සටහන අන්තර්ජාලයට එක්කර තිබුණා.
“ජෙප්පන්ට ඉතින් මඩෙන් තොර වෙන දෙයක් නෑනේ …..ජුබිලි කණුවේ කිරි පෝලිම් කතාවේ බොරුව අතේ පත්තුවෙයි. අසත්‍ය තොරතුරු පතුරමින් ජනපතිට මඩ ගැසූ ජවිපෙ ෆේස්බුක් සාමාජිකයන් දෙදෙනෙකු CID යට ….”

ඒසම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් කිහිපයකි මේ.

මෙහිපවතින කුතුහලජනක ස්වභාවය නිසා මේ පිළිබදව විමසීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම.)
අප මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇද්දැයි විමසා බැලුවා.එහිදී අපට දැකගන්නට ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් වන සිරස ආයතනය දෙසැම්බර් 31 රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් එවැනි සිදුවීමක් වාර්තා කර එති බවයි.එහිදී කාන්තා සංගමයක ක්‍රියාකාරී සාමාජිකාවක් සී.අයි.ඩී යට කැදවා ප්‍රශ්න කිරීමක් පිළිබදව සදහන් වුණා.ඇය සිරස මාධ්‍යයට පවසා සිටියේ ජනපතිවරයාට හූ කීම සම්බන්ධ සිදුවීමක් ෆේස්බුක් හරහා share කිරීම නිසා තමන්ගෙන් මෙලෙස ප්‍රශ්න කල බවයි.
ඇය විසින් මාධ්‍ය අමතන වීඩියෝ කොටස පහතින්
එම වීඩියෝව ඇතුලත් සිරස සම්පූර්ණ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි මෙතනින්.(මිනිත්තු 17-18 දක්වා නරඹන්න.)
ඉන්පසුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා බැලුවා.එහිදී අපට දැකගන්නට ලැබුණේ කිරිපිටි පෝලිමක් සම්බන්ධ සිදුවීමක් නිසා ජවිපෙ සමාජ ජාල ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගවට ගැනීමක් හෝ සී.අයි.ඩී යට කැදවීමක් සිදුවී නොමැති බවයි.
අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අශයෙන්ද මේ පිළිබදව විමසූ අතර ඔවුන් පැවසුවේ සී.අයි.ඩී ය මගින් ප්‍රශ්න කිරීමකට ලක්කල බවට මාධ්‍ය මගින් ප්‍රචලිත වූ කාන්තාව ජවිපෙ සාමාජිකාවක්නොවන බවයි.එමෙන්ම ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙක් ප්‍රශ්න කල බවට වූ ප්‍රචාරය සාවද්‍ය බවත් ඔවුන් පැවසුවා.
ඉනපසුව අප මෙම කිරිපිටි පෝලිම සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන්ද කරුණු විමසීමක් සිදු කළා.
එහිදී අපට කිරිපිටි පෝලිම සම්බන්ධ පහත සමාජ ජාලා සටහන්ද දැකගන්නට ලැබුණා.
“හූව බෝවේ .පෝලිමේ සිටි ජනයා ගෝඨාටත් හූ කියති.”
එහි සටහන්ව ඇත්තේ ,
“අද වන විට මීට වසර දෙකකට පෙර “වැඩ කරන අපේ විරුවා” ලෙසින් කරටියට නැංවූ ගෝඨාභය ජනාධිපතිකාරයා ද ජනතා හූවට ලක්ව තිබේ. මිරිහානේ වෙසෙන ගෝඨාභය රැගත් රථ පෙළ අද(29) නුගේගොඩ ජුබිලි කණුවේ පිහිටි ‘පැලවත්ත කිරි පිටි කඩේ’ අසලින් ගමන් කරද්දී ජනතාව ගෝඨාභයට හූ කියා තිබේ.
ඒ ප්‍රදේශයේ පමණක් නොව ඈත ප්‍රදේශ වල සිටද එම ස්ථානයට කිරිපිටි සොයා එන ජනතාවගේ දිගු පෝලිම් නිතර දක්නට ලැබේ. ගෝඨාභය අද සවස එතැන පසුකරමින් තම නිවසට යද්දී කේන්තියෙන් පෝලිමේ සිටි මිනිසුන් ගෝඨාභයට හූ කියා තිබේ.
පසුව පොලිසියෙන් පැමිණ කඩය වසා දැමීමට නියෝග කර ඇත. “

මෙහි ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදවද යම්සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
අප විසින් මුලින්ම මේ සම්බන්ධව ප්‍රධාන මාධ්‍ය වල වාර්තා කර ඇද්දැයිසොයා බැලුවා.අපට දැකගන්නට ලැබුණේ සිරස මාධ්‍ය ආයතනය මගින් මේ පිළිබදව වාර්තා කර ඇති බවයි.
ඒසම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ ඇති මෙහි මුල් වීඩියෝව නැරඹිය හැකියි මෙතනින්.
මෙම ප්‍රවෘත්ති වාර්තාවේ අදහස් දැක්වූ ඇතැම් ජනතාව පවසා සිටියේ පැලවත්ත කිරිපිටි සමාගමේ නියෝජිතායනයක් වන නුගේගොඩ, මිරිහාන ජුබිලි කණුව ආසන්නයේ පිහිටි අදාළ කිරිපිටි බෙදාහැරීමේ ස්ථානයෙන් කිරි පිටි බෙදා හැරීම සීමාකර ඇත්තේ ඊට පෙර දිනයේදී ජනාධිපතිවරයා රැගත් වාහනය එම ස්ථානය අසලින් ගමන් කරන විට දිගු කිරිපිටි පෝළිමක සිටි ජනතාව ඔහුට හූ කීම නිසා බවයි. ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස පිහිටා ඇත්තේද මිරිහාන ප්‍රදේශයේයි.එහි අදහස් දැක්වූ එක් පුද්ගලයෙකු පැවසුයේ දෙසැම්බර් 29 වන දින මෙහි යම් සිදුවීමක් වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුලු විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ කිරිපිටි වෙළද කටයුතු නවතා දැමූ බවයි.කෙසේ වෙතත් ඊට පසු දින එම ආයතනය විවෘත කළ පසු දිගු පෝලිම් ඇතිවීම වැලැක්වීමට ටෝකං ක්‍රමයට කිරිපිටි බෙදාහැරීම ඇරඹූ බවයි.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය අංශයද ඊට පසුදින මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබුණා .ඔවුන් පැවසුවේ ජනාධිපතිවරයා විසින් දිගු පෝලිමක් ඇතිබව නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන්සොයා බලන ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට උපදෙස් ලබාදුන් බවයි.ඒ අනුව අදාළ නියෝජිතායනය මගින් එක් කවුන්ටරයක් මගින් පමණක් කිරිපිටි බෙදාහැරීමේ කටයුතු සිදුවන නිසා සහ ඒ අවට ප්‍රදේශවලත් පැලවත්ත කිරිපිටි නියෝජිත ආයතනයන් නොමැති නිසා මෙම තදබදය ඇතිවී ඇති බවත් ඊට පිළියම් ලෙස අවට ප්‍රදේශවල කිරිපිටි නියෝජිත ආයතනයන් ගණන වැඩිකිරීමට පැලවත්ත කිරිපිටි සමාගමේ සභාපතිවරයා වන ආරියශීල වික්‍රමණායක සමග දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිවරයා එකගතාවකට පැමිණි බවත් මෙම මාධ්‍ය නිවේදනයේ සටහන්.එමෙන්ම ජනාධිපතිවරයාට හූ තැබීම සම්බන්ධයෙන් මෙම නිවේදනයේ සටහනක් නොමැති අතර පොලීසිය විසින් අදාළ වෙළදසැල සීල් තැබීමක් සිදු නොකළ බව එමගින් අවධාරණය කරනවා. දෙසැම්බර් 30 දින නිකුත්කළ එම නිවේදනය පහතින් .

මේ පිළිබදව වැඩිදුර විස්තර දැනගැනීමට පැලවත්ත කිරිපිටි නිෂ්පාදන ආයතනයේ සභාපති ආරියශීල වික්‍රමණායක සම්බන්ධ කර ගත්තද ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදුකල කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ජනපතිට විරුද්ධව අසත්‍ය ප්‍රචාරය කිරීම නිසා ජවිපෙ සමාජ ජාල සාමාජිකයින් දෙදෙනෙක් CID යට කැදවූ බවට වන සටහන නොමග යවන සුලු බවයි.සී.අයි.ඩී ය මගින් ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙක්ගෙන් ප්‍රශ්න නොකල බව ජවිපෙ මාධ්‍ය අංශය මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාද තහවුරු කළා.

Title:ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,