ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල පුවත් නිසියාකාරව වාර්තා නොකිරීම නිසා සමාජයේ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරීම සිදු වෙනවා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) ගැන විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති සමයක, ඒ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading

අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් […]

Continue Reading

‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයේ’ ඇත්ත කතාව!

රටේ ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් වකවාණුවකදී ජනතාව තව තවත් බිය ගන්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සොරසතුරන්ගේ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ කරුණු 22ක් ඇතුළත් කරමින් පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන්  වර්තමානයේ ජනතාව මුහුණ පා […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

FACT CHECK: මහබාගේ අනතුරේ 16 හැවිරිදි තරුණයාගේ පියා ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන් ද?

එක් පුද්ගලයෙකුට මරු කැන්දවමින් මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් එම ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ ඔහුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මෙම පියා ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු වන ඉස්මයිල් ආබ්දීන් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර […]

Continue Reading