අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් ?

False Hoax Social

Last updated on September 30th, 2022 at 11:08 am

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් පිළිබදව අප විසින් කරුණු සොයා බැලීමක්. 

සමාජ ජාලා සටහන්:

ළමුන්ව යොදාගෙන සිදු කරන අපරාධමය ක්‍රියාවලියක් ලෙස ෆේස්බුක් සටහන් හුවමාරුවී තිබුණේ පහත පරිදියි.

“හදිසි දැනුම්දීමක්

සියලුම පොලිස් ස්ථානවල සිට සියලුම පුරවැසියන්ට.

තමන්ගේ ගෙදර ලිපිනය ලියූ කඩදාසියක් රැගෙන තමන් නැති වූ බව කියමින් දැන් පාරවල්වල ළමයි සිටිති. ඔබ මෙම දරුවන් දුටුවහොත්, ලිඛිත ලිපිනයට ඔවුන් රැගෙන නොයන්න, මන්ද ඔබව මරා දැමීමට, ඔබේ සතු භාණ්ඩ,අවයව සොරකම් කිරීමට හෝ දූෂණය කිරීමට මිනිසුන් ඔබ එනතුරු බලා සිටින බැවින්, ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළඟම ඇති හදිසි මුර සංචාරයට ගෙන යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. සහ වහාම ඒවා වාර්තා කරන්න.

කරුණාකර මෙය සංසරණය කරන්න. කාරණය සැබෑ වන අතර, ඔවුන් ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ඔබ සොයා ගන්නා ළඟම ඇති මුර සංචාරයට භාර දෙන බව අපි තහවුරු කරමු. වීරයෙකු වීමට හෝ හොඳ සමරිතානුවරයෙකු වීමට උත්සාහ නොකරන්න.

මෙය ඔබගේ සියලු සම්බන්ධතා වෙත යවන්න.

අභ්‍යයන්තර කටයුතු අමාත්‍යයාංශය.”

Facebook | Archived

මෙම පණිවිඩය WhatsApp හරහාද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ පහත අයුරින්. 

සැබැවින්ම මෙවැනි පණිවිඩයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත නිකුත් කළාද ??

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

මුලින්ම අප විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෙවැනි පුවතක් විකාශය කර ඇද්ද යන කාරණය පිළිබදවයි. එහිදී අපට පැහැදිලි වූවේ එවැන්නක් සිදුව නොමැති බවයි.

ඉන් අනතුරුව අප මේ පිළිබදව තවත් ගවේෂණය කළා. එහිදී ඉංග්‍රීසි බසින් ඉන්දියාව, අප්‍රිකානු රටවල් ඇතුළු ප්‍රදේශ කිහිපයකම මෙම අර්ථය ගෙනදෙන සමාජ ජාලා සටහන් පළව ඇති බවක් පෙනී ගියා. එවැනි 2022 මාර්තු මාසයේ දී පළවූ සටහනක් පහතින්

Facebook | FB | FB2 

ශ්‍රී ලංකා පොලීසිය කිසියම් හෝ අවස්ථාවක මෙම සමාජ ජාලා සටහනේ සදහන් ආකාරයේ නිවේදනයක් නිකුත් කර තිබේද ?ඒ පිළිබදව අප විමසුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන්. ඔහු පවසා සිටියේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙවන් නිවේදනයක් නිකුත් කර නොමැති බව සහ මෙවන් මාෆියා කල්ලියක් පිලිබද තොරතුරක් හෝ අනාවරණය වී නොමැති බවයි. මෙවැනි කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරන පොලීස් මාධ්‍ය කොට්ඨාශයද තහවුරු කර සිටියේ සමාජ ජාලාවල සටහන් ආකාරයේ මාධ්‍ය නිවේදනයක් තමන් විසින් නිකුත් කර නොමැති බවයි.

එමෙන්ම මෙම සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ලෙස හදුන්වන අමාත්‍යාංශයක් ලංකාවේ වර්තමානයේ පවතින්නේද නැහැ. 

මීට සති කිහිපයකට පෙර ඉංඉහත දැක්වූ පරිදි ඉංග්‍රීසි බසින් මෙම පණිවුඩයම ඇතුළත් WhatsApp පණිවිඩ ශ්‍රී ලංකාවේ හුවමාරුවූ අතර ඒ පිළිබදව අප Fact Crescendo ෆේස්බුක් පිටුවේ තැබූ සටහනට පිවිසිය හැකියි මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ, ශ්‍රී ලංකා පොලීසිය මගින් සමාජ ජාලාවල සදහන් මේ ආකාරයේ ළමයින් ව යොදාගනිමින් සිදු කරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් පිළිබදව අනතුරු හැගවීමක් සිදු කර නොමැති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවද එය තහවුරු කළා. එමෙන්ම මෙම සිංහල බසින් පැතිරෙන සමාජ ජාලා සටහන්වල අන්තර්ගත කරුණු ඉංග්‍රීසි බසින් වෙනත් රටවලද  පැතිරෙන සටහන් හි පරිවර්තනයක් වේ. එම නිසා මෙම සමාජ ජාලා සටහන් ගෝලිය වශයෙන් ව්‍යාප්ත වන නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් බව පැහැදිලිය.

Avatar

Title:අතරමන්වූ ළමයින් ලෙස රගපාන ළමයි පිරිසක් යොදාගෙන සිදු කරන සංවිධානාත්මක අපරාධ පිළිබද පොලිස් අනතුරු ඇගවීම් ???

Fact Check By: Kalana Krishantha 

Result: False


Leave a Reply