ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් […]

Continue Reading

ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : ලංකා […]

Continue Reading

තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ? 

ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත්  අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා. ඉන්ධන පෝලිම් සඳහා […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට?

Update : 06/28/22ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මීගමුව පොලිස් ස්ථානයෙන් විමසා මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)

ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මේ චායාරෑපය ඇත්ත නම්….සිපෙට්කෝ එක ලාභ ලබයිද? හොරා කාලා ඔතාගෙනත් යනවා…යලුවන්ට නැදෑයින්ට” සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු  අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?

ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට තුළ පෙට්‍රල් සහ ඩීසල් දිගු පෝළිම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර ඊට විසඳුමක් ලෙස ඉන්ධන සංචිත පිරිවුම්හල් වෙත ළඟා වීමෙන් පසු ඒ බවට දැනගැනීමට, ලියාපදිංචි වීම සඳහා දුරකතන අංක කිහිපයක් ලංකා IOC සමාගම විසින් නිවේදනයක් මඟින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් […]

Continue Reading