FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා.  මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින්  ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ […]

Continue Reading

FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

කෝවිඩ් මර්දන එන්නත්වල මිල සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩිලෙස කතා බහට ලක්වී තිබුණා. ඒ, ශ්‍රී ලංකාව එන්තත් මිලදී ගන්නේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි මුදලකට ද යන්න පිළිබඳව ඇති වී තිබෙන කතිකාවතත් සමඟයි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුවත් කර ලිපියක් යවා ඇති බවට හැඟවෙන පරිදි […]

Continue Reading

Fact Check: කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ […]

Continue Reading

FACT CHECK: අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  අප කළ විමර්ශනයෙන් තහවුරු වුනේ මෙම සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dewage Wasantha යන අයෙක් විසින් සඳහන් කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට ‘යහපාලන ආණ්ඩුව කාලේ […]

Continue Reading

FACT CHECK: පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?

රටේ පවතින කාලීන සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳහන් කළ බවට, පළ කළ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින් වර හුවමාරු වන අතර එවැනි සටහන් රැසක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ෂණ ද සිදුකර තිබෙනවා. එවන් පසුගිය දින කිහිපයේ හුවමාරු වූ සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන් : “විරුවන් […]

Continue Reading

FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා.  එම සටහන ඇතුළුව […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]

Continue Reading

FACT CHECK: පෝස්ටර් සහ බැනර් මුද්‍රණ කටයුතු සඳහා ජ.වි.පෙ ලක්ෂ 91ක් ගෙවූ බවට බිල්පතක්?

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පුවත් මවමින් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා අපට සුලබව දැකගත හැකි කරුණක්. මේ පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගත වූ මොහොතෙත් වරදකරුවන් නීතිය ඉදිරියට නොගෙනීම හේතුවෙන් ඒ සඳහා රට පුරා ප්‍රචාරය වුණු පෝස්ටර් අළලා මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ලාල්කාන්තගෙන් ජනාධිපතිට ඉල්ලීමක්?

මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: භාග්‍යා, ජාතික ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත්තා ද ?

පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ භාග්‍යා අබේරත්න දැරියගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඇය එම පක්ෂයට සම්බන්ධ බවත් දක්වමින් නොයෙකුත් ආකාරයේ සටහන් පසුගිය කාලයේ හුවමාරු වුනා. මේ අප එවැනි සටහන් පිලිබඳ සිදුකල කරුණු විමර්ශනයක්. “භාග්‍යා මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහන් වෙබ් අඩවියක පළවූ ලිපියක් ද සමඟින් සටහන් පෙළක් ම හුවමාරු […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම ‍හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: භාග්‍යා අබේරත්නට අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජ රක්ෂිත මායිමේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කිරීම මගින් පරිසර විනාශයක් සිදුවන බවට සිරස ලක්ෂපති වැඩසටහන අතරතුරදී පැවසූ භාග්‍යා අබේරත්න නම් තරුණිය හේතුවෙන් වන සංහාර පිළිබඳ සමාජයේ පැවති කතිකාවත නැවත වරක් වර්ධනය වී තිබුණා. ඇතැම් පිරිස් ඇයගේ නිර්භීත කම අගය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් ඉදිරිපත් කළත්, ඇතම් පිරිස් ඇයව විවේචනය කරමින් අසත්‍ය පතුරමින් ඇතැම් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා. මෙම කාරණා දෙකම සමාජය විසින් නොයෙකුත් කෝණ වලින් අදහස් දක්වමින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු අපට […]

Continue Reading

FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා. මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading