දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ වසර අවසන් භාගයේදී ටෙස්ලා සමාගම විසින් විප්ලවීය ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් මෙරට මෙන් ම ජාත්‍යන්තර තලයේද, හුවමාරු වුණා.

පෙරළිකාර තාක්ෂණයෙන් සමන්විත වූ බව කියන මෙම ජංගම දුරකතනයේ සත්‍ය තතු සොයා අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මේ අවුරුද්දේ නිකුත් කිරීමට නියමිත Tesla Pi දුරකථනය Charge කරන්න අවශ්‍ය නෑ, හිරු එළියෙන් ස්වයංක්‍රීයව ආරෝපණය වෙනව Wifi හෝ වෙනත් අන්තර්ජාල පහසුකම්‌ අවශ්‍ය නෑ. මොකද Pi ඍජුවම StarLink ගෝලීය ආවරණයෙන් යුක්ත වෙනව.ඒ වගේම Pi පෘතුවිය, සඳ සහ අඟහරු සමග සම්බන්ධතාවකින් යුක්තයි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වී තිබුණා.


මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.



























මේ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, මෙය සත්‍ය බවට බොහෝ දෙනා නිගමනය කර ඇති බවයි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, තාක්ෂණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ජාත්‍යන්තර ආයතන වන The Verge, TechCrunch, හෝ CNET විසින් ටෙස්ලා සමාගම විසින් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදනයට සම්බන්ධ වූ බවට වාර්තා කර ඇත්ද, යන්නයි. නමුත් එවැනි පුවතක් ගැන කිසිදු නිල මූලාශ්‍රයක් අපට හමු නොවුණි.

ටෙස්ලා සමාග‍ම

මූලික වශයෙන් විද්‍යුත් වාහන, බලශක්ති නිෂ්පාදන සහ ස්වයංක්‍රීය තාක්‍ෂණයන් සඳහා ප්‍රසිද්ධ ටෙස්ලා සමාගම 2024 ඔක්තෝබර් වන විට, ටෙස්ලා සන්නාමය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් නිකුත් කිරීම පිළිබඳව එම සමාගම හෝ එහි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk වෙතින් නිල තහවුරු කිරීමක් කළ බවට අපට දැක ගන්නට නොලැබුණි.

මස්ක් වරකදී සිය නිල X ගිණුමෙහි සටහනක් පළ කරමින් සඳහන් කර තිබුණේ, දුරකථන නිෂ්පාදනයක් සංවර්ධනය කිරීමට තමාට කිසිදු උනන්දුවක් නොමැති බවයි.

මෑතකදී, Elon Musk ඔක්තෝබර් 18 වන දින ෆිලඩෙල්ෆියා හි සාකච්ඡාවකදී සඳහන් කළේ, ස්මාර්ට් ජංගම දුරකතනයක් සෑදීමේ අපේක්ෂාවක් නොමැති බවයි. නමුත් එය අවශ්‍යතාවයක් ඇත් නම් එය කිරීමට හැකි බවයි. නමුත් දැනට එවැනි අපේක්ෂාවක් නොමැති බව ද, ඔහු එහිදී සඳහන් කළේ මෙලෙසින්.

කිසිදා ආරෝපණය කිරීමට අවශ්‍ය නොවන බැටරියක් ?

එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි ජංගම දුරකථනයක් කිසිදා ආරෝපණය කිරීමට(charge) අවශ්‍ය නොවන බැටරියක් ඇති බවට පැවසීම ප්‍රශ්නාර්ථයකි. දැනට පවතින තාක්‍ෂණයට නැවත බැටරි ආරෝපණය කිරීම අවශ්‍ය වේ.

ටෙස්ලා විසින් විදුලි වාහන සහ බලශක්ති ගබඩා කිරීම සඳහා බැටරි තාක්ෂණයන්හි සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව සත්‍ය වූවත් සදාකාලික, දුරකථන බැටරියක් ආරෝපණය නොකර බැටරියක ආරෝපණය පවතින බව ට අදහස විද්‍යාවේ කිසිදු පදනමක් නොමැති තර්කයක් වනවා රැහැන් රහිත ආරෝපණය සහ උසස් බැටරි තාක්ෂණයන් සඳහා අඛණ්ඩ පර්යේෂණ උත්සාහයන් ඇති නමුත් ටෙස්ලා හෝ වෙනත් තාක්ෂණික සමාගමක් විසින් මෙලෙසින් තාක්ෂණයක් ඇති බවට මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොතිබුණි.

Starlink හරහා අන්තර්ජාල සම්බන්ධතාවය

Starlink යනු Elon Musk විසින් ප්‍රමුඛ තවත් සමාගමක් වන SpaceX විසින් සංවර්ධනය කරන ලද චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවකි. Starlink පහත් පෘථිවි-කක්ෂ චන්ද්‍රිකා ජාලයක් භාවිතයෙන් ගෝලීය බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය සැපයීම සිදු කරයි.

කෙසේ වෙතත්, ස්ටාර්ලින්ක්, ජංගම දුරකථනයකට ඒකාබද්ධ කිරීම අභියෝගයක් වේ. ජංගම දුරකථන දැනට අන්තර්ජාලයට සම්බන්ධ වීමට සෙලියුලර් කුළුණු මත රඳා පවතින අතර Starlink චන්ද්‍රිකා Disk භාවිතා කරයි. Starlink හට අන්තර්ජාල ප්‍රවේශය විප්ලවීය වෙනසක් කිරීමට හැකියාව ඇතත්, විශේෂයෙන්ම දුරස්ථ ප්‍රදේශවල, Tesla දුරකථනයක් ඇතුළුව ජංගම දුරකථනයක් Starlink සම්බන්ධතාවයෙන් සෘජුවම සමන්විත වන බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබේ. න්‍යායාත්මකව, තාක්‍ෂණය දියුණු වුවහොත් අනාගත දුරකථන Starlink සමඟ සම්බන්ධ විය හැකි නමුත් මෙය තවමත් කල්පිතව පවතී.

පෘථිවිය, සඳ සහ අඟහරු සමඟ ක්‍රියාත්මක වීම

ටෙස්ලා විසින් හඳුන්වා දුන් බව කියන ස්මාට් ජංගම දුරකථනය පෘථිවිය, සඳ සහ අඟහරු මත ක්‍රියා කරන බව කියන ප්‍රකාශය වර්තමානයේදී විද්‍යා ප්‍රබන්ධයකි. SpaceX, Elon Musk ගේ අභ්‍යවකාශ සමාගම, අඟහරු ගවේෂණ කිරීමට සහ අවසානයේ එහි වාසය කිරීමට සැලසුම් කර ඇතත්, සඳ හෝ අඟහරු මත දැනට ස්ථාපිත සන්නිවේදන ජාල නොමැති බවට පැවසිය හැක. SpaceX සාර්ථකව අඟහරු වෙත ළඟා වුවද, වෙනත් ග්‍රහලෝකයක විශ්වාසදායක අන්තර්ජාල හෝ සෙලියුලර් සම්බන්ධතාවයක් සඳහා යටිතල පහසුකම් නිර්මාණය කිරීමට දශක ගණනාවක් ගතවනු ඇත.

Tesla හි වත්මන් සහ ඉදිරි නිෂ්පාදන

ටෙස්ලා හි නිෂ්පාදන පෙළගැස්ම තිරසාර බලශක්තිය වෙත ලොව සංක්‍රමණය වේගවත් කිරීමේ මූලික මෙහෙවර කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. මෙම සමාගම මූලික වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ එහි Model S, Model 3, Model X, සහ Model Y වැනි විද්‍යුත් වාහන (EVs) සඳහාය. මීට අමතරව, Tesla විසින් Powerwall, Powerpack, සහ වැනි නිෂ්පාදන සමඟ බලශක්ති ගබඩා කිරීම සහ සූර්ය තාක්ෂණයේ දියුණුවක් ලබා ඇත. Tesla විසින් ස්වයංක්‍රීය රිය පැදවීමේ තාක්‍ෂණය දියුණු කරන අතර 2023 අගභාගයේදී දියත් කරන ලද Tesla Semi, අධික බර විදුලි ට්‍රක් රථයක් සහ ඉතා අපේක්ෂිත Cybertruck වැනි අනාගත ව්‍යාපෘතිවල වැඩ කරමින් සිටී. ස්මාර්ට්ෆෝන් කර්මාන්තයට වඩා බලශක්ති අංශ ඔවුන් නියෝජනය කරයි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්.

ටෙස්ලාගේ ස්මාර්ට් ජංගම දුරකතන කටකතාව

" Tesla Pi " ජංගම දුරකතනය පිළිබඳ කටකතා 2021 වසරේදී පමණ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා සමපේක්ෂන මාර්ගගත සාකච්ඡා, රසිකයින් විසින් සාදන ලද සංකල්ප වීඩියෝ සහ තාක්‍ෂණික කටකතා වෙබ් අඩවි වල දැක ගන්නට ලැබෙනවා. මෙම සංකල්ප සමාජ මාධ්‍ය වේදිකා හරහා ව්‍යාප්ත වීමත් සමඟම, කිසිදා නිම නොවන බැටරියක්, Starlink අන්තර්ජාලය සහ අන්තර් ග්‍රහලෝක ගැළපුම වැනි විශේෂාංග පිළිබඳ අතිශයෝක්ති ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වීමට බලපා තිබුණා. ටෙස්ලා කිසි විටෙකත් එවැනි ස්මාර්ට් ජංගම දුරකතනයක් සංවර්ධනය කිරීම නිල වශයෙන් තහවුරු කර හෝ ප්‍රකාශ කර නොමැති අතර, ආසන්න වශයෙන් මෙම මනංකල්පිත පණිවිඩය නැවත කරළියට පැමිණියේ, ඊලෝන් මස්ක්ගේ SpaceX විසින් සඳ සහ අඟහරු වෙත මිනිසුන් රැගෙන යා හැකි පුමෙතෙක් ඉදිකළ බලවත්ම රොකට් පද්ධතිය වන starshipහී නවතම පරීක්ෂණය අත්හදා බැලීම සහ රොකට් බූස්ටරය මෙවර රොබෝ අත්දෙකකින් රැකගැනීමට සමත් වීමේ සිදුවීමේ සුවිශේෂි සංසිද්ධියත් සමගින් බවට පැවසිය හැක.


අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

මේ අවුරුද්දේ නිකුත් කිරීමට නියමිත ටෙස්ලා සමාගමේ ‘Tesla Pi’ යන ජංගම දුරකථනය ආරෝපණය කිරීමට අවශ්‍ය නොමැති බව ත්, හිරු එළියෙන් ස්වයංක්‍රීයව ආරෝපණය වන අතර අන්තර්ජාල පහසුකම්‌ StarLink හරහා ලබා ගත හැකි බව ත්, එම දුරකතනය පෘතුවිය, සඳ සහ අඟහරු සමග සම්බන්ධ කිරීමට හැකි බව ත්, දක්වමින් පළවන සටහන් අසත්‍ය වන අතර, එවැනි ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දැක්වීමට නියමිත බව ට කිසිදු සඳහනක් එම සමාගම විසින් සිදු කර නොමැත. මෙය මනංකල්පිත වන අතර අසත්‍ය ප්‍රචාරයක් බවට පෙන්වා දිය හැක.

Claim Review :   ටෙස්ලා සමාගමෙන් විශ්මිත විශේෂාංග සහිත ‘Tesla Pi’ ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරාද ?
Claimed By :  Social Media Users
Fact Check :  FALSE