මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.

මැතිවරණ සටනේ ඉදිරියෙන් ම සිටින අපේක්ෂකයින් දෙදෙනා ඉලක්ක කරගෙන මෙම සටහන් නිර්මාණය වී ඇත. “හංසයා ඉදිරියෙන් අංක තුන දමන්න සජිත්ට මනාප තුනක් හිමිවේ” යන්න දක්වා තිබූ එබඳු එක් සටහනක් පහතින්

Facebook LinkArchived Link

“පොහොට්ටුව ඉදිරියේ අංක තුන 3 යොදන්න.. ගෝඨාභයට මනාප තුනක් හිමි වෙ..” ලෙසද සටහන් කිහිපයක් හුවමාරු වී තිබුණි.

Facebook LinkArchived Link

“නිවැරදිව චන්දය ප්‍රකාශ කර හංසයා දිනවමු” යනුවෙන් ඉහත පරිදිම පළවූ තවත් සටහනක් පහතින්

Facebook LinkArchived Link

මෙබඳු සටහන් සැලකිය යුතු පිරිසක් අතර හුවමාරු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ ව කෙටි විග්‍රහයක් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප විසින් මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදිම නිවැරදි පරිදි ඡන්දය භාවිතා කළහැකි ක්‍රම සහ වැරදියට ඡන්දය භාවිතා කරන ක්‍රම පහත දැක්වේ

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරු

  • ඡන්දය ලබාදෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් අදාල අපේක්ෂකයාගේ නම හා ලකුණු ඉදිරියෙන් “1” ලකුණ හෝ “X” ලකුණු කිරීම.
  • අපේක්ෂකයින් තිදෙනෙක් හට මනාප ඡන්ද ප්‍රකාශ කිරීමේ හැකියාවද පවතින අතර එසේ ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් අදාළ අපේක්ෂකයින්ගේ නම සහ සලකුණ ඉදිරියෙන් 1,2,3 වශයෙන් කැමැත්ත පළ කිරීමේ ප්‍රමුඛතාවේ අනුපිළිවෙළට සටහන් කිරීම.

වලංගු නොවන ඡන්ද ලෙස සැලකෙන අවස්ථා

  • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණු එකකට වැඩියෙන් සටහන් කර තිබීම ( X , X ) වලංගු නොවන ඡන්දයකි
  • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවන තුන්වන මනාප සඳහා ඉලක්කම් යොදා ගැනීම (X, 2, 3) වලංගු නොවන ඡන්දයකි
  • ඡන්ද පත්‍රිකාවේ පළමු අපේක්ෂකයාට “1” ලකුණ සදහන් කර අනෙකුත් අපේක්ෂකයින් සඳහා කතිර ලකුණු හෝ වෙනත් කිසියම් සලකුණු භාවිතා කිරීමද (1 , X ) වලංගු නොවන ඡන්දයකි
  • ඡන්ද පත්‍රිකාවේ ඉලක්කම් “2” හෝ “3” පමණක් සඳහන් කිරීම වලංගු නොවන ඡන්දයකි. (ඉහත අවස්ථාවන්හිදී පෙන්වා දී ඇත්තේ මෙවැනි වලංගු නොවන ඡන්ද ප්‍රකාශයන්ය)

පසුගියදා ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ පැවැති ''නාඩිය'' වැඩසටහනට සහභාගී වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරණයේ දී මනාප ඡන්දය භාවිතා කිරීම පිළිබඳව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත විග්‍රහ කරමින් කරුණු දක්වා සිටියා. ඒ පිළිබඳ වීඩියෝව පහතින්

https://youtu.be/b0tu2rXc7Us?t=2975

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත (refer page 89 onwards)

එහිදී මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කොට සිටියේ ඡන්ද පත්‍රිකාවේ මනාප ලකුණු කිරීම අනිවාර්ය කරුණක් නොවන අතර එක් අපේක්ෂකයෙකුට පමණක් මනාපය ලකුණු කරන්නේ නම් සාම්ප්‍රදායික ක්‍රමයට අදාළ ලකුණු ඉදිරියේ කතිරය (X) සලකුණු කිරීමද ප්‍රමාණවත් බවයි.

රූපරාමු ආශ්‍රයෙන් නිවැරදිව ඡන්දය භාවිතා කළ යුතු ක්‍රම සහ අවලංගු වන අවස්ථා සම්බන්ධයෙන් සටහනක් පහතින්

Daily News Twitter

මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා අප මැතිවරණ කොමිසම දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී ද ඔවුන් පවසා සිටියේ ඉහත පරිදි ඡන්ද පත්‍රිකාවේ අංක “3’” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයක් ලෙස සලකන බවයි

නිවැරදිව ඡන්දය ලකුණු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සහ ඡන්දය ගණන් කිරීමේ පසුව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියා පිලිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පහත වීඩියෝවෙන්

https://youtu.be/Gundz0RgVnw

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලූ ඡන්ද දායකයින් වෙත පවසා සිටියේ ඡන්ද පත්‍රිකාව අතට ලැබුණු පසු ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම තමාට මනාප අපේක්ෂකයා හෝ අපේක්ෂකන් නිවැරදිව හදුනාගෙන පරීක්ෂාකාරීව , නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි. මෙහිදී කරුණු දක්වමින් කොමසාරිස්වරයා පවසා සිටියේ ඡන්දය ලකුණු කිරීමේදී තමන් මනාප අපේක්ෂකයාට නොමැතිව වෙනත් අපේක්ෂකයෙකුට වරදීමකින් ඡන්දය ලකුණු වුණි යැයි පැවසුවද තවත් ඡන්ද පත්‍රිකාවක් ලබාදීමක් සිදු කළ නොහැකි බවයි.

https://youtu.be/jz4U7AMixSk?t=5

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. යම්කිසි අපේක්ෂකයෙකු ඉදිරියෙන් අංක “3” ලකුණු කිරීම මගින් ඔහුට මනාප තුනක් නොලැබෙන අතර එය වලංගු නොවන ඡන්දයක් ලෙස නම් කෙරෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම අවලංගු ඡන්දයකි

Fact Check By: Sahan Perera

Result: False