ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය.

“රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි සඳහන් කරමින් සේයාරුවක් සහිතව Hiru TV Blog ෆේස්බුක් මෙහි ඉදිරිපත් වූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීමට පටන් ගත්තේය. මෙම සේයාරුව සමාජ මාධ්‍ය ජාලයට නිකුත් වීමත් සමගම 69 වන වියේ පසුවූ ඇය “joker lady” ලෙසින් හැඳින්වීමට බොහෝ දෙනකු පෙළඹුනු බවට සටහනක්ද එහි අන්තර්ගත වී තිබුණි.

Hiru TV BlogArchived Link

මෙවැනි සටහන් රැසක් ෆේස්බුක් පර්ශීලකයින් අතර හුවමාරු වී තිබුණි. මේ පිළිබඳව ඉන්දියාවේද බොහෝ ලෙස පසුගිය සති කිහිපයේ කතාබහට ලක්වූ බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

බටහිර බෙංගාලයේ රන්ගහාට්හි 1960 වසරේ උපත ලැබූ ඇයගේ වයස මේ වන විට අවුරුදු 59 කි. ඉහත සටහනේ දක්වා තිබෙන්නේ ඇගේ වයස අවුරුදු හැට නවයක් ලෙසයි.

විවාහයෙන් පසු සිය සැමියා සමඟ මුම්බායිහි පදිංචියට ගියාය. එහෙත් සැමියාගේ අකල් වියෝවත් සමග අසරණවූ ඇය නැවත වරක් උපන් ග්‍රාමය වෙත පැමිණ දිළිඳු කමේ අන්ත පීඩාවට පත් ඇය, ජීවිකාව සඳහා රන්ගහාට් දුම්රියපොළේ ගීත ගැයුවාය. දිනක් දුම්රියපළට පැමිණි, තරුණ මෘදුකාංග ඉංජිනේරවරයෙක්වු අටින්දර් චක්‍රබෝර්ති ඇයගේ ගායනයක් වීඩියෝ ගතකර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීමත් සමගම ඉතා සුළු කාලයක් තුළ ඇය මහත්සේ ජනප්‍රියතාවයට පත්වී හිමේෂ් රෙශම්මියා සමඟ ඉදිරිපත් කළ ගායනයෙන් පසුව ලොවපුරා රසික රසිකාවියන් විශාල පිරිසකගේ හදවත් දිනා ගැනීමටද සමත් වූවාය.

නමුත් පසුගිය දිනෙක මුම්බායේ වෙළඳසැලකදී ඇය සමග සෙල්ෆි රූපයක් ගැනීමට තැත් කළ කාන්තාවකට, ඡායාරූපය ගැනීමට විරෝධය දැක්වීම නිසා, සමාජ මාධ්‍ය ජාලය තුළින් ඇයට රසික රසිකාවියන්ගේ අප්‍රසාදය පලවිය. මේ සමගම රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් හැඩගැන්වූ ඇයගේ සේයාරුවක් බව සඳහන් කරමින් යම් ඡායාරූපයක්, ඇයව අවඥාවට ලක් කරමින් ඉන්දීය සමාජ මාධ්‍ය ජාලා තුල විශාල වශයෙන් සංසරණය වීමට පටන් ගත්තේය.

රානු මොන්දාල් පිළිබඳව නවතම ප්‍රවෘත්ති සොයා ගූගල් සෙවුමක් කළෙමු. ඇය පිළිබඳව වූ වාර්තා රාශියකින් අපට නිරීක්ෂණය වුයේ ඇය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක් බවයි. මේ අතර නවතම සිද්ධිය ලෙස වාර්තා වී තිබුණේ පසුගිය දා ය සහභාගී වූ වැඩසටහනකදී ඇගේම ගීතයක පදමාලාව අමතකවීමේ සිද්ධියකි. තවද වාර්තා රැසකම ඇගේ සේයාරුව අවඥාවට ලක් කරමින් සටහන්ද දක්වා තිබුණි.

Google Search Link

එක් වාර්තාවකින් දක්වා තිබුණේ මෙලෙස තම මව හාස්‍යයට ලක් කරමින් සමාජ මාධ්‍ය හරහා පළකෙරෙන සටහන් ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස තමා දකින බව ඇගේ දියණිය විසින් සිදුකර තිබූ ප්‍රකාශයකි.

India Today Link

Sandhyasmakeover නමැති Instagram සටහනක් වෙත අපගේ අවධානය යොමු විය. එහි වම් පස වූ සේයාරුව යටින් Sandhya විසින් අලංකරණය කරන ලද සත්‍යය සේයාරුව ලෙසද, දකුණු පසින් වූ සේයාරුට යටින් යම්තාක් දුරට සංස්කරණය කරන ලද අසත්‍යය සේයාරුව ලෙසද දක්වමින් කෙටි සටහනක් යොදා තිබුණි. එහි මෙසේද සඳහන් විය. “මෙහි ඔබට දක්නට ලැබෙන්නේ අප විසින් අලංකරණ කළ සත්‍ය සේයාරුව සහ යම්තාක් සංස්කරණය කරන ලද සාවද්‍ය සේයාරුවයි. උසුළු විසුළු සහ අවඥාවන් හාස්‍ය ජනකවූවද, එමගින් පුද්ගලයෙකුගේ සංවේදීත්වයට වේදනාවක් ඇති කරවීම යහපත් ක්‍රියාවක් නොවේ. ඔබ සැම එසේ නොකරනු ඇතයි අපි අපේක්ෂා කරමු.”

Instagram LinkArchived Link

රානු මොන්දල්ගේ සේයාරුවක් සහිතව Sandhyasmakeover වීඩියෝ පටියක් සහිත වෙනත් Instagram සටහනක මෙම පණිවිඩයක අනතර්ගත විය. “සාමාන්‍ය දිවියෙහි දිව්‍යාංගනාවන් බඳු සුරූපිනියන් වන ආශි භාග්‍යා, උජවල් දුවා සහ විද්‍යා සමඟ සමාජ මාධ්‍ය ජාලයේ ආන්දෝලාත්මක ගායිකාව වන රානු මන්දල්ව රූපලාවන්‍ය කල අන්දම නරඹන්න. අපට මෙම සුන්දර කාන්තාවන්ගේ රූපලාවන්‍ය කිරීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් කොට සලකමු. මෙම උසුළු විසුළු සහ අවඥාව අවඥාවෙන්, අපට හාස්‍ය ඉපදවුවද, දැන් එය නතර කිරීමට කාලය පැමිණ ඇත. විවේචන වලට අප මුහුණ දෙමු.”

https://www.instagram.com/tv/B4-T3k_gwIY/?utm_source=ig_web_options_share_sheet

මෙම රූපලාවන්‍ය ශිල්පිනියගේ Instagram පණිවිඩයෙන් සනාථ වූයේ සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වන රානු මොන්දලගේ ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවය. ඉන්දීය වෙබ් අඩවිය රැසකම වාගේද සඳහන් කර තිබුණේ දැනට සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන්නේ රානු මොන්දල්ගේ සංස්කරණය කරන ලද සේයාරුවක් බවය.

IndiaTimes.com Link News18.com Link IndiaToday News Link TimesNow News Link

මෙම සත්‍ය ප්‍රවෘත්තිය නොවෙන්න ඉන්දියාවේ විශාල වශයෙන් පැතිරී ගිය අතර පසුගිය සතියෙ අපගේ මව් ආයතනයේ භාෂා කිහිපයකින්ම මේ පිළිබඳ කරුණු විමර්ශනයක් සිදු කරන ලදී. පහත දැක්වෙන්නේ එලෙස දෙමළ භාෂාවෙන් සිදු කරන ලද සත්‍ය කරුණු විමර්ශනයකි

Fact Check – Ranu Mondal (Factcrescendo Tamil)

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි සඳහන් කරමින් සේයාරුවක් සහිතව ඉදිරිපත් වූ සටහන් වල ඇති සේයාරුව සංස්කරණය කළ ඡායාරූපයක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට?

Fact Check By: Sahan Perera

Result: Partly False