ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා දැඩි පසුබෑමකට ලක්වෙමින් ලබාගත හැකි වූයේ සියයට හතරකටත් වඩා අඩු (3.6%) ඡන්ද ප්‍රතිශතයකි. මෙම පරාජයත් සමගම ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගෙන විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම සාවද්‍ය සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව එල්ලවන ප්‍රධාන චෝදනාවන් වන්නේ ඔවුන් මෙහෙයවනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඕනෑ එපාකම් මත බවයි. මෙවැනි පසුබිමක පසුගිය දින "රනිල්ව අමෙරිකාවටයි ඉන්දියාවටයි අවනත කරගන්න බැරිවීම නිසා, ඇමෙරිකාවෙන් පාස්කු ප්‍රහාරය කරවලා ගෝඨාව ජනාධිපති පුටුවේ තිබ්බායන තේමාව යටතේ , අනුර කුමාර දිසානායක සිදුකරන ලද ප්‍රකාශයක් බව පෙන්වන වීඩියෝ පටයක් සහිත සටහනක් ෆේස්බුක් හරහා විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දක්නට ලැබුණේ පහත අයුරිනි. “රනිල් ඇමරිකන් ඉන්දියන් ගැති නොවුණු නිසා ඇමරිකාව ගෝඨාභය ව බලයට ගෙනාවා” යනුවෙන් එම වීඩියෝවේ ශීර්ෂයේ සඳහන් වී තිබුණි.

FB LinkFB Link 2FB Link 3Archived Link

වෙබ් අඩවි කිහිපයකම පළවී තිබූ වාර්තා, ඉහත සටහන් සඳහා මුල් වන්නට ඇතැයි අනුමාන කළ හැකි අතර පහත දැක්වෙන්නේ වෙබ් අඩවි කිහිපයක පළවූ සටහන් පෙළකි. එම සටහන්වල පෙන්නීමට උත්සාහ කර ඇත්තේද අනුර කුමාර දිසානායක මහතා පවසන අන්දමන්ට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඉන්දියන් හා ඇමරිකානු ගැති නොවූ නිසා එම රටවල් වල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ සැලසුම් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බවයි.

Thetruth.lkAndaharaya.comLankacnews

එම සටහන පරිශීලකයෙක් රැසක් හුවමාරු කරගෙන තිබූ අතර සමහර සටන්වල දක්වා තිබුනේ මෙය වැරදි අර්ථ කථනයක් ලෙසයි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ප්‍රකාශයේ සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම සඳහා මුලින්ම අප ඉහත සටහන් වලට පාදක වී තිබූ වීඩියෝ පටය නිරීක්ෂණය කළෙමු . එහිදී අපට දක්නට ලැබුනේ එම වීඩියෝ පටය කොටස් කිහිපයක් එකතු කර සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බවය. මුල් වීඩියෝව පිළිබඳව සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ සහ අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ “රනිල් ඇමරිකන් ගැත්තෙක්... .ඒ්ත් දුර්වලයෙක්” යන තේමාව යටතේ මුල් වීඩියෝව පළවී තිබුනේ මෙලෙසිනි.

https://www.facebook.com/jvpsrilanka/videos/486299618979469/

JVP Sri Lanka AKD FB

“රනිල් ගත්තොත් ඇමරිකාවටත් වඩා හොඳ ඇමරිකන් කාරයෙක් හැබැයි මොන ඒජන්ත කාරයෙක් වුනත් රනිල්ට තමන්ගේ පාලන කාලය තුල මෙම කිසිවක් කරගත නොහැකි වුණා..” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ කතාව ආරම්භයේදීම MCC, SOFA ගිවිසුම යනාදී ගිවිසුම් පසුගිය පාලන සමයේදී සම්මත කර ගැනීමට නොහැකි වීම පිලිබඳ කරුණු ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණා.

එම මුල් වීඩියෝ පටය අවසාන භාගයේ දී ප්‍රකාශිත වීඩියෝ පටයේ කොටස ඇතුළත් බව අපට දැකගන්නට ලැබුණා.පහත පෙන්වා ඇත්තේ මුල් වීඩියෝ කොටසක් සහ ඉහත ප්‍රකාශිත සංස්කරණය කරන ලද වීඩියෝ පටයේ අදාළ කොටස සංසන්දනය කිරීමකි.

https://www.facebook.com/factcrescendosl/videos/194717251674805/

මෙම වීඩියෝ පට දෙක සංසන්දනාත්මකව පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ ඇමෙරිකානු ගැත්තෙකු බව පවසා සිටියද එම කොටස් ඉවත් කර ප්‍රකාශිත වීඩියෝ සංස්කරණය කර ඇති බවයි

“තමන් කොතරම් සැලසුම් කර තිබුනත් ඇමරිකාවට ඉන්දියාවට ඔවුන්ගේ අවශ්‍ය සැලසුම් ලංකාවේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා රනිල්ගේ පාලනය යටතේ”..යනුවෙන් සිදුකරන ප්‍රකාශය අවසානයේ “රනිල් අකමැති නිසා නෙවෙයි, රනිල්ට කරන්න බැරි නිසා..” යන කොටස ඉවත් කර රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගැති නොවන නිසා සැලසුම් ලංකාවේ ක්‍රියාත්මක නොකළේ යැයි අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බව පෙන්වා දීමට උත්සාහ කර ඇත

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ කතාවේ යම් කොටස් ඉවත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු හා ඉන්දියානු ගැත්තෙකු නොවූ බැවින් ඔහු ඇමරිකානු සහ ඉන්දියානු සැලසුම් ක්‍රියාත්මක නොකළේ යැයි හැඟෙන පරිදි ඉහත ප්‍රකාශිත වීඩියෝව සංස්කරණය කර ඇති බවයි. නමුත් ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක මහතා පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකානු ගැත්තෙකු වුවද ඔහුගේ නොහැකියාව මත එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි

Avatar

Title:Fact Check : රනිල් වික්‍රමසිංහ ඇමරිකානු හා ඉන්දියානු ගැත්තෙක් නොවේ - අනුර කුමාර දිසානායක

Fact Check By: Sahan Perera

Result: Partly False