බොදු බල සංවිධානය විවිධ මතභේදාත්මක ප්‍රශ්න හමුවේ තම ස්ථාවරය දැඩි ලෙස ඉදිරිපත් කළ සංවිධානයකි. එහි නායකත්වය දරන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මෙකී හේතු හමුවේ බන්ධනාගාර ගතකොට ද සිටින ලදී.

මහනුවර තෙල්දෙණිය සිද්ධිය, ගුරුකන්ද රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල පසුගිය වසර කිහිපයේදී ඇතිවූ අර්බුදකාරී තත්වයන් රැසකදීම වාගේ බොදුබල සංවිධානය දායකත්වය ලබාදී තිබෙනු අපට දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක “වඳ පෙති කියලා ජාතියක් නෑ. රට අස්ථාවර නොකර ආණ්ඩුවට සහය දෙන්න” යන තේමාව යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසූ බව සඳහන් ප්‍රකාශයක් ඇතුලත් පුවත්පත් ලිපියක ඡායාරූපයක් සේ පෙනෙන සේයාරුවක් සහිත සටහනක් පසුගිය සති අන්තයේදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පැවතුණි.

උපුල් කුමාර නමැති ෆේස්බුක් පිටුවකින් පළවී තිබු මෙබඳු එක් සටහනක කුමාර සිරිවර්ධන නමැති පුවත්පත් ලේඛකයා විසින් පලකල ලිපියක් ලෙස මෙය පෙන්වාදී තිබුණි. දීර්ඝ කතාංශයක් සහිත එම සටහනේ ගලගොඩඅත්තේ ඥනසාර හිමි විසින් පවසන ලද ප්‍රකාශයක් ලෙස උපුටා දැක්වීමක් මෙසේ දක්වා තිබුණි.

“අම්පාරේ මුස්ලිම් හෝටලයකින් දුන්න ආහාර වලට කිසියම් පෙති වර්ගයක් කවලම් කිරීම යන සැකය මත රටේ විශාල කලබැගෑනියක් ඇතිව තිබෙනවා. වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ වඳ පෙති යනුවෙන් දෙයක් නැති බවයි පෙති දීලා කාවවත් වඳ කරන්න බෑ. පොලීසිය විසින් මේ ගැන පරීක්ෂණ සිදුකරනවා. ඒ නිසා අපේ සිංහල ජනතාව මේ අවස්ථාවේදී නීතිය ගැන විශ්වාස තබා කලබල වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා.

මේ වෙලාවෙ අපේ රටේ තියෙන්නේ ඉතාමත් අවදානම් සහගත අවධියකයි. ආර්ථික, සමාජයීය හා දේශපාලනික යන හැම අතකින්ම අපේ රට පිරිහිලා ඒ නිසා අප මේ අවස්ථාවේ දී අනවශ්‍ය ගැටුම් වලට ගොස් තවත් රට අස්ථාවර කරන්නේ නැතිව රජය කරගෙන යාමට ආණ්ඩුවට සහාය දිය යුතුයි. ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන බවත් පෙනෙනවා ඔවුන් දෙපළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිබඳව හිමිවෙනවා

හැමදේටම මුස්ලිම් ජනතාවට විතරක් ඇඟිල්ල දික් කිරීම බෞද්ධ කම නෙවෙයි. සිංහල මිනිස්සු වඳ වෙන්නේ අරක්කු සහ සිගරට් නිසයි. වඳ පෙති වලට තියෙන විරෝධය ඒවටත් එරෙහිව නැති එකයි නිසයි අද අපේ ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ”

FB LinkArchived Link

ඥානසාර හිමියන් විසින් මෙබඳු ප්‍රකාශයක් කෙදිනක හෝ සිදු කළා දැයි බොහෝ පිරිස් විමතිය පළකර තිබු අතර එම සටහන සාවද්‍ය ප්‍රකාශයක් ලෙස සැක මතු කර තිබෙන සටහන් රැසක්ද අපට දැක ගන්නට ලැබුණා. මේ පිළිබඳව කරුණු විමර්ශනයක් සිදුකරන ලෙස කිහිපදෙනෙක් විසින්ම විමසීම් සිදු කර තිබෙන අයුරු ද දක්නට තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ප්‍රකාශයේ “ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා” යනුවෙන් ප්‍රකාශ කර තිබීම හා අම්පාර මුස්ලිම් හෝටලයේ සිද්ධිය පසුගිය පාලන සමයේ ඇතිවූ සිද්ධියක් වූ බැවින් මෙහි මුල් පලවීම මීට පෙර සිදුවී ඇති බව අපට පෙනී ගිය අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී 2019 වසරේ මැයි මස පළවී තිබු සටහනක් දක්නට ලැබුණි.

FB LinkArchived Link

කුමාර සිරිවර්ධන පුවත්පත්වේදියා විසින් තම නම යොදා ගනිමින් හුවමාරු වෙමින් පැවති සටහන් සඳහා පිළිතුරු ලබා දෙමින් 2018 වසරේ මාර්තු මස 02 වැනි දින මෙම ලිපිය ඔහු විසින් ලියන ලද ලිපියක් නොවන බව තහවුරු කරමින් පවසා තිබුනේ, මෙය කිසිවකු විසින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව තමා විශ්වාස කරන බවයි.

Kumara Siriwardena FB PostArchived Link

මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී කුමාර සිරිවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. එහිදී ඔහු අප සමඟ පවසා සිටියේ මෙබඳු සාවද්‍ය ලිපියක් සංස්කරණය කොට පළ කිරීමට විරුද්ධව තමා සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2018 වසරේ සිට පැමිණිළි කර ඇති බවයි.

තවදුරටත් කරුණු දක්වමින් සිරිවර්ධන මහතා පවසා සිටියේ මෙම ව්‍යාජ ලිපිය මුලින්ම අන්තර්ජාලය හරහා සංසරණය වූ අවස්ථාවේ තමා ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගෙන සිටි බවයි. එසේම තමා විශේෂාංග කර්තෘවරයකු වශයෙන් දිනමිණ පුවත්පතට මෙන්ම සරසවිය පුවත්පතට ද දායක වූවා විනා කිසිදු අවස්ථාවක දිනමිණ පුවත් අංශයට සම්බන්ධ වී නැති බවද අවධාරණය කර සිටියා. එසේම මෙම ලිපිය සඳහා යොදාගෙන ඇති අක්ෂර දිනමිණ පුවත්පත සඳහා යොදාගැනෙන අක්ෂර පෙළක් නොවන අතර ලිපියේ කතෘ ගේ නම යටින් ඉරක් යෙදීම කිසිඳු විටෙක පිටු සැකසීමේදී සිදුනොවන බවද දැනගන්නට ලැබුණා.

එම සටහන පළවූ දිනයට මාස 6ක පමණ පෙර කුමාර සිරිවර්ධන මහතා විසින් කිසියම් හෝ පුවත්පත් ලිපියක් ලියන ලද්දේද යන්න පරීක්ෂා කළ අපට දැනගන්නට ලැබුනේ, ඔහු පැවසු ආකාරයට, එම කාලය තුල ඔහුගේ කෘති පිලිබඳ පළව තිබු ලිපි විනා කිසිඳු පුවත්පත් ලිපියක් පළවී නොමැති බවයි.

Google Search Link

ඉහත ලිපිය ඇතුළත් සටහන හේතුවෙන් අගතියට පත් අනෙක් පාර්ශවය වන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් මේ පිළිබඳ තොරතුරු දැනගැනීම පිණිස බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අංශයෙන් සිදු කරන ලද විමසීමකදී පවසා සිටියේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය ඉහත ප්‍රකාශය මැතිවරණයක් ආසන්නයේදී ඉස්මතුවන අතර මේ පිළිබඳව 2018 වසරේදී ස්වාමින්වහන්සේ විසින් පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳව ලිපියක් Colombo Today වෙබ් අඩවියේ පළ කර ඇති බවයි. එම ලිපිය පහතින්.

Colombo Today ArticleArchived Link

ඇත්ත වශයෙන්ම වඳභාවය ඇති කරන බෙහෙත් වර්ග කිසිවක් නැතැයි යන තේමාව යටතේ කිසියම් හෝ ලිපියක් පළවී තිබේ දැයි පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ, දිනමිණ කර්තෘ මණ්ඩලයේම දුමින්ද සම්පත් යන අයකු විසින් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා විසින් ප්‍රකාශ කළේ යැයි සඳහන් ලිපියක් 2017 වසරේ ඔක්තෝබර් මස එම තේමාව යටතේ මෙසේ පළකර තිබු බවයි

Dinamina.lk (09-10-2017)Epap10-er Article (09-10-2017)Archived Link

එහෙත් ඉහත ලිපියේ තමන් පැවසු කරුණු වෙනස්කොට පළකර ඇතයි පවසමින් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා කරුණු පැහැදිලි කරමින් සිදුකරන ලද වීඩියෝ පටයක්ද අපට දක්නට ලැබුණි.

https://youtu.be/Q11f-EEsAc0

අවසාන නිගමනය

මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ 2018 වසරේ සිට විටින් විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉලක්ක කරගනිමින් ප්‍රවීණ මාධ්‍යවේදී කුමාර සිරිවර්ධන මහතා විසින් රචිත ලිපියක් ලෙස “වඳ පෙති කියලා ජාතියක් නෑ. රට අස්ථාවර නොකර ආණ්ඩුවට සහය දෙන්න” යන තේමාව යටතේ පලවන සටහන් සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය ලෙස සංස්කරණය කොට පළ කර ඇති සටහන් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවසන ලදැයි 2018 වසරේ සිට හුවමාරුවන පුවත්පත් ලිපිය ව්‍යාජ සංස්කරණයකි

Fact Check By: Sahan Perera

Result: False