චීනයට පසු කොරෝනා වෛරස් ආසාදනය තදින්ම පැතිර ඇත්තේ ඉතාලියේය. යුරෝපයේ වියපත් පුරවැසියන් රැසක් සහිත රටක් ලෙස හඳුන්වන ඉතාලියට, මේ කරුණ නිසාම කොරෝනා වෛරස් ආසාදනය දැඩි බලපෑමක් ඇති කළේය. මාර්තු 18 වන විට ඉතාලියේ 30,000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර, 3200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත.

මෙවැනි පසුබිමක නාලක ජයතුංග නමැති ෆේස්බුක් පිටුවක මේ ඉතාලියේ එක පල්ලියක අද තේමාව යටතේ පේලියට තැබු මිනි පෙට්ටි රැසක් පෙන්වන ඡායාරූපයක් සහිත සටහනක් නිරීක්ෂණය විය. එම ඡායාරූපයේ මේ ව්‍යසනය හරියාකාරව තේරුම් නොගෙන ශ්‍රී ලංකාවේ පාලකයා උදම් අනනවා. මහජනතාව වගකීමක් නැතුව කටයුතු කරනවා යන වදන රෝපණය කර තිබුණි. මෙම සටහන ඉතා කෙටි කාලයක් තුළ ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1,000 ට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණි.

I am Buddhist නමැති ෆේස්බුක් පිටුවකද Corvid-19 Don’t take it easy” තේමාව යටතේ නාලක ජයතුංගගේ ෆේස්බුක් පිටුවවේ අන්තර්ගතව තිබු ඡායාරූපය සහිතව සටහනක් දක්නට ලැබුණි. ප්‍රතිචාර 240 කට අධික සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම සටහනද ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1,900 ට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණි.

Link1Link2
Archived Link1Archived Link2

තවද Jeewana S-Jeewa නැමැත්තෙකු විසින් "මේ ඉතාලියේ එක ප්‍රදේශයක..ගෙවල් වලට වෙලා හිටපල්ලා අපේ රටට මෙහෙහ වෙන්න දෙන්න බැ!" යන තේමාව යටතේ ඡායාරුපයක් පළකර තිබුනේ මෙලෙසිනි.

Link Archived Link Link 2Archived Link 2

ඉහත සටහන්වලට හිමිවු ප්‍රතිචාර අතර එම සටහන් අසත්‍යය සටහන් ලෙස යෝජනා වී තිබීමත් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වීමත් හේතුකොටගෙන මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ෆේස්බුක් පිටු වල අන්තර්ගතව තිබූ ඡායාරූපය සමීපව පරීක්ෂා කිරීමේදී එය දේවස්ථානයකට වඩා යම්කිසි ගබඩාවක ස්වරූපයක් උසුලන බව නිරීක්ෂණය විය. අප මෙම ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළෙමු. එහිදී මෙම ඡායාරුපය ඇතුලත් සටහන් රැසක් පලවී තිබෙනු නිරීක්ෂණය වූ අතර මේ සියල්ලක්ම මීට වසර කිහිප්යකයටම පෙර පලව තිබු වාර්තා බව පෙනී ගියා.

NPR ප්‍රවෘත්ති වෙබ් අඩවියේ 2017 නොවැම්බර් මස 17 දින පලවී තිබු A List Of Loss: Newspaper Collects Tragic Tally Of 33,293 Dead Migrants” තේමාව යටතේ අප්‍රිකාවේ සිට යුරෝපයට අනවසරයෙන් ඇතුළුවන නීතිවිරෝධි සංක්‍රමණිකයන් පීළිබඳවවු වාර්තාවක මෙම ඡායාරූපය අන්තරගත කර තිබුණේ “Some 300 people died off the island of Lampedusa in a shipwreck southern Italy in 2013. Here, their coffins fill a large room as they wait to be moved.” සිංහල අර්ථය “2013 වසරේදි යාත්‍රාව මුහුදුබත් වීම නිසා දකුණු ඉතාලියේ ලැම්පෙදුසා දුපත අසල පුද්ගලයන් 300 අධික සංඛ්‍යා‍යාවක් මරණයට පත්විය. අවසාන කටයුතු සඳහා ඉවත් කරන තෙක් විශාල ගබඩාවක ඔවුන්ගේ දේහ තැන්පත් කර තිබු අන්දම

LinkArchived Link

එම ඡායාරුපය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේදී “Hundreds of African Migrants Feared Dead Off The Coastline Of Lampedusaයන තේමාව යටතේ ඡායාරූපයේ මුල් හිමිකරු වන Tullio M. Puglia විසින් Getty Images වෙත සිදුකරන ලද පළකිරීමක් දක්නටද ලැබුණි.

Image Link

ෆේස්බුක් පිටු කිහිපයකම ඉහත සඳහන් කළ ෆේස්බුක පිටු දෙකෙහි අන්තර් ගත කර තිබු සේයාරුව යොදාගනිමින් පාඨකයින් නොමඟ යවා ඇතිබව පවසා තිබු අතර මෙම අනතුර ඉතාලියේ කොරෝනා ආසාධිත මරණ නොව සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඉතාලිය අවට මුහුදේදී පෙරලීම නිසා වසර ගණනාවකට පෙර මරණය පත්වූ පිරිසකගේ ආදාහනයක ඡායාරුපයක් බවද සටහන් කර තිබුණි.

අනතුරුව අප I am Buddhist සහ නාලක ජයතුංගගේ ෆේස්බුක් පිටුවල අන්තර්ගත කර තිබූ ඡායාරූපයන්, Tullio M. Puglia විසින් Getty Images වෙත පළකර මුල් ඡායාරුපය සමඟ සංසන්දනය කිරීමේදී තහවුරු වූයේ එම ඡායාරූප තුනම එකම ස්ථානයක් බවය

එසේම එලෙසින් හුවමාරු වී තිබු අනෙක් ඡයරුපයද Google Reverse Image සෙවුමකට ලක්කිරීමේදී පෙනී ගියේ එයද ඉහත සිද්ධියටම සම්බන්ධ ඡායාරුපයක් බවයි. The Guardian

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2013 වසරේදි යාත්‍රාවක් මුහුදුබත් වීම නිසා දකුණු ඉතාලියේ ලැම්පෙදුසා දුපත අසල මරණයට පත්වු පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය සඳහා ඉවත් කරන තෙක් විශාල ගබඩාවක තැන්පත් කර තිබු අන්දම දැක්වෙන ඡායාරූපයක් විනා කොරෝනා වෛරස් ආසාදනයෙන් මිය ගිය ඉතාලි ජාතිකයන් ගේ සිරුරු දෙවස්ථානයක තැන්පත් කර තිබූ අන්දම නොවේ.

එමනිසා I am Buddhist සහ නාලක ජයතුංගගේ ෆේස්බුක් පිටුවල පේලියට තැබු මිනි පෙට්ටි රැසක් පෙන්වන ඡායාරූපයක් සහිත ඉදිරිපත් කර ඇති සටහන සම්පූර්ණයෙන් අසත්‍යය සාවද්‍ය වාර්තාවක් බවට නිගමනය කරමු.

Avatar

Title:Fact Check : 2013 වසරේ ඉතාලියේ ආසන්නයේ සිදුවූ සංක්‍රමණික මරණ වර්තමාන කොරෝනා වෛරසය මරණ ලෙස පෙන්වාදීමක්

Fact Check By: Sahan Perera

Result: False