ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය.

මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ ෆේස්බුක් පිටුවක පහත කථාංශය සහිත සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

ආයුබෝවන්,

IDH වෛද්‍ය කණ්ඩායම ඔබට හැකි නම් පරිත්‍යාගයක් කරන ලෙස ඉල්ලා සිටියි.

IDH හි පරීක්‍ෂා කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින් බොහෝ විට ඇතුළත් වීමේ කාර්යයට මුහුණ දෙයි. රෝගියා සෑම විටම පාහේ සූදානම් නැති අතර ඇතුළත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා රෝහලෙන් පිටව යා නොහැක. ඔවුන් නිරෝධායනය කර ඇත. එබැවින්..

අත්‍යවශ්‍ය භාණ්ඩ (කුඩා ඇසුරුම් ලෙස)

1. කුඩා ෂැම්පූ

2. සබන්

3. දත් බුරුසුව

4. දත් බෙහෙත්

උණු වතුර බෝතල්ද ලබා දිය හැකිනම් විශාල උපකාරයකි. (ඔවුන් රෝගීන්ට ලබා දිය යුතුය.)

ඔබට උපකාර කළ හැකිනම්, කරුණාකර මට දැනගැනීමට සලස්වන්න.

වෛද්‍ය මහේන් බොරලැස්ස. IDH සම්බන්ධීකාරක වැඩි විස්තර සඳහා +94772342025

LinkArchived Link

ඒ හා සමාන සටහන් රැසක් ෆේස්බුක් ජාලයේ සංසරණය වෙනු නිරීක්ෂණය විය.

මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු මේ හා සමාන තවත් සටහනක් WhatsApp ජාලයේ සංසරණය වීම දක්නට ලැබුණි.

මින් පෙර ඇති වූ ව්‍යසන තත්ත්වයන්හිදී මෙන් මෙවැනි අවශ්‍යතාවක් පිලිබඳ ප්‍රධාන මාධ්‍යයන් මගින් වාර්තා කර නොතිබුණු නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළබඳව සත්‍යය තහවුරු කර ගැනීම පිණිස අප වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට මෙහි ඇති දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා ගත්තෙමු. තමා එවැනි ඉල්ලීමක් නොකළ බව පැවසු ඔහු මෙම සටහන ව්‍යාජ එකක් බව පැවසීය. ඔහු ෆේස්බුක් හරහා පහත සටහනද පළකර තිබුණි.

https://www.facebook.com/photo.php?fbid=2955317391255201&set=a.2954923267961280&type=3

අනතුරුට අප වෛද්‍ය මහෙන් බොරලැස්ස සමග සම්බන්ධ වුයෙමු. තමා ද්‍රව්‍යයමය ආධාර පතා ෆේස්බුක් ජාලයේ සටහනක් ඉදිරිපත් නොකල බව පැවසු ඔහු සිය මිතුරන් කණ්ඩායමක් උපකාර කිරීමට අවශ්‍ය බව පවසා, එවා තිබු ද්‍රව්‍යයමය ආධාරයක් රෝහලේ මේට්‍රන්වරිය වෙත යොමු කළ බව අවධාරනය කළේය. තම ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව පැහැදිළි කිරීමක් ඉදිරිපත් කර ඇතිබවද පැවසීය. අප ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට පහත සටහන දක්නට ලැබුණි.

අප පාසලේ 2003වසරේ ආදි ශිෂ්‍ය කණ්ඩායම දැක්වු දායකත්වයට තුති පුදමි. මෙම සටහන ඉදිරිපත් කලේ අප මිතුරන් කණ්ඩායමට පමණි. එහෙත් අනපේක්ෂිත ලෙස මෙය විශාල සමූහයක් අතර සංසරණය වී ඇත. රෙදි සෝදන යන්ත්‍රයක් හෝ ශල්‍ය වෛද්‍ය උපකරණ කිසිවිටෙකත් මම ඉල්ලුවේ නැත. රෙදි සෝදන යන්ත්‍රයක් පරිත්‍යාගය කිරීමට ඉදිරිපත් වූ පරිත්‍යාගශීලියෙකුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා වෙත යොමු කළෙමි. සමහර WhatsApp කණ්ඩායම් දක්වා තිබූ පරිදි මම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක නොවෙමි. උපකාර කිරීමට කැමැති සම්පත්දායකයින් රැසක් දුරකථනයෙන් මා හා සම්බන්ධ වූ නිසා ඔවුන් පිළිබඳව විස්තර සැපයීමට හෙට මම කොරොනා කාර්ය සාධක බළකායේ නිලධාරීන් මුණ ගැසෙමි.

LinkArchived LinkLink 2Archived 2

පහත දැක්වෙන්නේ වෛද්‍ය මහෙන් බොරලැස්ස පලකරන ලද තවත් සටහනකි. එම අසත්‍ය ප්‍රචාර මධ්‍යයේ වුවද රටේ පවතින තත්වය හමුවේ පරිත්‍යාග කිරීමට උහුසුලු වූ සම්පත්දායක පුද්ගලයින් රැසක් ඔහු ඇමතු අතර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සම්බන්ධ කර ගැනීමට උත්සුක වූ බවද දන්වා තිබුණි.

මේ තත්වය පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යන්ශයෙන්ද විමසීමක් කරන ලද අතර මේ වනවිට එබඳු අත්‍යවශ්‍ය භාණ්ඩ IDH රෝහලේ නැති බවද දැනගන්නට ලැබුණි. මේ පිලිබඳ දිනමිණ පුවත්පතේ පළකරන ලද ලිපියක් පහතින්.

අයි.ඩී.එච්. රෝහලේ උපාංගවල හිඟයක් නැහැ - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වෛද්‍යවරයකුගේ පාසල් මිතුරන් කණ්ඩායමක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අවශ්‍යතාවයක් සපුරාලීමට ගත් උත්සාහයකදී එය සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් සමූහයක් අතර සංසරණය වීම නිසා මහජන මතයක් ගොඩ නැගී ඇති බවයි.

එනිසා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ද්‍රව්‍යමය ආධාර අවශ්‍ය බවට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ පැතිරෙන සටහන් සහ ප්‍රවෘත්ති නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු

Avatar

Title:IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

Fact Check By: Sahan Perera

Result: False