Last updated on October 10th, 2023 at 03:07 am
Update :
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් පළ වූ සටහනක් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා සැලකිලිමත් වී තිබුණා. මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්.
සමාජ මාධ්‍ය සටහන් :
මාස 04ක පමණ කාලය සිට රෝහල් ගත කර ඇති ජැක්සන් ඇන්තනී මහතාගේ තීරණාත්මක මාසය, මේ මාසය බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.
එහි දක්වා තිබුණේ, මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මහතා මේ වන විට කෝමා තත්ත්වයක පසුවන බවත්, යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත බවටත්, දිගින් දිගටම එසේ පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්කම ඇති බවත්, ඒ තුළ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ වීමට හැකි බවට ඔහුගේ දියණිය වන මාධවී ඇන්තනී පැවසූ බවටයි.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

2022 ජූලි මස 02 වන දා රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ගනු ලබනවා.
අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී රාත්‍රියේ කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබීමෙන් මෙම අනතුර සිදුවුණා.
ඔහු රෝහල් ගත කර සිව් මසක් ගත වී ඇති මොහොතක ඉහත සඳහන් ආකාරයේ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම තුළින් ජැක්සන් ඇන්තනී රංගදරයා පිළිබඳ බොහෝ දෙනෙකු කම්පාවට පත් වුණා.
කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ
අප මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දී සමරකෝන් මහත්මියගෙන් විමසීමක් කළා.
ඇය සඳහන් කළේ, ජැක්සන් ඇන්තනී මහතා සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. එසේම, වෙන්ටිලේටර් උපකරණයක සම්බන්ධ කර ඇති ඕනෑම රෝගියෙකුගේ මොළය මැරණහොත් පමණක් ඉන් ඉවත් කිරීමේ තීරණය ගන්නා බවත්, එවැනි සිදුවීමක් වන තුරු කිසිදු අවස්ථාවක රෝගියෙකු පිළිබඳ යම් කිසි කාල වකවාණුවක් නියම කොට වෙන්ටිලේටර් උපකරණයකින් ඉවත් කිරීම සිදු නොකරන බවත්, එවැන්නක් සිදුවීම හෝ නොවීම කලින් පුරෝකථනය කළ හැකි දෙයක් නොවන බවත් ඇය සඳහන් කළා.
යම්කිසි රෝගියෙකුගේ මොළය මැරණා ද , යන්න පිළිබඳව සෑම දිනකම පරීක්ෂා කිරීමක් සිදු නොකරන අතර එවැනි ආකාරයේ ලක්ෂණ ලැබුණු පසු, එම පරීක්ෂා සිදු කොට එවැනි තීරණයක් ගන්නා බවත්, මෙතෙක් ජැක්සන් ඇන්තනී මහතාට එවැනි තත්ත්වයකට පත් වී නොමැති බවයි කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂවරිය අවධාරණය කළේ.
මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශය අසත්‍ය බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.
මාධවී වත්සලා ඇන්තනී
ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ සමාජිකයෙකුගෙන් මේ පිළිබඳව විමසීමට සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත්, එම අවස්ථාව ව්‍යර්ථ වූවා.
නමුත් ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියව වන රංගන ශිල්පී, ගායන ශිල්පී, මාධවී වත්සලා ඇන්තී ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ, ඇය විසින් සිය පියා සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කිසිවෙකුට ත් නොපැවසූ බවත්, තමන්ට කිසිවෙකු පියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් නොකළ බව ත් ය.

මුල් සටහන් පසුව සංස්කරණය වී තිබූ අයුරු
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බොහෝ ෆේස්බුක් පිටු වල පළ කර තිබුණේ, එය උපුටා ගනු ලැබූ සටහනක් ලෙසයි. එම සටහනේ අයිතිකරු ලෙස දර්ශන එරංග නමැති පුද්ගලයෙකුගේ නම ද සඳහන් කර තිබූ අතර ඔහු මාධ්‍යවේදියෙකු බැවින් මෙම සටහන බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය තොරතුරක් ලෙස හුවමාරු ගෙන තිබුණා.
මේ වන විට එම මුල් සටහන ද, මෙලෙසින් සංස්කරණය කර තිබුණි. Archived
Original | Updated |
ඒ අනුවම තවත් බොහෝ සේ හුවමාරු වූ සටහන් ද සංස්කරණය කොට තිබුණේ, ඉහත පෙන්වා ඇති පරිදි ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය සිදුකළා යැයි පැවසෙන කොටස ඉවත් කරගනිමින් බවට අපට දැක ගන්නට ලැබුණා.
Also Read : ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?
Also Read : ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !
Also Read : ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ජැක්සන් ඇන්තනීගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔහුගේ දියණිය ඈඳා පළවූ නොමඟ යවන සුළු සටහනක්!
By: Pavithra SandamaliResult: Explainer