දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇති වූ දින රැඳවියන් කිහිපදෙනෙකු ද, මීගමුව වහළ මත උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර එහි සිටි එක් රැඳවියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයට ලක් වූ අතර පසුව එම තරුණිය වෛද්‍ය පීඨයට තේරී සිටියදී, සිය පෙම්වතා රැගෙන යාමට දුන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ප්‍රවාහනයක කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ බව ත්, ඒ නිසා අහිමි වූ අනාගතයක් පිළිබඳ ශෝකජනක කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදීකතාවක් ලෙස සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා බැලීමටට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇය බදුල්ලේ ජනප්‍රිය පාසලක ශිෂ්‍යාවක් වූ, ශිෂ්‍යත්වය සමත් වී කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට ඇතුළත් වූ, නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂ, ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළ දීප්තිමත් ශිෂ්‍යාවක් බවත්,
WhatsApp සමූහයක් හරහා හමු වූ පෙම්වතෙකු මාර්ගයෙන් නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයකට හසුවී, A/L ප්‍රතිඵල එනතුරු බලාපොරොත්තුවෙන් සිටිය දී අත්අඩංගුවට ගැනී 54(2) යටතේ දඬුවම් ලැබූ බවත්, ප්‍රතිඵල නිකුත් වූ විට ඇය වෛද්‍ය පීඨයට තේරී ඇති බව දැනගත් බවත් මෙම සටහනින් වැඩි දුරටත් දක්වා තිබුණා.

Facebook | Archived Link Facebook | Archived Link
මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් මූලික කරගෙන දරුණු ගැටුමක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ඇතුළු මුළු මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගිය අතර, සියයකට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කරන ලදී.
මීගමුව බන්ධනාගාරයේ වහලය මතට නැග විරෝධතාවේ නිරත වූවන් අතර සිටි, “මීගමුවේ සුරූපි සිරකාරිය” සහ “ශලනි තාරකාට වඩා ලස්සන සිරකාරිය” ලෙස විස්තර කරන ලද මෙම කාන්තාව සම්බන්ධ සිදුවීම පිළිබඳ හෙළි කරන ලද්දේ ගවේෂණශිලි මාධ්‍ය වේදීයෙක් ලෙස නාලින්ද දනරන්ජන් නමැත්තෙකු සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් කර තිබුණා.
මෙම කතාව “ගවේෂණශීලී මාධ්‍යවේදී” ලෙස හඳුන්වා ගන්නා නාලින්ද දනරන්ජන් නමැත්තා විසින් Facebook හි පළ කරන ලද අතර, එය “සත්‍ය කතාවක්” ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කර තිබුණා.
නාලින්ද දනරන්ජන් නමැති ෆේස්බුක් ගිණුම ඔස්සේ අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ඔහුගේ ෆේස්බුක් ගිණුහේ ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස හඳුන්වා දී ඇති බවයි. එමෙන් ම ඔහු මාධ්‍යවේදියෙකු ලෙස දැක ගන්නට ද, නොලැබේ.
ඔහු විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන් වලට මුල් වූ ෆේස්බුක් සටහන මෙතනින්. Archived Link
නාලින්ද දනරන්ජන්
අප මේ පිළිබඳ නාලින්ද දනරන්ජන්ගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කළේ, එම තරුණිය සම්බන්ධ කතාව සත්‍ය කතාවක් නොව තමන් විසින් හුදු විනෝදාස්වාදය සඳහා හුවමාරු කර ගත් මනඃකල්පිත කතාවක් බවයි.
තමන් මීට පෙර ද, සමාජයේ කතා බහට ලක්වන පුද්ගලයන් සම්බන්ධ මනඃකල්පිත කතා සමාජ මාධ්‍ය සටහන් කළ බව ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මීගමුව බන්ධනාගාරය
අප සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වූ තරුණිය පිළිබඳ සත්‍ය තොරතුරු විමසීමට මීගමුව බන්ධනාගාරය ඇමතූ අතර එහි නිලධාරීන් සඳහන් කළේ, රැඳවියන් සම්බන්ධ තොරතුරු ලබා දිය නොහැකි බවයි.
Also Read :
ඩෙංගු රෝගයට බෙහෙත් ඉල්ලූ මීගමුව බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා ඝාතනය කරලද?
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මැද නිර්මාණය වන ව්‍යාජ ප්‍රකාශ!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
මීගමුව බන්ධනාගාරයේ වහලය මතින් විරෝධතාවේ නිරත වූ තරුණියක් සම්බන්ධ “සදුනි” නමින් හඳුන්වා දුන් තරුණියගේ පාසල් ජීවිතය, ක්‍රීඩා දක්ෂතාවය, පෙම් සබඳතාව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හසුවීම සහ වෛද්‍ය පීඨයට තේරී ඇති බවට කියැවෙන විස්තර සනාථ කරන කිසිදු සාක්ෂියක්, නිල මූලාශ්‍රයක් හෝ හඳුනාගත හැකි පුද්ගලයෙක් නොමැත. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කතාව සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් හුදෙක් විනෝදාස්වාදය සඳහා මනඃකල්පිත ලෙස සකස් කරන ලද කතාවක් වේ.


