දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
බන්ධනාගාරය තුළ ඩෙංගු හැදිල බෙහෙත් ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියා ඝාතනය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා. සත්‍ය වශයෙන් ම බන්ධනාගාරයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සිදුවූ පසුබිම කුමක්ද යන්න පිළිබඳ Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කර ඇති ඡායාරූපය සහ එහි සඳහන් ශීර්ෂ පාඨය පිළිබඳව අප සොයා බැලූ අතර, එය සැබවින්ම 2026 ජූලි 05 වන දින මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ රැඳවියන් අතර ගැටුමකට අදාළ සැබෑ ඡායාරූපයක් හා පුවතක් බව දැක ගන්නට ලැබුණා. ඒ අනුව, ඡායාරූපය සහ ශීර්ෂ පාඨය අදාළ වන්නේ මීගමුව බන්ධනාගාර ගැටුමටයි.
අද දෙරණ පුවත් ආකෘතියට එක් කළ ව්‍යාජ සඳහනක්
ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන්නේ, අද දෙරණ ෆේස්බුක් පුවත් පිටුවේ, සටහන් ආකෘතියේ පුවතක් වූවත්, එම සටහනට “ඩෙංගු හැදිල බෙහෙත් ඉල්ලූ මිනිසුදන්ය වෙඩි තැබූ බවට” තව ත් ව්‍යාජ ලෙස අමතර සඳහනක් එක් කර ඇති බව සත්‍ය සටහන පරීක්ෂා කිරීමේදී ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

මීගමුව බන්ධනාගාර ගැටුම සැබවින්ම සිදු වූයේ කුමක් නිසාද?
අප සිදු කළ විමර්ශනයට අනුව, මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ඇති වූ ගැටුමට මූලික හේතුව වී ඇත්තේ බන්ධනාගාරය තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ පළිගැනීමක් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබෙනවා. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
2026 ජූලි 5 වන දින දහවල් කාලයේ, දැනට ඩුබායි හි රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ගෝලයන් වන රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුමක් හටගෙන තිබෙනවා.
බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පිරිසක් පිළිබඳ තොරතුරු තවත් පාර්ශ්වයක් විසින් බන්ධනාගාර නිලධාරීන්ට ලබා දීම මුල් කරගෙන මෙම ගැටුම ඇති වූ බව මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
පළමු දිනයේ (ජූලි 05) ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස්, තවත් 33ත් 38ත් අතර ප්‍රමාණයක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද දින (06) උදෑසන, තත්ත්වය නැවත උග්‍ර වී රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ද ගැටුමක් හටගෙන, බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු දක්වා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිස් හා රෝහල් ආරංචි මාර්ග වාර්තා කර ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සමාජ මාධ්‍ය සටහනේ සඳහන් “මියගිය පිරිස 5ක්, තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්” යන ශීර්ෂ පාඨය අදාළ වන්නේද මෙම අවස්ථාවටයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) ඇතුළු අමතර පොලිස් හා බන්ධනාගාර ඒකක බන්ධනාගාරය තුළට යොදවා තිබෙනවා. රැඳවියන් විසින් යකඩ පොලු, ගල් හා කැපෙන ආයුධ භාවිත කර ප්‍රහාර එල්ල කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට සිදු වූ බවත් වාර්තා වී තිබෙනවා.
මෙම සිදුවීම් දෙකෙහිම එකතුව ගත් විට, පැය 24ක පමණ කාලයක් තුළදී මිය ගිය සංඛ්‍යාව 25 දක්වා අඛණ්ඩව ඉහළ ගොස්, තුවාල ලැබූවන් සංඛ්‍යාව 100කට වඩා ඉහළ ගිය බවට වාර්තා පළ වී තිබෙනවා. මෙම සිද්ධියට අදාළව විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කමිටුවක් ද පත් කර තිබෙනවා.
ඩෙංගු රෝගය හා මෙම සිදුවීම අතර සම්බන්ධයක් තිබේද?
අප පරීක්ෂා කළ කිසිදු මාධ්‍ය වාර්තාවක, බන්ධනාගාර නිලධාරීන් හෝ පොලිසිය විසින් නිකුත් කළ ප්‍රකාශයක, මෙම ගැටුම ඩෙංගු රෝගයට බෙහෙත් ඉල්ලූ පුද්ගලයන්ට සම්බන්ධව සිදු වූවක් බවට කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබේ. රටේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ දිනවල ඉහළ ගොස් ඇති බව සත්‍ය වුවත්, ඒ පිළිබඳ වාර්තා සම්පූර්ණයෙන්ම වෙනස් හා අසම්බන්ධිත පුවතකි. මීගමුව බන්ධනාගාර ගැටුම ආරම්භ වී ඇත්තේ, ඉහත සඳහන් කළ පරිදි, රැඳවියන් අතර පැවති මත්ද්‍රව්‍ය ජාවාරම් ආශ්‍රිත පළිගැනීමක් හේතුවෙනි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය
අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, මෙම ගැටුම ඩෙංගු රෝගය සම්බන්ධයෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ පළිගැනීමක් නිසා හටගත් තත්ත්වයක් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් තහවුරු වන්නේ, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර හටගත් ගැටුමට අදාළ සැබෑ ඡායාරූපය හා අද දෙරණ පුවත් ආකෘතියෙන් ලබාගෙන, එය ඩෙංගු රෝගයට බෙහෙත් ඉල්ලූ පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කළ බවට ප්‍රතිනිර්මාණය කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින ලද සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. සැබෑ සිදුවීම වූයේ, බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් වන අතර, එහි වර්ධනයක් ලෙස රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් අතරද ගැටුම් ඇති වී ජීවිත හානි හා තුවාල සිදු වී තිබේ. එබැවින් මෙම සටහනේ සඳහන් ඩෙංගු බෙහෙත් ඉල්ලූ පුද්ගලයන්ට වෙඩි තැබූ බවට වන ප්‍රකාශය අසත්‍ය බවට පෙන්වා දිය හැක.


