වත්තේගම දැරිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් පෙළක්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ වත්තේගම ප්‍රදේශයේ පාළු මාර්ගයක අතහැර දමා ගොස් සිටි වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්විය. එම ඡායාරූප උපයෝගී කරගනිමින්, “අනේ එයා යන්නම ගිහින්… නිවන් සුව ලැබේවා පැටියෝ” යනුවෙන් සඳහන් කරමින් එම දැරිය මියගොස් ඇති බව හැඟවෙන සටහන් සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වන්නට විය.

මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook 

මෙම සටහන් ඔස්සේ මෙහි සත්‍ය අසත්‍යතාවය විමසමින් මෙම සටහන ෆේස්බුක් හි හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

සිදුවීමේ පසුබිම

ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් වත්තේගම ප්‍රදේශයේ පාළු මාර්ගයක දමා ගොස් සිටියදී වයස අවුරුදු 4ක කුඩා ගැහැණු දරුවෙකු ප්‍රදේශවාසීන්ට සහ බලධාරීන්ට හමුවිය. ඇයව සොයාගන්නා අවස්ථාව වන විටත් ඇය ඉතා දරුණු කායික වධහිංසනයට සහ පහරදීම්වලට ලක්ව සිටියාය. ඇයගේ මුහුණ පුරා සහ විශේෂයෙන්ම වම් ඇස අවට ප්‍රදේශයේ දරුණු ලෙස තුවාල සිදුකර, ඉදිමී නිල් වී තිබෙනු දක්නට ලැබුණි. දරුවාව සොයා ගැනීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයව බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලදී. 

Facebook

සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙනවිත් වත්තේගමදී පාරේ දමාගිය සැකකාරිය වන එම දැරියගේ සහ සැකකරු මවගේ අනියම් පුරුෂයා හාලිඇල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව ඔවුන් ලබන 27 දක්වා රිමාන්ඩ් කර තිබේ.

දරුවා මිය ගිය බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා නැහැ

ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, මෙම පුවත මාධ්‍ය ආවරණය කළ බැවින් මෙම දරුවා මිය ගියා නම් ඒ පිළිබඳව ද, වාර්තා කළ යුතුව ඇත. නමුත් එම දරුවා මිය ගිය බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

වත්තේගම පොලිස් ස්ථානය

වත්තේගම පොලිස් ස්ථානයෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, එම දරුවා මිය ගිය බවට පළ වන සටහන් අසත්‍ය බව ත්, එම දරුවා මේ වන විට ත්, දරවා මහ නුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව ත්, ඇයට ජීවිත අවදානවමක් නොමැත බව ත්, පවසා සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වත්තේගම ප්‍රදේශයේ පාළු මාර්ගයක අතහැර දමා ගොස් සිටි වයස අවුරුදු 4ක කුඩා දැරිය මිය ගිය බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ඇය මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව ත්, ඇය අසාධ්‍ය තත්ත්වයක පසු නොවන බව ත්, දැරිය මිය ගිය බවට පළවන පුවත් අසත්‍ය බව ත් වත්තේගම පොලිස් ස්ථානය විසින් ද, තහවුරු කළා.

Result Stamp

Title: වත්තේගම දැරිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *