
ඊයේ (මාර්තු 20) දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 627 ක් වූ අතර පසුගිය දින තුන ඇතුළත පමණක් මරණ එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවද අභිබවමිනි. මෙසේ ඉතාලිය කේන්ද්‍රකරගත් යුරෝපීය කලාපයම COVID19 හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පාමින් සිටියි.
මීට පෙරද මිනීපෙට්ටි රැසක් සහිත ශාලාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වූ අතර එය අසත්‍ය පුවතක් බව අප විසින් මෙසේ වාර්තා කරන ලදී.
මෙවන් පසුබිමක Online Deniyaya නම්වූ ෆේස්බුක් පිටුවක “මේ රෝගයේ බිහිසුණුකම පොඩ්ඩක් වත් තේරුම් ගන්නේ නෑ” යන මාතෘකා යටතේ මරණයට පත් වූ දේහ රැසක් ගබඩාවක අතුරා තිබෙන ඡායාරූපයක මෙවැනි සටහනක් ඉදිරිපත් කර තිබුණි. “බලන්න කියන දෙයක් අහපු නැති නිසා ඉතාලියට වෙලා තියෙන දේ… ඔබ කොරෝනා විහිළුවට අරගෙන කියන කිසි දෙයක් අහන්නෙ නැතිව පිස්සෝ වගේ හැසිරුනොත් ඔබේ පවුල් පිටින් මෙහෙම වලදාන දවස වැඩි ඈතක නොවේ”
Link | Archived Link |

පැය 24ක කාලයක් තුළ විසිපන් දහසකට අධික පිරිසක් සමඟ හුවමාරු වීමෙන් තිබූ මෙම සටහනට විවිධාකාරයේ අදහස් ඉදිරිපත් වී තිබෙනවා දක්නට ලැබුණා. මෙම ඡායාරූපය ඉතාලියේ ඡායාරූපයක් නොවන බවද මේ අතර යම් පිරිස් යෝජනා කර තිබෙනවා දක්නට ලැබුණි
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳ වැඩිදුර කරුණු විමර්ශනය කිරීම සඳහා මුලින්ම ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාර පරීක්ෂා කිරීමේදී පහත සටහන් දෙකට ප්‍රමුඛතාවක් ලබාදී තිබෙනු දක්නට ලැබුණි.

ඉහත සටහනේ යොදාගෙන ඇති ඡායාරූපය google reverse image සෙවුමකට ලක් කළෙමු. පහත දැක්වෙන්නේ එහි දී ලැබුණු ප්‍රතිඵල වන අතර එහිදී මෙම ඡායාරූපය මීට වසර කීපයකට පෙර යොදා තිබූ බවට සටහන් රැසක් දක්නට ලැබුණි.

එම සටහන් සියල්ලකම වාගේ සඳහන් කර තිබුණේ 2013 වසරේ ඊජිප්තුවේ, කයිරෝහි මුස්ලිම් පල්ලියක මළ සිරුරු අතර ඇවිදිමින් සිටී මිනිසෙකුගේ ඡායාරුපයක් ලෙසයි. NPR මඟින් පළකර තිබු වාර්තාව වෙත අවධානය යොමු කළෙමු. ඊජිප්තුවේ මිලිටරි පිටුබලය ලත් ආන්ඩුව විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරයකින් මරණය පත්වූ 200 කට වැඩි ප්‍රමාණයක් භූමදානය සඳහා සූදානම් කරමින් සිටියදී එල්-ඉමාන් මුස්ලිම් පල්ලියේදී ලබාගන්නා ලද ඡායාරුපයක් ලෙස සටහන් කර තිබුණි.
NPR | rogerannis |

තවද Khaled Desouki (කාලිඩ් ඩේසුකී) නම් ඡායාරූප ශිල්පියා විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් ලෙස මෙය නම් කර තිබූ බැවින් අප ඔහු විසින් ලබා ගන්නා ලද ඡායාරූප පරීක්ෂාකිරීමේදී Getty Images හරහා මෙම ඡායාරූපය පළ කර තිබෙන අයුරු ද අපට මෙසේ දැක ගන්නට ලැබුණි

නෙරපා හරින ලද ඉස්ලාමීය ජනාධිපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන්ගේ විරෝධතා කඳවුරුවලට එල්ලකරන ලද ප්‍රහාරයකින් මියගිය, ආවරණවලින් ඔතා තිබූ මල සිරුරු අතරින් ඊජිප්තු ජාතිකයෙකු 2013 අගෝස්තු 15 වන දින කයිරෝවේ මුස්ලිම් පල්ලියක ඇවිදිමින් සිටි අයුරු යනුවෙන් එහි සඳහන් කර තිබුණි.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වෛරසය බැරෑරුම්කම පෙන්නුම් කිරීමට මෙවැනි ඡායාරූපයක් යොදාගෙන තිබුණ ද එය ඇත්තවශයෙන්ම ඉතාලියේ මළ සිරුරු ගොඩ ගසා ඇති ආකාරයක් පෙන්නුම් නොකරන බවයි. ඇත්ත වශයෙන්ම 2013 වසරේ ඊජිප්තුවේ සිදුවූ ප්‍රහාරයකින් මරණයට පත්වූ අයගේ මල සිරුරු කයිරෝවේ මුස්ලිම් පල්ලියක ආවරණවලින් ඔතා තිබූ අයුරු දැක්වූ ඡායාරූපයකි

Title:කයිරෝ මුස්ලිම් පල්ලියක 2013 දී තැන්පත්කර තිබු මල සිරුරු ඉතාලියේ මරණ ලෙස සිදුකල වැරදි අර්ථකථනයකි.
Fact Check By: Sahan PereraResult: False

Good work.. Thanks for the correction.