ආලෝකමත් වූ නෙලුම් කුළුන අප්‍රේල් 11 කුරුණෑගලට දිස්වු ඡායාරූපක් නොවේ!

Coronavirus False Social

COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණ ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම් ඇගයීම පිණිස කොළඹ නෙළුම් කුළුණ තවත් කිරීමට රජය විසින් පසුගියදා තීරණය කරන ලදී මේ පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේද හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි

එම ඡායාරූප අතරේ කුරුණෑගල ප්‍රදේශයට නෙළුම් කුළුණ දිස්වූ අයුරු යන තේමාව යටතේ පහත සඳහන් පරිදි සටහනක්ද හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි. “අල්වාරෝ මොර්ටේ” යන අයෙකු විසින් පළකර තිබු අම සටහනේ දක්වා තිබුනේ “කොරෝනා නිසා වාතය පිරිසිදු වීමත් සමග අද කුරුණෑගල ඇතුගල මුදුනට ආලෝක ගැන්වූ කොළඹ නෙලුම් කුළුන දිස්වුන ආකාරය” යනුවෙනි’

LinkArchived Link

උපහාසාත්මක කෝණයකින් පළ කර තිබූ මෙම සටහන බැලු බැල්මටම සංස්කරණය කරන ලදබව පෙනී ගිය අතර ව්‍යාජ සටහනක් බව කිහිප දෙනෙක් විසින් ම සඳහන් කර තිබෙනු ද අපට දැකගන්නට හැකිවිය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා මුලින්ම අප එම ඡායාරූපය Google Reverse Image Search සෙවුමක් වෙත යොමු කරන ලද අතර එහිදී එම ඡායාරූපය මීට පෙර වාර ගණනාවක දීම භාවිතා වී තිබූ ඡායාරූපයක් බව පැහැදිලි විය.

එහිදී ලැබුණු ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙම ඡායාරූපය මුලින්ම Kushan Gunasekara නැමැති අයෙකු විසින් 2017 වසරේ දී ලබාගත් ඡායාරූපයක් බවත් එය මෙසේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ “ කුරුණෑගල රාත්‍රියක්” යනුවෙන් පළ කර තිබූ බවත් ය.

Kushan Gunasekara FB PhotoArchived 

තවදුරත් කරුණු නිරීක්ෂණය කිරීමේදී ඔහු විසින් එම ඡායාරූපය Flicker ඡායාරූප එකතුව වෙත යොමුකර තිබුණේ “View from Athugala, Kurunegala – Sri Lanka” යනුවෙනි

Link

“COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණේ ගමන් ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ රාජ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම් අගයමින් අද සවස 6.45 ට නෙළුම් කුළුණ වර්ණවත් කෙරිණි. ඔවුන්ගේ සේවය අද අප රටේ ජීවනාලියයි. ඔවුන්ව රැකගැනීම අපගේ යුතුකමයි.

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළින් ඉතා ඉක්මනින්ම තුරන් කිරීමට හැකි වේවායි රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරල් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරන්නෙමු” යනුවෙන් රජය පුවත් දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද නෙළුම් කුළුණ ඡායාරූප ඇතුළත් දර්ශන පෙළක් මෙසේය

https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/2891459177634263?__xts__%5B0%5D=68.ARBOoBj9wnVPmh0EpCeiwWxpTYXxWUzt6vMDWlWq4DUvPESAZZwuVuS3aaazZ2fCKvUNsqTyOwksQaqI9ETgiGS2J9Awm6JqQjcWpPou0cajtGRibkLxn3MKy3bvVx2yrhsZYBhuK3vsqqhVfUrT6mveMpwqc694DJAHDImFQbJJET6gkrTOKqqOYR1UljOWf0MHTMrmGDNg7YZL8Sz6yTeb6eh9Q0u1IHRrGgL0R5U90DLxkTBcDqUeFr0zkVh3j242RXnN_1TgLq3uyiK2tqIEhB030Y9dF79Fsml39HazLj11piGbMSTr5UQd5dDNngQMCIVqbPS-Mryz7NjOekmb6A&__tn__=-R

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ද මෙම ඡායාරූප සහිත සටහනක් පළවී තිබුණේ මෙසේය

එබැවින් මෙම නෙළුම් කුළුණ ආලෝකමත් වූ ඡායාරූපයක්, 2017 වසරේදී ලබාගන්නා ලද කුරුණෑගල නගරයේ රාත්‍රී ඡායාරූපයකට යොදා ගනිමින් ඉහත සංස්කරණය කරන ලද සටහන පල කර තිබෙන බව පැහැදිලිය

කෙසේ වෙතත් නෙළුම් කුළුණ සම්බන්ධව සටහන් පරීක්ෂා කිරීමේදී “ඇතුගල්පුරයටත් දිස් වන කොළොම්තොට අහස් ගැබ සරසන නෙළුම් කුළුණ” නැමැති වීඩියෝවක් 2017 වසරේදී අපට දැකගන්නට ලැබුණු අතර එහිදී නෙලුම් කුළුණ ව්‍යාපෘතියේ උපදේශන කණ්ඩායමේ නායක මහාචාර්ය සමිත මානවඩු මහතා විසින් ප්‍රකාශ කර තිබුණේ අහස පැහැදිලි දිනයකදී නෙළුම් කුළුණේ සිට කුරුණෑගල නගරයේ පවා දැක ගැනීමේ අවකාශයක් ද තිබිය හැකි බවයි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ අප්‍රේල් මස එකොළොස් වන දින ආලෝකමත් වූ නෙළුම් කුළුණේ ඡායාරූපයක් 2017 වසරේ දී ලබා ගන්නා ලද කුරුණෑගල රාත්‍රී අහස පෙන්වන ඡායාරූපයකට ඇතුළත් කිරීමෙන් ඉහත සංස්කරණය කරන ලද සටහන පල කර ඇති බවයි

Avatar

Title:ආලෝකමත් වූ නෙලුම් කුළුන අප්‍රේල් 11 කුරුණෑගලට දිස්වු ඡායාරූපක් නොවේ!

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *