
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කොරෝන වෛරස් ව්‍යාප්තිය සහ ඉන් ඇතිවූ සෞඛ්‍ය සහ ආර්ථීක අර්බුදය නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් රටේ බොහෝ පිරිස් විවිධ අදහස් ප්‍රකාශ කරමින් සිටියි.මේ අතර විසිරවූ පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස සදහන් කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල මාධ්‍යයට කරුණු දක්වා ද තිබිණ.
මෙවන් තත්වයක් තුල පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (23) පැවැත්වීමට නියමිත ව තිබේ. හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් මෙම රැස්වීම කථානායක නිල නිවසේ දී පැවැත්වේ.
මෙම දේශපාලනික තත්වය නිසා සමජ මාධ්‍ය තුල මෙන්ම වෙබ් අඩවි කිහිපයකම “ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න කරූ ජයසුරිය සූදානම්” යනුවෙන් පුවත් හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි.
මෙම පුවත “Lanka C News” වෙබ් අඩවිය වාර්තා කරතිබූ අයුරු පහතින් දැක්වේ.
“පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් රැස් නොකර සිටියත්, කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇති බවට ඉදිරිපත්ව තිබෙන නීති තර්කය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නොත්, හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි වාර්තා වේ. මෙම තත්වය පිළිබඳව හිටපු කථානායකවරයාගේ හිතවතුන් කළ විමසීම්වලදී පිළිතුරු දෙමින් ඔහු ඒ බව ප්‍රකාශකර තිබේ”.
Web Link | Archived Link |

“ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න කරූ ජයසුරිය සූදානම්” යනුවෙන් එම පුවත ෆේස්බුක් ඔස්සේද හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.
Facebook Link | Archived Link |

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.
Twitter Link |

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්ධයෙන් අපි Google News Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මෙම පුවත සම්බන්ධයෙන් වාර්තාකර නොමැති බවයි.
කෙසේවෙතත් විසිරවූ පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස සදහන් කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකු මාධ්‍යයට කරුණු දක්වා තිබිණ.

පළවන පුවත් සම්බන්ධයෙන් හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නිල ට්විටර් ගිණුම මගින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණ.
භාෂා ත්‍රිත්වයෙන්ම පළකරනලද එම පණිවිඩය පහතින්.
“කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යය. එබැවින්, මවිසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුුතු වේ. යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට මම බැඳී සිටිමි”
Twitter Link | Archived Link |
මේ පිලිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා හිටපු කථානායක මාධ්‍ය ඒකකය සමඟ සම්බන්ධවූ අතර ඉහත පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අප සමඟ පවසා සිටියා.
එසේම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ද “පාර්ලිමේන්තුව කැඳවා තවත් අර්බුදයක් ඇති කිරීමේ අදහසක් තමා තුළ නැහැ- හිටපු ගරු කථානායක කරු ජයසූරිය” යනුවෙන් පළකර තිබු සටහනේ “මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් ජයසූරිය මහතා පැවසුවේය” යනුවෙන්ද සටහන් කර තිබුණි.
මේ පිලිබඳ පළවූ පුවත් වාර්තාවක් මෙසේය
Conclusion: (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න කරූ ජයසුරිය සූදානම්” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙවැනි ව්‍යවස්ථාමය ගැටළුවකදී අර්ථ නිරූපණයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුවකදී ඒ අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවත් කරු ජයසූරිය මහතා පවසා සිටියි.

Title:ජනපති විසිරවූ පාර්ලිමේන්තුව කැදවන්න හිටපු කථානායක කරූ ජයසූරිය සුදානම් ද?
Fact Check By: Sahan PereraResult: False
