ලොව බොහෝ රටවල ජනතාවට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ඇත. එවැනි රටවල බෞද්ධ පන්සල්, ක්‍රිස්තියානි පල්ලි, හින්දු කෝවිල් සහ මුස්ලිම් දේවස්ථාන දැකගත හැකිය. මෙවන් පසුබිමක, බෞද්ධ පිංකමක ඡායාරූප රැසක් සහිතව, “එංගලන්තයේ අවුරුදු 148 පැරණි කතෝලික පල්ලිය, පන්සලක් බවට පත්වේ. අපේ සමහර අය බුදුදහම විවේචනය කරන විට. සුද්දො පල්ලි පන්සල් කරනව.” තේමාවෙන් චතුමිනි හේරත් නමැත්තියක් සිය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1500 කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived Link

මෙලෙස මෙම සටහන ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

එසේම එම සටහන්වලට පිළිතුරු වශයෙන් කතෝලික පල්ලියක් පන්සලක් කළාය යන කතාවේ සත්‍යයතේමාවෙන් පහත කථාංගයද රෝපණය කර නලින් තෝමස් නැමැත්තෙක් Roman Catholics of Sri Lanka නමැති ෆේස්බුක් පිටුවට සටහනක් ඉදිරිපත් කර තිබුණි.

මේ එංගලන්තයේ බෲක්වුඩ්හි වර්ෂ 1867 ඉදිකර ඇති මානසික රෝහලක් සඳහා නිර්මාණය කරන ලද දේවස්ථානයකි එය වර්ෂ 1903දි විවෘත විය. මෙම පසුව එනම් 1919 බෲක්වුඩ් රෝහල ලෙස හැඳින්විය. වර්ෂ 1994දි රෝහල වැසුදා සිට ඉඩම නිවාස සංවර්ධන අධිකාරියට විකුණා දමා ඇති අතර, පසුව මෙම රෝහලේ ඔරලෝසු කණුව සහ ඒ වටා ඇති මධ්‍යම ගොඩනැගිල්ල සුඛෝපභෝගී මහල් නිවාස බවට පරිවර්තනය කර ඇත. රෝහල් දේවස්ථානය බෞද්ධ විහාරස්ථානයක් වන අතර පැරණි මෘත ශරීරාගාරය දැන් පන්සලේ භික්ෂූන් සඳහා නවාතැන් සපයයි. වර්ෂ 2004 දී මෙම දේවස්ථානය තායිලන්තයේ භික්ෂුන් විසින් මිල දී ගන්නා ලද අතර  2005 දී බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදි. එම ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට අවශ්‍ය බොහෝ දේ පරිත්‍යාග කර ඇත. බෞද්ධ උත්සව සඳහා එම ප්‍රදේශයේ  රෙපරමාදු ක්‍රිස්තියානි පල්ලි ද ඔවුන්ට උපරිම උදව් උපකාර කරනවා. කතෝලික පල්ලියක් නොවන බවත් මෙය කරුණාවෙන් සලකන්න එම සටහන පහතින්.

LinkArchived Link

එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කරන මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

චතුමිනි හේරත්ගේ ෆේස්බුක් පිටුවේ වූ ඡායාරූප අප Google reverse image සෙවීමකට යොමු කළෙමු. තායි සහ ලාඕස භාෂාවෙන් සටහන් කිහිපයක් නිරීක්ෂණය වූ අතර ඒවා පරික්ෂා කිරීමේදී, මහ බ්‍රිතාන්‍යයේ Newcastle නගරයේ පිහිටා ඇති Wat Phra Dhammakaya Meditation Centre (ධම්මකාය භාවනා මධ්‍යස්ථානය) නමැති ෆේස්බුක් ගිණුම පිළිබඳව අවධානය යොමුවිය. එම ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ විට, Church Street, Hebburn, Newcastle හි පිහිටා ඇති, බෞද්ධ පන්සලක් ලෙස සඳහන්ව තිබුණි.

වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස ධම්මකාය භාවනා මධ්‍යස්ථානය පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු.

2016 වසරේ How a little piece of Thailand was transplanted into a Tyneside town (තායිලන්තයේ කුඩා කොටසක් ටයිනසයිඩ් නගරයකට බද්ධ වූ අයුරු) සිරස්තලයෙන් ක්‍රොනිකල් පුවත් සේවය ඉදිරිපත් කර තිබු වාර්තාව සැකෙවින් මෙසේය.

“වරක් “කුඩා ඇබර්ඩීන්” ලෙස හැඳින්වූ ටයිනසයිඩ් නගරයක, තායිලන්තයේ ඉතා කුඩා කැබැල්ලක් මුල් බැස තිබේ.

ප්‍රධාන වශයෙන් හෙබර්න් හි පදිංචි වූ ප්‍රෙස්බිටේරියන් ස්කොට්ලන්ත ජාතිකයන් සිය ගණනකට නමස්කාර කිරීම සඳහා ඉදිකරන ලද අඩි 190 ක උසකින් යුත් දේවස්ථානයක දැන් බෞද්ධ විහාරස්ථානයක් සහ භාවනා මධ්‍යස්ථානයකි.

තායි භික්ෂූන් පස් දෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබන චර්ච් වීදියේ ධම්මකායා භාවනා මධ්‍යස්ථානය සෙනසුරාදා විවෘත දිනයක් පවත්වයි.1870 ජුනි මස මුල් ගල තිබා ආරම්භවී තිබු මෙම දේවස්ථානය ඇන්ඩෲ ලෙස්ලි නැමැත්තෙකු විසින් 1873දී පල්ලිය විවෘත කරන ලදී. එම පල්ලිය St. Andrews යනුවෙන් නම් කෙරුණි.

LinkArchived Link

මෙම භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමඟ WhatsApp ජාලයෙන් සම්බන්ධ වූයෙමු. පන්සලේ ප්‍රධාන දායක සහ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් එකතුව මුදල් එකතු කර, මෙම දේවස්ථානය මිලදීගෙන, මීට වසර කිහිපයකට පෙර පන්සලක් බවට පරිවර්තනය කළ බව උන්වහන්සේද අපට පවසා සිටියා. ප්‍රදේශවාසීන් ගේ හිත සුව පිණිස පන්සලක් සහ භාවනා මධ්‍යස්ථානයක් ලෙස දැන් එය පවත්වාගෙන යන බව උන්වහන්සේ පැවසූහ.

ධම්මකාය භාවනා මධ්‍යස්ථානය Google Street View ඔස්සේ පරීක්ෂා කිරීමේදීද ඉහත ඡායාරුප ලබාගෙන ඇති ස්ථානයම බව සනාථ විය.

Google Street View

චතුමිනි හේරත්ගේ ෆේස්බුක් සටහනේ ඉදිරිපත් කර ඡායාරූප කිහිපයක් සහ ධම්මකාය භාවනා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ වූ ඡායාරූප සමග සංසන්දනය කිරීමේදී සමාන ඡායාරූපය බවට තහවුරු විය. එම ඡායාරුප බොහොමයක් ලබාගෙන තිබුනේ 2018 වසරේ පවතී කථින පින්කමකදී බවද පෙනී ගියා.

Official Web SiteFB PageKatina 2008

එංගලන්තයේ පැරණි ගෘහ නිර්මාණ සම්බන්ධයෙන් විස්තර සපයන වෙබ් අඩවියක ද සඳහන් වී තිබුණේ St. Andrews දේවස්ථානය 1872 වසරේදී ආරම්භ වී වර්තමානයේ ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානය බවට පත් වී තිබෙන බවයි

Link

මේ අනුව පෙනී යන්නේ එංගලන්තයේ අවුරුදු 148ක් පැරණි කතෝලික පල්ලිය, පන්සලක් බවට පත්වේ. අපේ සමහර අය බුදුදහම විවේචනය කරන විට. සුද්දො පල්ලි පන්සල් කරනවතේමාවෙන් ඉදිරිපත් කර ඇත්තේ, ඇත්ත වශයෙන්ම දැනට වසර කිහිපයකට පෙර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්වූ, 1872 වසරේ ආරම්භ වී තිබු St. Andrews ප්‍රෙස්බිටේරියානු දේවස්ථානයක් බවයි. එම සටහන සඳහා යොදාගෙන ඇති ඡායාරුප 2018 වසරේ පැවති කථින පින්කමකදී ලබාගත් ඒවාය.

අනතුරුව නලින් තෝමස් විසින් Roman Catholics of Sri Lanka නමැති  ෆේස්බුක් පිටුවේ  ඉදිරිපත් කර තිබු සටහනහිවු එංගලන්තයේ බෲක්සයිඩ් රෝහල පිලිබඳව ගූගල් සෙවීමක් කළ‍ෙමු. මෙම රෝහල පිළිබඳව බොහෝ වාර්තා අන්තර්ජාලයේ ඇති අතර අපගේ අවධානය Wikipedia සහ Wikiwand  වාර්තා වෙත යොමු විය. එම වාර්තා දෙකෙහිම පහත විස්තරය අන්තර්ගත වී තිබුණි.

LinkArchived Link

මානසික රෝහල් නිර්මාණය කිරීම පිළිබඳ එවකට එංගලන්තය විසූ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන Charles Henry Howell විසින් Surrey මානසික රෝග කොමසාරිස් සඳහා නිර්මාණය කරන ලද මෙම රෝහල 1867 වසරේ විවෘත කර ඇත. පහසුකම් රැසක් සහිතව ඉදි වුණු මෙම මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා 1903 වසරේ දී ආසන 800 කින් යුත් දේවල් දෙවස්ථානයක් ඉදිකරන ලදී. 1919 දි බෲක්සයිඩ් රෝහල ලෙස නම් කරන ලදි. ලෝක මහා යුද සමයේදී යුද රෝහලක් ලෙස භාවිතා වුන මෙම රෝහල 1994 වසරේ දී වසා දමන ලදුව, නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විකුණා දමන ලදි. රෝහලේ ඔරලෝසු කණුව සහ ඒ වටා වු මධ්‍යම ගොඩනැගිල්ල සුඛෝපභෝගී මහල් නිවාස බවට පරිවර්තනය කර ඇත. රෝහල් දේවස්ථානය බෞද්ධ විහාරස්ථානයක් වන අතර පැරණි මෘත ශරීරාගාරය දැන් පන්සලේ භික්ෂූන් සඳහා ආවාසය ලෙස භාවිතා කෙරේ.”

මේ පිළිබඳව තව දුරටත් කරුණු විමර්ශනයෙදි තහවුරු වුයේ පැරණී බෲක්සයිඩ් රෝහල් දේවස්ථානයද මිළදි ගෙන ඇත්තේද තායි ධම්මකාය භාවනා මධ්‍යස්ථානයකට ම බවය.

LinkArchived Link

National Archived UK

වර්ෂ 1867 දී ගොඩනඟන ලද මෙම ගොඩනැගිල්ල ද ඉහත St. Andrews දේවස්ථානය ගොඩනැඟූ කාල පරිච්ඡේදයට අයත් වන බැවින් මෙහි බාහිර වෙනස් වුවද ඇතුළාන්තය බොහෝ දුරට එක සමාන බව ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී ගියා

Dhammakaya London WebFB

අනතුරුව අප google maps ආධාරයෙන් සරේ ප්‍රාන්තයේ බෲක්සයිඩ් රෝහලක් ව පැවති වර්තමාන ලන්ඩන් නුවර ධම්මකාය පන්සලේ සිට සිට හෙබර්න්හි ධම්මකාය භාවනා මධ්‍යස්ථානයට ඇති දුර පරීක්ෂා කිරීමේදී සැතපුම් 300 කට ආසන්න දුරකින් වෙන්වී ඇති බව පෙනී ගියේය.

Google Maps

Conclusion (අවසාන නිගමනය).

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ එංගලන්තයේ Church Street, Hebburn, Newcastle හි පිහිටා ඇති කලින් St. Andrews නම් වූ ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් දේවස්ථානය මීට වසර කිහිපයකට පෙර තායි ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී ඇති අතර ඡායාරූප එහි 2018 වසරේ කඨින පිංකමදී ලබාගත් ඒවා වේ. එසේම සරේ ප්‍රාන්තයේ පැරණී බෲක්සයිඩ් රෝහල් දේවස්ථානයද මිළදි ගෙන ඇත්තේද ලන්ඩන් නුවර තායි ධම්මකාය භාවනා මධ්‍යස්ථානයක් සහ පන්සලක් සඳහාය.

Avatar

Title:බ්‍රිතාන්‍යයේ පල්ලි දෙකක් බෞද්ධ භාවනා මධ්‍යස්ථාන බවට පත්වීම සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading