Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

Misleading Social

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා. 

මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් Lella_Hutan නම් ෆේස්බුක් පිටුවක් මගින් පල කර තිබුනා.

Original PostArchived Post 

මෙවැනි සටහන් තවත් ෆේස්බුක් පිටු සහ සමුහ කිහිපයක්ම මඟින් හුවමාරු කරගෙන තිබුණා. මේ එවැනි විශාල වශයෙන් හුවමාරු වූ තවත් සටහනක්

Original Post Archived Post

මෙවැනි රථයක් ලංකාවේ නිශ්පාදනය කර අපනයනය සිදු කිරීම සුවිශේෂී කරුණක් වන බැවින් සහ ඇමරිකානු යුධ හමුදාවට මෙසේ ලංකාවේ රථ ලබාදීමේ වැඩපිළිවෙලක් පිලිබඳ වාර්තා නොවීමත් නිසා මෙම සටහන්වල සත්‍යතාවය සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

මෙම කරුණ පිලිබඳව සොයා බැලීමේදී අපට දැනගැනීමට හැකිවූයේ ලංකාවේ යුධ හමුදාව විසින් නිෂ්පාදිත යුනි බෆල් ලෙසින් නම් කරන ලද රථ නිශ්පාදනය කර  මාලි රාජ්‍යයට යැවීමට කටයුතු කර ඇති බවයි. මීට පෙරද මෙම රථ නිෂ්පාදනය ලංකාවේ සිදුවුවද වායුසමීකරණය කරන ලද මෙම විශේෂී රථ පෙළ ඉතා අඩු පිරිවැයකින් ලංකාවේ නිපදවුණු ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන්. එසේම කිසිම විටෙක මෙම රථ ඇමරිකාවට අපනයනය කල බවක් සඳහන්  වන්නේ නැති අතර ඉදිරියේදී ලංකවේ මෙම හැකියාවන් පිළිබඳව දැන ගැනීමෙන් පසුව විදේශයන්ගෙන් පවා ඉල්ලුම් ලැබිය හැකි අතර එසේ ලබාදීමේ හැකියාවක් වුවද තිබේ, යනුවෙන් පමණක් සඳහන් කර තිබුණි. මෙම රථ මාලි රාජ්‍යට යැවීමට පෙර විමර්ශණය කිරීමේදී යුද හමුදාපති තුමා දැක්වූ අදහස් මෙසේය.

ITN | Newsfirst | Army Media

ජගත් සංවිධානයේ ගිවිසුම්වලට අනුව සාමසාධක භට පිරිස් වෙත ඔවුන් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය රථ ලබාදිය යුත්තේ ද අදාළ රට විසින්. ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකා හමුදා භාවිත කර තිබු යුනි බෆල් රථ ආනයනය කිරීමට වැයවන අධික මුදල රටට ඉතිරි කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් මෙම රථයේ බොහෝ කොටස් මෙසේ ඉතා කෙටි කාලයක් තුළ නිශ්පාදනය කර ඇති අතර එසේ නිශ්පාදනය කල යුනි බෆල් රථ 9ක් පසුගියදා මාලි රටට යවා තිබෙනවා. මෙම පුවත army.lk වෙබ් අඩවියෙහිද සඳහන්ව ඇති අයුරක් දක්නට ලැබුනා

Link | Archived

මෙම රථය යුනිකෝන් ලෙස හඳුන්වන අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සමඟ සම්බන්ධ වීමේදී අපට දැනගනන්ට ලැබුනේ ඉන්දියාවේ TATA සහ Ashok Leyland ආයතනය මගින් නිශ්පාදිත චැසි යොදා ගනිමින් යුධ හමුදා ඉංජිනේරු බලකාය විසින් මෙම රථ නිශ්පාදනය කරන බවයි. එසේම පසුගියදා මාලි රාජ්‍ය වෙත යැවීමට සකස්කර තිබු රථ සඳහා යොදාගෙන තිබුනේ Ashok Leyland ආයතනය මගින් නිශ්පාදිත චැසි බවත් පවසා සිටියා. එසේම ඔවුන් පවසා සිටියේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන්වල දක්වා ඇති පරිදි යුනි බෆල් රථ 500ක් සඳහා ඇනවුමක් ද මෙතක් ලැබී නොමැති බවයි.

මෙම රථය සහ එහි පසුබිම සහ අතීත නිෂ්පාදන පිලිබඳව සවිස්තරාත්මක විස්තරයක් විකිපීඩියා වෙබ් අඩවියේ දක්නට පුලුවන්.සිවිල් යුධ සමයේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් 1987 වසරේ නිශ්පාදනය ආරම්භ කල මෙම රථය විවිධ මාදිලි වලින් මේ දක්වා වෙනස් කම් වලට ලක් කරමින් නිශ්පාදනය කර තිබෙනවා

Unicorn APC  | Unibuffel

එසේම මෙලෙස නිශ්පාදනය කරන ලද භට පිරිස් ප්‍රවාහන බෆල් රථ, බවුසර්, කැටිපිලර් ඇතුළු මෝටර් වාහන තොගයක් 2017 වසරේද මාලි රාජ්‍යයටම පිටත් කර හැර ඇති බව අපට දැකගන්නට ලැබුනා.ඒ පිලිබඳව පුවත පහතින්.

Link  | Archived 

එසේම පසුගිය වසරේද මෙවැනි රථ නිෂ්පාදන පිලිබඳ වාර්තා පලවී තිබෙනු අපට දැකගන්නට ලැබුණි. මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නයිජීරියාව වැනි රටවලට බෝට්ටු අපනයන කල අවස්ථා පිලිබඳ වාර්තාද අපට දැකගන්නට ලැබුණා.

ඇමරිකානු හමුදාව විසින් දැනට භාවිතා වන රථ පිලිබඳ විස්තර මෙසේය.

Conclusion (අවසාන නිගමනය)

ලංකාවේ දැනට නිශ්පාදනය කර ඇත්තේ යුනි බෆල් නමින් හැඳින්වෙන හමුදා රථයක් වන අතර එය සාම සාධක මෙහෙයුම් සඳහා මාලි රාජ්‍යයට පිටත් කර ඇති අතර එහි චැසිය නිෂ්පාදනය වන්නේ ඉන්දියාවේදීය. එසේම මෙසේ නිෂ්පාදිත රථ ඇමරිකාවට අපනයන කිරීමේ සැලසුමක් දැනට නොමැති අතර ඒ සඳහා ඇනවුමක් ද ලැබී නැති අතර ඉදිරියේදී විදෙස් රටවලට පවා විකිණීමේ හැකියාවක් වුවද ඇතැයි යනුවෙන් පමණක් යුධ හමුදාපති තුමා පවසා තිබේ.

ඒ අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යන තේමාව යටතේ ඇති ෆේස්බුක් සටහන් නොමඟ යවන සුළු සටහන් පෙළක් බවට නිගමනය කල හැක.

Avatar

Title:Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

Fact Check By: Sahan Perera 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *