අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක.

“මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, ෆේස්බුක් පරිශීලනය කරන්නන් 7000 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරික්ෂණය විය.

LinkArchived Link

‍මෙම සටහනට මුලින්ම 2018 වසරේ පළකර තිබුණද පසුගිය දින කිහිපයේද බොහෝ දෙන හුවමාරු කරගෙන තිබු බව නිරීක්ෂණය විය. එයට හිමිවූ ප්‍රතිචාර රැසක් මෙය අසත්‍ය සටහනක් ලෙස යෝජනා කර තිබූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට, මෙම සටහනෙහි අන්තර්ගත කර තිබු ඡායාරූපය පක්ෂි විශේෂඥ ආචාර්ය සරත් කෙටගම සහ ප්‍රවීන පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහත්වරුන් වෙත යොමු කළෙමු. Jungle owlet (Glaucidium radiatum) නමැති පක්ෂි විශේෂ සඳහා භාවිතා වන සිංහහල නාමය මුකලන් බස්සා බවත් ඡායාරූපයේ දැක්වෙන්නේ මත්ස්‍යයකු විනා පක්ෂයකු නොවන බව ආචාර්ය සරත් කොටගම සහ නිතිඥ ජගත් ගුණවර්ධන මහත්වරුන් සනාථ කළහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සංරක්ෂණය කර ඇති ගාර් (Gar) මත්ස්‍ය විශේෂයක හම බව ආචාර්ය කොටගම මහතා දැන්වු අතර, නිතිඥ ජගත් ගුණවර්ධන මහතා දන්වා සිටියේ මෙම ඡායාරූපයේ ඇත්තේ Alligator Gar (Atractosteus spatula) නමැති මත්ස්‍යයාගේ හමක් බවය.

මෙම ඡායාරුප පිලිබඳ විමර්ශනය කිරීමේදී අපට දක්ගනන්ට ලැබුනේ මෙය 2018 වසරේ ඉන්දුනීසියාවෙන් මුලින්ම වාර්තා වූ සිද්ධියක් බවයි. ඒ හා සමඟම ලොව පුරා සමාජ මාධ්‍ය ජාල වල මෙම අරුම පුදුම සත්වයා කවරෙක්දැයි විවිධාකාරයේ ප්‍රකාශ ඇතුලත් සටහන් හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එයට ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනා මෙය Alligator Gar මත්සයෙකු දෙකට පලා තිබු ඡායාරුපයක් බවට කරුණු දක්වා තිබුණි.

Link 1 | Link 2 | Link 3 | Link 4

එසේ ලැබුණු එක් ප්‍රතිචාරයක් පහතින්

පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද මුකලාන් බස්සා (Jungle Owlet) නම් පක්ෂියාගේ ඡායාරූපයකි.

මෙම පක්ෂියා පිලිබඳ වැඩිපුර විස්තර සඳහා පහත දිගු වෙත පිවිසෙන්න

Link 1 | Link 2 | Link 3

https://youtu.be/py23sOheBd0?t=102

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන්වල ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ මුකලන් බස්සකුගේ සේයාරුවක් නොව දෙකට පලා ශරීර කොටස් ඉවත් කරන ලද ඇලිගේටර් ගාර් නමැති මත්ස්‍යයෙකු බවත් එම සිද්ධිය 2018 වසරේ ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති බවත්ය.

එබැවින් “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවට ඉදිරිපත කර ඇති සටහන සම්පූර්ණයෙන්ම  අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බව නිගමනය කරමු.

Avatar

Title:මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

Fact Check By: Sahan Perera

Result: False