අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා.

මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට සඳහා යොදා ගන්නේ සෘජුෆෝම් බඳුන් සැදීමට ගන්නා වැක්ස් වැනි රසයාන සංයෝග බවයි. එමෙන්ම මෙම සංයෝග පිලිකා කාරක බවත් ක්ෂණික නූඩ්ල්ස් සඳහා එක් කර ඇති රසකාරක වලත් පිලිකා කාරක ද්‍රව්‍ය අඩංගු බවට මෙම පුවතින් වැඩි දුරටත් දක්වා තිබුනා.

මේ පිලිබඳ අපගේ විමර්ශනයේදී අනාවරණය වුයේ මේවා සියල්ලම වසර ගණනාවක් පුරා විවිධාකාරයෙන් ලොව පුරා හුවමාරු වී තිබු නොමඟ යවන සුළු සාවද්‍ය පුවත් පෙළක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

Jayanthi Ekanayake නම් ෆේස්බුක් ගිණුමක් විසින් ඉහත කරුණු ඇතුළත් සටහනක් පළකර කර තිබූ අතර එම සටහනම තවත් බොහෝ ෆේස්බුක් පි‍ටු සහ ගිණුම් ද හුවමාරු කර තිබූ අයුරක් අපට දැකගන්නට ලැබුනා.

FacebookArchived
Facebook Archived
Facebook Archived

ආහාර සම්බන්ධ පුවතක් බැවින් මෙම කාරණය පිලිබඳව වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව පළවී තිබූ වාර්තා පරීක්ෂා කිරීමේදී අපට සිංගප්පුරුවේ පෝෂණවේදිනියක් දැක් වූ අදහස් දැකගැනීමට හැකිවුනා. නුඩ්ල්ස් නිෂ්පාදනයේදී දැඩි උෂ්ණත්වයක් යටතේ ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලියකට ලක් වන බැවින් දිලිසෙන ස්වභාවක් නුඩ්ල්ස් වලට ලැබෙන බවත් එය බොහෝ දෙන වැක්ස් (ඉටි වර්ගයක්) යනුවෙන් වරදවා තේරුම් ගෙන ඇති බවත් ඇය පැහැදිලි කර තිබුනා.

කෙසේ වෙතත් වැඩි දුරටත් පවසා තිබුනේ නූඩ්ල්ස් හෝ එවැනි කෘතිමව සැකසු කිසිදු හෝ ආහාරයක් දිනපතා ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මතු විය හැකි බවයි. එම සංවාදය පහතින්

https://www.facebook.com/CNA938/videos/341109730343528

සිංගප්පූරු රජයේ ආහාර ඒජන්සිය මගින්ද මේ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ පහත අයුරින්

Link | Achieved

ක්ෂණික නුඩ්ල්ස් නිෂ්පාදන සමාගම් සියල්ලක් ම මෙම කරුණු අසත්‍ය පුවත් ලෙස බැහැර කර තිබුනා. ලංකාවේ මෙන්ම ලොව රටවල් රැසක බොහොමයක ක්ෂණික නූඩ්ල්ස් නිශ්පාදන බෙදා හරින නෙස්ලේ සමාගමේ ප්‍රධාන වෙබ් අඩවියේ සඳහන් වන්නේ කිසිම විටෙක නූඩ්ල්ස් සඳහා ඔවුන් වැක්ස් එකතු කරන්නේ නැති බවයි. වසර ගණනාවක් තිස්සේ හුවමාරු වන මෙම පුවත අසත්‍ය පුවතක් බව ඔවුන් තහවුරු කර තිබුනේ මෙලෙසින්

එවැනිම තවත් ක්ෂණික නුඩ්ල්ස් නිෂ්පාදනය කරන Maruchan Ramen නම් සමාගමක් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් පවසා තිබුනේ වැක්ස් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය කිසිවක් තම නුඩ්ල්ස් නිෂ්පාදනයේ නොමැති බවයි.

පිටි, ජලය, ලුණු සහ සෝයා සෝස් වැනි කුළුබඩුවලින් වලින් ඔවුන්ගේ නුඩ්ල්ස් සාදා ඇති බව පෙන්වා දෙනවා. එසේම සඳහන් කර තිබුනේ ආහාර පිසීමට ගන්නා තෙල් යොදා ගනිමින් වැඩි උෂ්ණත්වයක් යටතේ නුඩ්ල්ස්වල තෙතමනය අඩු කරන විජලනය ක්‍රියාවලියකට ලක් කරන බවත් එය නිසි රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන බවත්ය. එම විස්තරය පහතින්

හොංකොං රාජ්‍යයේ ආහාර සුරක්ශිතතාව පිලිබඳ මධ්‍යස්ථානය විසින් 2009 වසරේ සිදුකළ වාර්තාවක් වෙත ද අපගේ අවධානය යොමු උනා. ක්ෂණික නූඩ්ල්ස් අඩංගු කරන කප් ආරක්ශිතද යන්න ඔවුන් එහිදී සොයා බලා තිබුනා.එම සමීක්ෂණ වාර්තාවෙන් ඔවුන් පෙන්වා දී තිබුනේ නූඩ්ල්ස් අඩංගු කර තිබෙන එම බහාලුම් (කප්) සෞඛ්‍ය ආරක්ශිත බවත් එහි ඇති රසායනික සංයෝග නූඩ්ල්ස් වෙත එකතු වීමේ ඉඩකඩ අවම බවත්ය.

Original LinkArchived

ක්ෂණික නුඩ්ල්ස් වල වැක්ස් ආවරණක් ඇති බවට සටහන් වසර ගණනාවක් පුරා හුවමාරු වෙමින් පවතින අතර ලොව පුරා කරුණු විමර්ශන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විමර්ෂණ රැසක් සිදුකර ඇති බව අපට දැකගනන්ට ලැබුණි. ඒ සියල්ලකම පෙන්වා දී තිබුනේ ද එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි. එසේ ඉංග්‍රීසි බසින් පළවූ වර්තාවක පැහැදිලි කිරීමක් පහතින්.

Snopes | US Today | AsiaOne | Hoax-Slayer | AAP

මේ මාතෘකාව යටතේ පළවූ සවිස්තරාත්මක වීඩියෝවක් පහතින්

https://youtu.be/7zYalhoXENY

එසේම U.S. National Library of Medicine නම් ලොව පිලිගත් සෞඛ්‍ය ආයතනයට අනුබද්ධ වෙබ් අඩවිය මගින් වැක්ස් විෂවීම පිලිබඳව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති කරුණු අපට මෙසේ දැකගන්නට ලැබුනා.

එහිදී ඔවුන් පවසා තිබුනේ වැක්ස් සාමාන්‍යයෙන් විෂ ද්‍රව්‍යයක් නොවන බවයි. කෙසේවෙතත් වැඩි වශයෙන් ආහාර්යට ගත් විට බඩවැල් ආශ්‍රිත අවහිරතා ඇති විය හැකි බව එම සටහනේ ඔවුන් වැඩිදුරටත් දක්වා තිබුනා.

මේ අනුව ඉහත සියළුම සටහන් වලින් පැහැදිලි වන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල වැක්ස් අන්තර්ගත නොවූවද නිරන්තරයෙන් ආහාරයට ගැනීම වගේම නොයෙකුත් සෞඛ්‍යමය ගැටලු ඇතිවිය හැකි බවයි. ඒ පිළිබඳව පළමු තවත් වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බලන කල ක්ෂණික නූඩ්ල්ස් නිපදවීමේදී ඒවා නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්නා වැක්ස්වල අඩංගු රසායනික සංයෝග එකතු කරන බව පැවසෙන පුවත අසත්‍ය එකකි. කෙසේ වෙතත් නූඩ්ල්ස් පමණක් නොව රසකාරක යොදාගනිමින් කෘතිමව සැකසු කිසිදු හෝ ආහාරයක් දිනපතා ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මතු විය හැකි බවට පෝෂණවේදීන් කරුණු පෙන්වා දෙයි.

Avatar

Title:FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

Fact Check By: Sahan Perara

Result: False