කලින් කලට HIV ඒඩ්ස් රෝගය වෙනුවෙන් බෙහෙත් සොයා ගත් බවට පුවත් සමාජ ජාලා වල හුවමාරු වන බව අපට දැකගනන්ට පුළුවන්. විවිධ මට්ටමෙන් පර්යේෂණ රැසක් වසර ගණනාවක් පුරා සිදුවුණද දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින්ට ද ඒඩ්ස් රෝගය මැඩලීමට සාර්ථක එන්නතක් මේ වනතෙක් සොයා ගණනට හැකිවී නැහැ.ඇමරිකානු ජනපති පසුගිය ජුනි මාසයේ ඒඩ්ස් එන්නතක් පිලිබඳ සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් ද බොහෝ විමර්ෂණ කණ්ඩායම් මෙසේ පෙන්වා දී තිබුනා

මුලින්ම 2017 වසරේ හුවමාරු වී තිබූ, ලංකාවේ තරුණයෙක් ඒඩ්ස් රෝගය සඳහා සාර්ථක එන්නතක් සොයා ගෙන ඇති බවට පළ වූ නොමඟ යවන සුළු අසත්‍ය සටහන් නැවත වරක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වන අපට වුණා

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්

Beyond The Mirror - කැඩපතට එහා නම්වූ ෆෙස්බුක් පිටුවක් මඟින් 2017 අගෝස්තු මස “යථාර්තයට එහා ගිය උන්මාදය” යනුවෙන් පළකර තිබු සටහනකින් දක්වා තිබුනේ “ලොවටම සුවකළ නොහැකි වූ HIV වසන්ගතයට එන්නත සොයාගත් ශ්‍රී ලංකාවේ තරුණයා ලොවම පුදුම කරමින් මහරැජින බකින්හැම් මාලිගයට ආරාධනා කරලා...” යනාදී වශයෙන් ඡායාරුප සටහනක් ද සහිතවයි. එම මුල් සටහන පහතින්

Original LinkArchived Link

මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබු එම සටහන් නැවත වරක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බවක් අපට මෙසේ දැකගනන්ට ලැබුනා.

මෙම පුවතම ට්විටර් හි හුවමාරු කර තිබුනේ පහත අයුරින්

TwitterArchived

මෙම තරුණයා සම්බන්ධව පළවන මෙම පුවත පිලිබඳ විමර්ශනයක් සිදුකිරීමට අප තීරණය කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම තරුණයා රකිත මාලේවන නැමැත්තෙක් බව අපට අනාවරණය වුණා. මෙසේ රකිත මාලේවන විසින් සම්මාන හිමි කරගනු ලබන්නේ The Queen’s Young Leaders නම් වැඩසටහනකදීය. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල සිටින තරුණ තරුණියන්, ඔවුන්ගේ ප්‍රජාවන්හි පෙරමුණ ගෙන කටයුතු කිරීම සහ ඔවුන්ගේ කුසලතා තුළින් මිනිසුන්ගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා සිදුකරන මෙහෙය වෙනුවෙන් ඇගයීමක් ලබා දීමට, මහ ‍රැජිනගේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන වැඩසටහනක් ලෙස මෙය සැලකෙනවා.

රකිත ලබාගත් සම්මානය පිළිබඳව පිළිබඳ ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පළවූ සටහන පහතින්

Original LinkArchived

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රකිත මාලේවන තරුණයා විසින් ඒඩ්ස් රෝගය වෙනුවෙන් ඉලක්කගත නැනෝ එන්නතක් නිපදවීමට මූලිකත්වය ගෙන සිදුකළ මෙහෙය මෙන්ම ලිංගික ප්‍රජනන සෞඛ්‍ය ගැටලු සහ එච්.අයි.වී ඒඩ්ස් පිළිබඳව දැනුවත් කිරීම සහ පාසල් දරුවන් විද්‍යාත්මක පර්යේෂණවලට සම්බන්ධ කර ගැනීමට දිරිගැන්වීම යනාදී කරුණු වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇති බව සඳහන් වී තිබෙනා. කිසිම විටෙකත් එච්.අයි.වී සුව කිරීමට එන්නතක් නිපදවීම වෙනුවෙන් මෙම සම්මානය ලබා දී ඇති බවක් සඳහන් වන්නේ නෑ.

රකිත විසින් ප්‍රජනන සෞඛ්‍ය සහ ඒඩ්ස් රෝගය පිලිබඳ ප්‍රජාව දැනුවත් කරන අන්දම පිලිබඳ කෙටි වාර්තා වැඩසටහනක් අපට මෙසේ දැකගන්නට හැකි වුනා

https://www.facebook.com/queensyoungleaders/videos/1933536566925407/?__cft__[0]=AZUHRpq0MUIAaFieI3RqvG63DGs8iqDIBPsG2pFPfhW64_1x86jCsjsKwGzhPIasJKGjTeu74EHW7muXdXJcaKW20m6pAgZSXKxWMk2rjQWHqFIVDbmB1hBpG8M2LOZL3Lt_GK6aHhZLnOfZ1lYOd4cc8YUObu9Iw6ges4APw-b5WP8oJ1n0ZE0zyNKxhOZmpLo8-rxPHNezcdvzzdkvNqyV&__tn__=%2CO%2CP-R

මෙම තරුණයා විසින් එච් අයි වී ඒඩ්ස් රෝගය වෙනුවෙන් සිදු කරන පර්යේශන සහ ඔහු විසින් කරන කටයුතු පිලිබඳව සවිස්තරාත්මක විස්තරයක් විකිපීඩියා පි‍ටුවේද දැකගන්නට ලැබුනා.

රකිත මාලෙවන විසින් 2017 Queen’s Young Leader Award සඳහා සුදුසුකම් ලබා තිබූ පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙසේ වාර්තා කර තිබුනා. එහිදී ඔහු හා සමඟම සෙනෙල් වන්නිආරච්චි නම් තරුණයෙකු ද සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරිත්වය සඳහා එම උත්සවයේදීම සම්මාන ලබා ඇති බව සඳහන්

Newsfirst | Rupavahini

වෛද්‍ය පර්යේෂකයෙකු වශයෙන් සිදුකල සේවාවන්, පාසල් දරුවන්ට විද්‍යාත්මක පර්යේෂණවලට සම්බන්ධ කර ගැනීමට දිරිගැන්වීම් සහ ඔහු මුල්වී ආරම්භ කරන ලද United Youth Consortium නම් ස්වේච්ඡා සංවිධානය හරහා ලිංගික ප්‍රජනන සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ එච්.අයි.වී ආසාදිත පවුල් සඳහා සහයෝගය සහ උපදේශනය සැපයීම යනාදී කරුණු මුල්කරගෙන එම සම්මානය ලැබුණු බව රකිත සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කරුණු දක්වා තිබුණා

2015 වසරේදී ද මෙසේ ඒඩ්ස් වෙනුවෙන් ඉලක්කගත එන්නතක් නිපදවීමට කටයුතු කිරීම පිළිබඳව රඛිත වෙත බ්‍රිතාන්‍ය අගමැති විසින් පිළිගැනීමක් ලැබී තිබු බව අපට මෙසේ දැකගන්නට ලබුනි

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු නිල සංවිධාන සියල්ලක්ම එච්.අයි. ආසාදනය සඳහා එන්නතක් මේ වනතෙක් සොයාගෙන නැති බවත් පර්යේෂණ රැසක් සිදුවෙමින් පවතින බවත් කරුණු දක්වා තිබුනේ පහත පරිද්දෙන්.

WHO | HIV.ORG

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව සලකා බලන කල ලොවටම සුව කල නොහැකි වූ HIV වසන්ගතයට එනතක් සොයා ගත් බව කියමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ 2017 වසරේ සිට හුවමාරු වෙමින් තිබෙන්නේ නොමඟ යන සුළු කෝණයකින් පලකල සාවද්‍ය පුවතකි.

ලිංගික ප්‍රජනන සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ එච්.අයි.වී ආසාදනය වෙනුවෙන් ඉලක්කගත එන්නතක් සෑදීම වෙනුවෙන් සිදුකළ විද්‍යාත්මක පර්යේෂණ වැනි කරුනු මුල් කරගනිමින් මෙම පිළිගැනීම රකිත මාලෙවන තරුණයාට 2017 වසරේදී හිමිව ඇත.

Avatar

Title:ලංකාවේ තරුණයෙකු HIV ඒඩ්ස් ආසාදනය සුව කිරීමට එන්නතක් සොයා ගත්තා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading