කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙනවා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන වෙන්ටිලේටර් ප්‍රමාණය පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වී තිබෙනු ද අපට දැකගනන්ට ලැබුණි. මේ අතරතුර සුවසැරිය ඇම්බුලන්ස් වල ඇති වෙන්ටිලේටර් (ශ්වසන උපකරණ) ගලවා ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව හුවමරු වූ කරුණු විමර්ෂණය කිරීමේදී අපට තහවුරු වුයේ ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ බවයි.

සමාජ මාධ්‍ය සටහන්:

I Support UNP නම් ෆේස්බුක් පි‍ටුවක් මෙම කරුණ හුවමරු කර තිබුනේ "සුවසැරියෙ ඇති වෙන්ටිලේටර් ගලවා රෝහල් වලට.එය අටුව කඩා පුටුව හැදීමක් වැනිය." යනුවෙන්

FacebookArchived Link

එමෙන්ම තවත් ෆේසුක් පි‍ටු කිහිපයක්ම මෙම කරුන හුවමාරු කර තිබුනේ පහත පරිදියි.

FacebookArchived Link
FacebookArchived Link

සුවසැරිය ගිලන් රථ සේවාවේ විශාල අවශ්‍යතාවයක ඇති මොහොතක මේ ආකාරයට එම ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා ඉවත් කර රෝහල් සඳහා ලබා දෙනවාදැයි සොයා බැලීමට අප තීරණය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පසුගිය පාලන සමයේ ආරම්භ කරන ලද සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය රජයේ ආධාර මත TATA සමාගමේ අනුග්‍රහයෙන් ආරම්භ වුවක්. මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට ස්ථාපිත කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කල වර්තමාන විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කර තිබු සටහනක් දැකගනන්ට ලැබුණා.

එයින් කියවෙන්නේ සුවිසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර් යන්ත්‍ර නොමැති බවයි. එබැවින් එහි ඇති වෙන්ටිලේටර්ස් (ශ්වසන යන්ත්‍ර) ගලවාගෙන යාමට පිරිසක් කටයුතු කරන බවට පලවන වාර්තා වැරදි ඒවා බවත් නොදන්නා කමට ඇතැමුන් මේ ලෙස වැරදි ප්‍රචාර ගෙනියන බවත් ඔහු සඳහන් කරනවා. මේ පිළිබඳව රුවන් විජේවර්ධනට මහතාට දන්වා සිටි බවත් කවුරුන් හෝ ඔහුට වැරදි තොරතුරක් ලබාදී ඇති බවත් දක්වමින් පළවූ එම සටහන පහතින්.

FacebookArchived Link

මේ පිලිබඳ පරීක්ෂා කිරීමේදී එම සටහන ඔක්තෝබර් මස 04 වැනිදා අරුණ පුවත්පතේ දෙවන පිටුවේ මෙසේ පළවී තිබු සටහනක සුවසැරිය ගිලන් රථවල ඇති වෙන්ටිලේටර් යන්ත්‍ර (කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර) ගලවා රෝහල්වලට ලබාදීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන චෝදනා කරන බව පළකර තිබු බව දැකගනන්ට ලැබුණා. එම කරුණ දිවයින පුවත්පතේ ද වාර්තා වී තිබුනේ මෙලෙසින්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගෙන් අප මෙම කරුණ සම්බන්ධයෙන් විමසා සිටියා. එතුමා අපට පවසා සිටියේද සුවසැරිය ගිලන් රථවල ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු ගිලන් රථවල යොදාගන්නා මුලික උපකරණ තිබෙන නමුත් වෙන්ටිලේටර් යන්ත්‍ර නොමැති බවයි.

සුවසැරිය ගිලන් රථ සේවය සම්බන්ධයෙන් පලවී තිබු මෙවැනි වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී ද අපට එහි ඇතුළත වෙන්ටිලේටර් උපකරණ නොමැති බව දැකගනන්ට ලැබුණා. 1990 අංකය ඇමතීමෙන් හෝ ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ද ලබාගත හැකි සුවසැරිය සේවය පිලිබඳ පළවූ වීඩියෝවක් පහතින්.

https://youtu.be/Al13bP01FCk

කෙසේවෙතත් වෙන්ටිලටර් යන්ත්‍ර සහිත ගිලන් රථ ලංකාවේ තිබෙන අතර එවැනි ICU ගිලන් රථ ලබාගත් අවස්ථාවක් සම්බන්ධයෙන් පසුගිය කොරෝනා පළමු රැල්ල සමයේ වාර්තා වූ පුවතක් මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බලන කල අපට තහවුරු වන්නේ සුවසැරිය ගිලන් රථ වල ඇති වෙන්ටිලේටර් (ශ්වසන යන්ත්‍ර) ගලවා ඉවත් කර රෝහල් වලට ලබා දීමට සැරසෙන බවට හුවමාරු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රකාශයක් මුල් කර ගනිමින් පළවූ පුවත් මුල් කරගනිමින් පළවූ අසත්‍ය සටහන් පෙළක් බවයි. සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර් යන්ත්‍ර සවි කර නොමැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

Fact Check By: Nelson Mani

Result: False