සතර දෙසින් මුහුදෙන් වටවූ දිවයිනක් වශයෙන් ශ්‍රී ලංකාවේ, සාගරය ආශ්‍රිත කටයුතු පිළිබඳ බොහෝ පිරිස් විශාල උනන්දුවක් දක්වනවා. මේ අතර පසුගියදා ධිවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් බස්රථ කිහිපයක් මුහුදට මුදා හැරීමේ සිද්ධියක් සමාජ දාලද විශාල වශයෙන් කතා බහට ලක්වී තිබෙන අයුරු අපට දැක ගන්න ලැබුණා

මේ අතර වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථවලින් වෙනත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට දමා විනාශ කරන බවට ඉදිරිපත් වී තිබු සටහන් විමර්ශනයේදී අපට අනාවරණය වුයේ ඒවා නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“ඔන්න 69ක් පත්කර ගත්තු වියතුන්ගේ මොලේ..පරණ CTB බස් රථ වෙන්දේසි වෙන්නේ නැ කියලා ඒවා මුහුදේ ගිල්ලනවා යකෝ මේ ටික පොඩ්ඩක් අලුත්වැඩියා කරලා දුප්ප්ත් පාසල් වලට පන්ති කාමර විදියට හරිහදලා දෙන්න තිබ්බ. මුහුද විනාස නොකර..SIR ෆේල් නැ අන්ත ෆේල්” යනුවෙන් බස් රථ කිහිපයක් මුහුදට ගිල්වන අවස්ථාවක ඡායාරුප පෙළක Osanda Ruwan නැමැත්තෙක් පහත පරිදි සටහනක් යොදා තිබුණා

FacebookArchived Link

විවිධාකාරයේ ප්‍රතිචාර රැසක් ලබාගනිමින් හුවමාරු වූ මෙවැනි සටහන් කිහිපයක් ම දැකගනන්ට ලැබුණු අතර ඇතැම් සටහන් මඟින් විමසා මෙම බස්රථ වෙනත් කටයුත්තක් සඳහා යොදානොගන්නේ මන්ද යනුවෙන්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මුලින්ම ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුප ඇතුලත් මුල් සටහන් පිළිබඳව විමර්ෂණයක් සිදු කළෙමු.

“ධිවර අමාත්‍යංශය මගින් ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීමේ ව්‍යපෘතිය යටතේ ශ්‍රී ලංගමයෙන් කල ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමල ගැඹුරු මුහුදේ ගිල්වීම සදහා වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුල දිරාපත්වෙමින් පවතින ගර්හිත බස් රථ පසුගියදා යාත්‍රාවක් යොදා ගනිමින් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කිරීමේ තවත් ජායාරුප පෙළක්” යන තේමාව යටතේ ලංකා බස් කවය නම් ෆේස්බුක් පිටුවක් පළකර තිබු ඡායාරුප පෙළ සමාජ මාධ්‍ය වාර්තා සියල්ලක් සඳහා ම යොදාගෙන තිබු බව අපට දැකගනන්ට ලැබුණා

FacebookArchived

මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගැනීමට අප ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමනේතුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුණා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා

ධීවර කේෂ්ත්‍රයට අදාලව වෙරළාසන්න සමුද්‍රීය පරිසර පද්ධතිය, සමුද්‍රීය ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලීම උදෙසා සමුද්‍රීය ජෛව විවිධත්වය ඉහළ නැංවීමේ අරමුණින් වෙරළාසන්න මුහුදු පත්ලෙහි කෘත‍්‍රිම උපස්ථර මත මත්ස්‍ය අභිජනන ස්ථාන ඇතිකිරිම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපර්තමනේතුව මුලිකත්වය ගෙන ඉදිරි වසර කිහියක්ම සඳහා සැලසුම් කල වැඩසටනක මුල් අදියර මෙය බව අපට දැනගනන්ට ලැබුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය - නාරා, සමුද්‍ර දූෂණ වැළක්වීමේ අධිකාරිය, ධීවර වරාය නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ආදී පාර්ශව වල නිර්දේශ සහ අධීක්ෂණය යටතේ ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා

මත්ස්‍ය අභිජනනය සඳහා වාසස්ථාන ඇති කිරීම හරහා මත්ස්‍ය ගහණය වැඩිකිරිමට අමතරව දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද මේ හරහා බලාපොරොත්තුවේ. අනවසර ඉන්දීය ට්‍රෝලර් ඇතුළු වීම අවම කිරීම ද එමගින් බලාපොරොත්තු වන තවත් අභිප්‍රායක්

මෙම ව්‍යාපෘතිය පිලිබඳ වැඩිදුර විස්තර මෙසේ දැකගනන්ට ලැබුණා RuNews | Archived

එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ භාවිතයට නුසුදුසු දිරාපත් වෙමින් පවතින බස් රථවල එන්ජිම, චැසිය, රෝද ඇතුළු ප්‍රයෝජනයක් ලබාගත හැකි කොටස් හා සාගරයට අතිතකර වියහැකි ද්‍රව්‍ය ඉවත්කර මෙම කාර්යයන් සඳහා ධීවර අමාත්‍යංශය විසින් ලබාගෙන ඇත්තේ, එය අලුතින් එවැනි ව්‍යුහයන් නිර්මාණයට වඩා (දෙවැනි දියයට කෞතුකාගාරය - ත්‍රිකුණාමලය) බෙහෙවින් ලාභදායී බැවින්. එසේම භාවිතයට නුසුදුසු බෝට්ටු ද මෙහිදී සාගරය වෙත මුදාහැර තිබෙන අයුරු ඡායාරූප පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණා.

මාධ්‍ය වාර්තා:

වෙරළ ඛාදනය අඩු කිරීම හරහා සංරක්ෂණ කටයුතු සඳහා මෙන්ම ස්කුබා ඩයිවින් (Scuba Diving), රළ මතුපිට ලිස්ස යාමේ ක්‍රීඩා (Surfing) වැනි කටයුතු සඳහා ද මෙසේ කෘත්‍රිම කොරල් පර නිර්මාණය කිරීම මඟින් ප්‍රයෝජනවත් වන බව අපට මෙම විෂය සම්බන්ධයෙන් පලවී තිබු වාර්තා පරීක්ෂා කිරීමේදී දැකගනන්ට ලැබුණා.

එසේම මෙවන් වාහන, නෞකා යනාදියෙහි කොටස් මුහුදේ ගිල්වා කොරල් පර නිර්මාණය කිරීමේ කටයුතු වලදී සාගරයකට අහිතකර ද්‍රව්‍ය (රබර් ආශ්‍රිත ටයර් වැනි කොටස්, විෂකර තීන්ත යනාදිය) ඉවත් කර මුදා හැරීමට සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දී තිබුණා.

Artificial Coral Reefs – Types, Reasons, Pros and Cons

කෘතිම කොරල් පර පිළිබඳව පළවූ වීඩියෝවක් පහතින්

https://youtu.be/3SW_poyvAyk

විෂයේ ප්‍රවීණයන්ගේ මතය:

මේ පිළිබඳව වැඩිදුර ලබාගැනීම සඳහා කොරල් පර, ධීවර කර්මාන්තය සහ සාගර ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණය ඇතුළු විෂයන් පිළිබඳ ප්‍රවීණයෙකු වන දෙස්-විදෙස් හසළ පළපුරුද්දක් ඇති සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන නිශාන් පෙරේරා මහතා සමඟ සම්බන්ධ වුනා.

විද්‍යානුකූල ක්‍රම යටතේ මනා කළමනාකරණයෙන් කෘත්‍රිම කොරල් පර නිර්මාණය කිරීමේ වැඩසටහන් වලින් ධීවර හා සංචාරක යන කර්මාන්ත දෙකටම සැලකිය යුතු ප්‍රතිලාභ ලබාගත හැකි වුවද ස්වාභාවික කොරල් පර මඟින් ඉටුවන භූමිකාවක් ඒ මට්ටමටම ඉටු කිරීම් හැකියාවක් නොමැති බැවින්, මෙවන් ව්‍යාපෘති වලට සමගාමීව සාගරයේ සමස්ත සෞඛ්‍යය, සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය සහ වෙරළබඩ ජීවීන් සඳහා තීරණාත්මක වන කොරල් පර, පාෂාණ ගල්පර සහ මුහුදු වෙරළේ තණබිම් වැනි අපගේ ඉතිරිව ඇති ස්වාභාවික ජෛව පද්ධති සංරක්ෂණය කිරීම ආයෝජනය කිරීමේ වැදගත්කම පවසා සිටියා. මේ සම්බන්ධයෙන් පළවූ වාර්තාවක් පහතින්.

The Morning | Archived

තවදුරටත් අදහස් දක්වමින් නිශාන් පෙරේරා මහතා අපට පවසා සිටියේ මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර කෘත්‍රිම කොරල් පරය නිර්මාණය කිරීම සඳහා වඩාත්ම යෝගී ස්ථානය පිලිබඳ විද්‍යාත්මක කරුණු මත පදනම් වූ අධ්‍යයනක් කිරීම අතවශ්‍ය කරුණක් වන අතර මුහුදට අහිතකර තීන්ත ආලේපන වැනි කොටස් තිබේනම් ඒවා ද ඉවත්කිරීම වැදගත් බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පරණ භාවිතයට ගත නොහැකි තත්වයේ තිබෙන CTB බස් රථ සහ බෝට්ටු යනාදිය පසුගියදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදට දමා තිබෙන්නේ ධීවර අමාත්‍යංශයේ මුලිකත්වයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවක් සම්බන්ධ වී සිදුකෙරන ගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහණය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරය යටතේ ත්‍රිකුණාමලය මුහුදේ ක්‍රියාත්මක කෙරුණු වැඩසටනක්. ඊට අමතරව කෘත්‍රිම කොරල් පර නිර්මාණය හරහා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමද ඉදිරි අරමුණක්

Avatar

Title:වෙන්දේසි නොවෙන පරණ CTB බස් රථ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුදේ ගිල්වුයේ කුමන අරමුණකින්ද?

Fact Check By: Nelson Mani

Result: Missing Context