2019 පාස්කු ඉරුදින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගිය කාලය පුරාම එම අවධියේ බලයේ සිටි මැති ඇමතිවරු රැසක් මෙන්ම ඉහළ නිලධාරීන් ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.

මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ බිරිඳ අලලා පළවූ ප්‍රකාශ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව මන්ත්‍රීවරයා පවසා සිටි අතර මේ පිළිබඳව පැමිණිල්ලක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙතද යොමු කර තිබෙන බව අපට අනාවරණය වුණා.

සමාජ මාධ්‍ය සටහන්:

“සහරාන්ගේ බිරිඳට තමන් ලක්ෂ 50ක් දුන් බව ඉරාන් වික්‍රමරත්න CID නිලධාරීන් ඉදිරියේ පිළිගනී.” යන තේමාවෙන් සටහනක් කැලුම් ජයසුමන නම් අයෙකු විසින් පළකර තිබෙනු අපට මෙසේ දැකගනන්ට ලැබුනා

Facebook PostArchived
Facebook PostArchived

මෙම තේමාව යටතේ පහත පරිදි සටහන් රැසක් හුවමාරු වී තිබෙනු අපට දැකගනන්ට ලැබුනේ මෙලෙසින්

එසේම ඊට දින කිහිපයකට පෙර “සහරාන් ගේ බිරිඳ සමඟ අයතා සම්බන්ධයක් පැවැත්වූ ඉරාන් වික්‍රමරත්න ප්‍රශ්න කිරීම සඳහා CID යට කැඳවයි” යන තේමාව යටතේ ද පුවත් සටහන් රැසක් හුවමරු වී තිබෙනු අපට දැකගනන්ට ලැබුනේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත චෝදානා පිලිබඳව සලකා බැලීමට අප පළමුව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසියා. සහාරන් හෂීම්ගේ බිරිඳ වෙත මුදල් ලබාදුන් බවට හුවමාරු වන සටහන් තරයේ ප්‍රතික්ශේප කරමින් සිංහල සහ ඉංග්‍රීසි බසින් ප්‍රකාශ දෙකක් ඔහු පළකර තිබුනා

සහරාන්ගේ බිරිඳව කිසිදා දැක හෝ හමුව නැති බවත් එම කාන්තාවට අරමුදල් සපයා නැති බවත් තහවුරු කරමින් මෙසේ ව්‍යාජ පුවත් පතුරවන්නේ, යුක්තිය උදෙසා නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් ඔහු ගෙනියන සටන අපකීරිතියට පත් කිරීමේ උත්සාහයක් බව ඉරාන් වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පවසා තිබුනා. එම ලිපි පහතින්

Sinhala LetterArchivedEnglish LetterArchived

මෙසේ තමන් ඉලක්ක කරගනිමින් පලවී තිබෙන ව්‍යාජ චෝදනා පිළිබඳව ඉරාන් වික්‍රමරත්න මහතා ලබාදී තිබු ප්‍රකාශයක් පහතින්.

https://twitter.com/Newshub_lk/status/1330160271361531905?s=19

මේ පිළිබඳව අප ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකල අතර එහිදී ඉහත ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් මෙවැනි පදනම් විරහිත චෝදනා පිලිබඳ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් පසුගිය සෙනසුරාදා (21) ඉදිරිපත් කර ඇති බව අපට දන්වා සිටියා.

මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් ම වාර්තා පළකර තිබෙනු අපට මෙසේ දැකගනන්ට ලැබුනා

The Morning | Archived

පාස්කු ප්‍රහාරය පිලිබඳව විමර්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර මෙතෙක් එහි අවසානයකට ලගා වී නැහැ. ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමට අපට උත්සාහ කළද ඒ සඳහා ප්‍රතිචාරයක් අපට මෙතෙක් ලැබුනේ නැහැ.

කෙසේවෙතත් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ඉදරිපත් කර තිබු පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබීමෙන් පසුව අපගේ මෙම ලිපිය ඉදිරියේදී යාවත්කාලීන කිරීමට බලාපොරාත්තු වෙමු.

අත්අඩංගුවේ පසුවන සහරාන් හෂීම්ගේ බිරිඳ , අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර වැනි සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව ගැන විමසමින් සැකකරුවන් සහ සාක්ෂිකරුවන්ගේ මරණ සම්බන්ධයෙන් මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් සිදුකළ ප්‍රකාශ මුල්කරගෙන ඔහුගෙන් පැය හතරක පමණ ප්‍රකාශයක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ලබාගත් බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනා. FT | Archived

නොවැම්බර් මස 12 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මාකඳුරේ මදුෂ් ද උදාහරණයට ගනිමින් මෙවැනි අපරාධකරුන් හට නිසි දඬුවම් පැමිණවිය යුත්තේ නීතිමය රාමුවකම බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසා තිබු අයුරු අපට මෙසේ දැකගනන්ට ලැබුණා. 

https://www.facebook.com/Eran.Wickramaratne/videos/505698697053625/?

Conclusion (අවසාන නිගමනය)

ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට මුල්වූ සහරාන් හශීම්ගේ බිරිඳට රුපියල් මිලියන පහක් ලබා දුන් බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේදී පිළිගත් බවට සමාජ මාධ්‍ය හරහා පළවන සටහන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකශ බව ඒ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා. මෙම චෝදානා වලට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇත. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:සහරාන්ගේ බිරිඳ සහ ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් පළවන සටහන්!

Fact Check By: Nelson Mani

Result: Explainer