මහර බන්ධනාගාරය තුල ඇතිවු ප්‍රචන්ඩකාරි තත්වය නිසා රැඳවියන් කිහිපදෙනෙක් මරණයට පත්වු අතර විශල සංඛ්‍යාවක් තුවාල ලැබූ බවට පුවත් වාර්තා විය.

මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කලහකාරි හැසිරීමට මුල්වුයේ එහි වෛද්‍ය නිලධාරියා විසින් රැඳවියන්ට ලබාදුන් මත්පෙති නිසා බවට සමාජ මාධ්‍යයන්හි සංසරණය වන ප්‍රවෘත්තිය නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රවෘත්තියක් බව අප සිදු කළ කරුණු විමර්ශනයේදි තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන් :

“මහර රැදවියන්ට මත්පෙති ලබා දුන් සැකකාර JVP දොස්තර” යන වදන රෝපණය කර සේයාරුවක් සහිතව සටහනක් Prabath Pathirana නමැති ෆේස්බුක් පිටුවක ඉදරිපත්වී තිබෙණු දක්නට ලැබුණි.

FacebookArchived Link
FacebookArchived Link

ෆේස්බුක් පිටු කිහිපයක ඉදිරිපත්ව තිබු මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණි.

මෙම සටහන් සඳහා එම වෛද්‍යවරයාගේ පවුලේ ඡායාරුපයක් යොදා ගැනීම ද බොහෝ දෙනෙක් හෙළා දැක තිබෙනු අපට දැකගැනීමට හැකි වුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු දැන කර ගැනීමට සේයාරුවෙහි දැක්වෙන මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සමඟ දුරකථනයෙන් සමබන්ධ වුයෙමු. තමා ඇතුළුව වෛද්‍යවරුන් අට දෙනෙකු සහ ලියා පදිංචි වෛද්‍යවරයකු මහර බන්ධනාගාරයේ සේවය කරන බව ඔහු පැවසීය. ඖෂධ ගබඩාව භාරව කටයුතු කළේ ලියාපදිංචි වෛද්‍යවරයා බවත්, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් සිරකරුවන්ට ලබාදෙන්නේ, හෙද නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ පිළියල කරන්නෙකු විසින් බවත්, මානසික අබාධ සඳහා ඖෂධ නිර්දේශ කරන්නේ මනෝචිකිත්සක වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් බවත් ඔහු සඳහන් කළේය.

දැනට මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ ඇත්තේ තමාට පෙර සිටි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් ඇණවුම් කළ ඖෂධ බවත් ඔහු පැවසීය. රැඳවියන්ට ඖෂධ නිකුත් කිරීම ඔහුගෙන් බැහැරව සිදුවන කාර්යයක් බව සහ ඖෂධ රැඳවියන්ට ලබාදීමේ ක්‍රියාදාමයට කිසිඳු අයුරකින් සම්බන්ධ නොවන බවත් සඳහන් කළේය. එසේම මත්පෙති ලෙස කිසිදු ඖෂධයක් නොමැති බවත්, මානසික ආබාධවලින් රැඳවියන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ඇතුලු අනෙක් රෝගවලට ඖෂධ එහි ඇති බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම ඔහු බාහිර රෝගි අංශයේ සේවය නොකරන බවද පැවසීය.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින්ම පලකරන ලද සටහනක ට ප්‍රතිචාර වශයෙන් ඒ මහතාම පහත සටහන දක්වා තිබුණි.

FacebookArchived Link

එසේම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න අරුණ පුවත්පතට ද සිදුකර තිබු අතර එම සටහන අරුණ පුවත්පතේ දෙසැම්බර් 03 කලාපයේ පලවී තිබුනේ මෙලෙසින්. තමාට එල්ලවන චෝදනා වලට විරුද්ධව ලිඛිතව පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙන බව සඳහන් වී තිබුණි.

Article | Archived

වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. මහර බන්ධනාගාර ඖෂධ ගබඩාවේ මත්පෙති නමින් ඖෂධයක් තිබු බව ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය. මානසික ආබාධ ඇතුළු අනිකුත් රෝග අවශ්‍ය ඖෂධ ගබඩාවේ තිබූ බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු රැඳවියන් ඖෂධ ගබඩාව කඩා දමා එහි තිබූ ඖෂධ පානය කර තිබු බව ඔහු පැහැදිළි කලේය. බන්ධනාගාරයේ සේවය කළ කිසිදු වෛද්‍යවරයෙකු විසින් රැඳවියන්ට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සඳහා ඖෂධ නිකුත් කර නොතිබූ බව ඔහු පැවසීය. අද දින (දෙසැම්බර් 4) දෙරණ රූපවාහිනී නාලිකාවේ Big Focus සජීවී විකාශයට සහභාගිවෙමින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ බව ඔහු සඳහන් කළේය. පහත දක්වා ඇත්තේ එම සංවාදයයි.

https://youtu.be/OkTnc9xO13w?t=602

මේ අතර ශ්‍රී ලංකා මනෝචිකිත්සක වෛද්‍ය සමුහය (Sri Lanka College of Psychiatrists) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කරන ඖෂධ වලින් ඖෂධවලින් කලහකාරි ප්‍රචණ්ඩ හැසිරීම් ඇති නොවන බවයි. ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රකාශය “මානසික රෝගවලට හාවිතා වෙන ඖෂධ හා කලහාකරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශය” තේමාවෙන් සටහනක් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණි.

FacebookArchived Link

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු හෝ සාමාජිකයකු දැයි අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළෙමු. ඔහුගේ දේශපාලන මතය ගැන අවබෝධයක් නැති නමුත් ඔහු තම පක්ෂයේ ක්‍රියාකරුවෙකු හෝ සාමාජිකත්වය ලබා නොමැති බව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා සඳහන් කළේය.

කෙසේවෙතත් අප ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කල අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම සමඟි ජන බලවේගයේ සටහන් හුවමාරු කරගෙන තිබෙන බව දැකගනන්ට ලැබුණා

එසේම මහර බන්ධනාගාරයේ කලබල ඇති කළ රැඳවූවන් විවිධ පෙති වර්ග පානය කර එම ගැටුම් ඇති කළේද යන්න සොයා බැලීමට එම බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ ඖෂධ වර්ග 06ක් පිළිබඳ විශේෂඥ වාර්තා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා තිබු බව වාර්තා විය. මෙම කැරැල්ල පිටුපස යම් කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සිටී ද අනුබල දුන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනා. Dinamina | Archived

Conclusion (අවසාන නිගමනය)

මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ කලහකාරි හැසිරීමක් ඇති කිරිම සඳහා එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න හෝ වෙනත් නිලධාරියෙකු මත්පෙති ලබාදී නොමැති බවත්, සිරකරුවන් බලහත්කාරයෙන් ඖෂධ ගබඩාව කඩා එහි තිබු ඖෂධ පානය කර තිබු බවත් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියි. එමෙන්ම මත්පෙති නමින් පෙති වර්ගයක් නොමැති බවත් එහි තිබුනේ මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබන රැඳවියන් සඳහා ලබාදීමට ගබඩා කර තිබු ඖෂධ වන බවත් බන්ධානාගාර කොමසාරිස් පවසා සිටියි. මෙම ඖෂධ මඟින් කලහාකරී හැසිරීම් තත්වයක් ඇති නොවන බව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද පවසා සිටිනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියට මුල්වූ කරුණු පිලිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මහර බන්ධනාගාරයේ සිරකරවන් ප්‍රචණ්ඩකාරී වුනේ එහි වෛද්‍යවරයා විසින් ලබාදුන් මත්පෙති නිසා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading